ලෝක කුසලාන ඉතිහාසය 9 -දකුණු අර්ධද්වීපයේ ගිණි සිළුව (2003)

184

අමතර තරග නිසාවෙන් වෙන් කල දින ඉවත් කිරිමට සිදු වූ අතර මෙය නිස පකිස්ථනය හා කොදෙව්වන් තරගාවලියෙන් ඉවත් විය.”PCF” තරග ක්‍රමය පෙර ලෝක කුසලානයේ මෙන්ම මෙවරත් භාවිතා කල අතර මෙය තර්කානුකූල නොවු බව වැටහුනෙ කෙන්යාවේ හා සිම්බාබ්වේ හිදි පැවැති තරග දේශපාලන හේතු නිසා අනෙක් රටවල් වර්ජනය කිරිම නිසාය. වැරැදි ලෙස ගණන් කිරිම නිසා දකුණු අප්‍රිකාවටද තරගාවලියෙන් ඉවත් විමට සිදු විය. ලෝකශූර දගපන්දු යවන්නෙකු වන ෂේන් වොර්න්ද තහනම් උත්තේජයක  භාවිතය නිසා තරගාවලියෙන් ඉවත් කෙරිණි.

නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පෙළ ගැස්ම නැවැත්විමට කිසිදු කණ්ඩායමකට නොහැක් විය. ලෙඔක කුසලානය ජය ගැනිමට සුදුස්සන් ඔවුන් බව සියලු දෙනාගේ මතය විය. මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ෂෙන් වොර්න් වැනි දග පන්දු යවන්නෙකු නැති විම විශාල පාඩුවක් වුවද, ඔවුන්ගේ ගමන නැවැත්විමට හැකි සමතෙක් එවකට නොසිටියේය. ඔවුන් සියලු කණ්ඩායම් පරඩා කුසලානය තමන් සතුකරගත් අතර මෙවැනි දස්කමක් පෑ එකම රට කොදෙව්වන් විය.

සත්කාරක දකුණු අප්‍රිකානුවන්, කොදෙව්වන් සමගින් පෙබරවාරි 9වන දින කේප් ටවුන් හිදි ආරම්භක තරගයට එක් විය. මෙම තරගය අවසන් වුයේ කොදෙව්වන් හට ලකුණු 3ක ජයක් අත්පත් කර දෙමින්ය. අසාර්ථක ආරම්භයකින් පසුව බ්‍රයන් ලාරා තම පිල ලකුණු 67ක සිට ලකුණු 278කට රැගෙන ගියෙය. කොදෙව් ඉනිමෙ මැද භාගයේදි ඔවුන් ලකුනු 67ක් ලබ්බ සිටියෙ කඩුළු 2ක් අහිමි කරගෙනය. නමුත් ලාරා ශතකයක් රැස් කරමින් කොදෙව් පිල ගොඩගත්තෙය. රිcඅඩො පවෙල් හා සර්වාන් අවසාන ඕවර 10 තුල ලකුණු 110ක් තම පිලට එක් කලේය. තරගයේ දෙවන ඉනිම, නතහොත් දකුණු අප්‍රිකානු ඉනිමේදි කර්ස්ටන් ලකුණු 69ක් ලබා ගෙන සාර්තක ආරම්භයක් ලබා දුන්නෙය. නමුත් මැද පෙල පිති කරුවන් ලකුණු රැස් කිරිමට අපොහොසත් විම නිස ක්ලසෙනර් පිටියට පිවිස හයේ පහරවල් 5ක් සමගින් පන්දු 48කදි ලකුණු 57ක් රැස් කලේය. අවසන් ඕවරයේ ඔහුගෙ දැවි යාමත් සමගින් දකුණු අප්‍රිකානු සිහින බිදවැටි ගියෙය. කොදෙව්වන් ලකුණු 3කින් තරගය ජයගත්තේය. 

 

සයිමන්ඩ්ස්ගේ ආරම්භක සංදර්ශනය….

ඕස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර පළමු තරගය ජොහැනස්බර්ග් හිදි පැවැත්වු අතර මෙය 1999 ලෝක කුසලාන අවසන් තරගය නැවතත් සිදු වෙන්නක් මෙන් සියල්ලන් හට දැනිණ. ඕස්ට්‍රේලියාවට ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට පකිස්ථානය ආරාධනා කලේය. වසීම් අක්‍රම්, ශොහායිබ් අක්තාර් හා වාකාර් යුනිස් එක්ව ඕස්ට්‍රේලියානු පළමු පෙල පිතිකරුවන් පිටියෙන් ඉවත් කලේ ඔවුන්ගෙ කඩුළු 4ක් ලකුණු 86ක්ට ලබා ගනිමින්ය. ලේමන් හට පිටියෙන් ඉවත් විමට සිදු වු අතර බෙවන්ටද මෙම ඉරණම හිමිවුයේ ඔහු ආබාධයකට ලක් වූ නිසාය. ඇන්ඩෲ සයිමන්ඩ්ස් හට සියළු බර කරට ගැනිමට සිදු වු අතර ඔහු, වාකාර් යුනිස් සමග දැඩි උණුසුම් වචන හුවමාරුවක පැටලිණි. නමුත් අවසානයේ පන්දු 125කින් ලකුණු 143ක් රැස් කල සයිමන්ඩ්ස් තම පිල ලකුණු 310ක් දක්වා රැගෙන ගියේය. පකිස්ථානයට ලබා ගත හැකි වුයේ ලකුණු 228ක් පමණි. පකිස්ථානු කඩුළු 7ක් දවා ගැනිමට ඉයන් හර්වි හා බ්‍රෑඩ් හොග් සමත් විය. ලකුණු 82ක මෙම දැවැන්ත ජය, අනෙක් සියළු කණ්ඩායම් බිය ගැන්විය.   

 

ශ්‍රි ලංකා වේග පන්දු බළඇණිය ක්‍රියාත්මක වෙයි…..!!!

පළමු ඕවරයෙදිම තරගයක ජය තහවුරු වී ඇත්නම්, ඒ සදහා කදිම උදාහරණයක් වන්නේ ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය  අතර පැවැති තරගයයි. කාසියේ වාසියෙන් පසු ජයසුරිය පන්දු යැවිමට තීරණය කලේය. චමින්ද වාස් පළමු ඕවරය තුල පන්දු යැවිය. ඔහුගෙ පලමු පන්දුවෙදි හනාන් සාර්කර්ද, දෙවන පන්දුවෙදි අශ්‍රාෆුල්ද, තෙවන පන්දුවෙදි ඒසානුල් හක්වද දවා ගැනිමට වාස් සමත් විය. ගුවන් යානයක් මෙන් පිටියේ දුවමින් ඔහුගෙ සතුට ප්‍රකාෂ කලේය. එපමණක් නොව පළමු ඕවරයේ 5වන පන්දුවේදි සන්වර් හොසේන් පිටියෙන් ඉවත් කිරිමට වාස් සමත් වුයෙ ලකුණු 5කට කඩුළු 4ක් දවා ගනිමින්ය. පළමු ඕවරයෙ පළමු පන්දු 3දි හැට්-රික් එකක් ලබාගත් පළමු සහ මෙතෙක් සිටින එකම ක්‍රීඩකයා බවට වාස් පත් විය. බංග්ලාදේශය ලබාගත්තේ ලකුණු 124ක් පමණි. වාස් තරගයෙදි ලකුණු 25කට කඩුළු 6ක් දව ගැනිමට සමත් විය. 

බංග්ලාදේශය හට නොසිතු ලෙස කැනඩාවටද පරාජය වීමට සිදු විය. මෙය කැනඩාවේ ප්‍රථම ලෝක කුසලාන තරග ජය විය. මෙම ජයෙන් පසු ලංකාවද පරාජය කිරිමට කැනඩාවට අවශ්‍ය වී තිබිණි. නමුත් කැනෙඩියානු කඩුළු එකින් එක බිද වැටි  අවසානයේ එක්දින තරග ඉතිහාසයේ අඩුම ලකුණු ලබා ගත් කන්ඩායම බවට පත්විමට කැනඩාවට සිදු වුයේ ලකුණු 36කට සියල්ලන් දැවි යාම නිසාය. ප්‍රභාත් නිස්සංක, දිල්හාර ප්‍රනාන්දු හා චමින්ද වාස් එක්ව කඩුළු 9ක් ලබාගත්තේය. මෙම තරගය පැවැත්වුයේ පැය 2ක් පමණි. පන්දු 28කදි තම ජය තවුරු කරගැනිමට ශ්‍රි ලංකා පිතිකරුවන් සමත් විය. මෙය වේගවත්ම ලෝක කුසලාන තරග ජය විය.  

 

කෙන්යානුවන් ලංකාවට එරෙහිව ජයක් ලබයි…..

පෙබරවාරි 24 වන දින නයිරොබි හිදි ශ්‍රි ලංකාව හා කෙන්යාව අතර තරගයෙන් ලකුණු 53ක ජයක් ලැබිමට  කෙන්යානුවන් සමත් විය. මිට පෙරද 1996දි කෙන්යානු පිල කොදෙව්වන් පරාජය කිරිමට සමත් විය. කෙනෙඩි ඔටියානො ලකුණු 60ක් ලබා ගත් අතර කෙන්යානු පිල ලකුණු 210ක ඉලක්කයක් ලංකාවට ලබා දුන්නෙය. මෙය ලංකාවට පහසු ඉලක්කයක් වුවද කොලින්ස් ඔබුයා තම දග පන්දුවෙන් සියල්ල වෙනස් කලේය. ඔහු කඩුළු 5ක් දවා ගත්තේ ලාංකික පිතිකරුවන් අන්ධ මන්ධ කරමින්ය. අරවින්ද ද සිල්වා ලකුණු 41 ලබා ගත්තද ජය තහවුරු කිරිමට කෙන්යානුවන් සමත් විය. මෙම ජය ලැබිමට ඔවුන් සමත් වුයේ ඔවුන්ගේ රටෙහිම විම ඉතා වැදගත් සිදුවිමකි. 

 

තරුණ අෂිශ් නේහෙරා එංගලන්තයට තර්ජනයක් වෙයි….. 

ඩර්බන් හිදි එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති තරගයෙදි ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඕවර 11කදි ලකුණු 75ක් රැස් කිරිමට ඔවුන් සමත් විය. ෆ්ලින්ටොෆ් තෙන්ඩුල්කාර්ව ලකුණු 50කට පිටියෙන් ඉවත් කලේය. රාහුල් ඩ්‍රාවිඩ් හා යුවරාජ් සින්ග් ලකුණු 62ක් තම පිලට රැස් කලද පන්දු 4කදි කඩුළු 4ක් බිද වැටිම නිසා ඉන්දියාව රැස් කලේ ලකුණු 250ක් පමණියි. එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙපල පිටියෙන් ඉවත් කිරිමට ඉන්දියාවට හැකි විය. ඒ මොහොතෙදි ඔවුන්ගෙ ලකුණු සටහන 18/2 ලෙස තිබිණි. නේහෙරා තම දස්කම් පෙන්විමට ආරම්භ කල අතර ඔහු හුසෙයින්ව හා ස්ටුවර්ට්ව දවා ගත්තේය. ෆ්ලින්ටොෆ් ලකුණු 64ක් රැස් කලද නේහෙරා එවන විටත් දැඩි හානියක් සිදු කර තිබිණි. 23 හැවිරිදි නේහෙරා ලකුණු 23කට කඩුළු 6ක් තමන් සතු කර ගත්තේය. අවසානයේ එංගලන්තයට හැකි වුයේ ලකුණු 168ක් පමණක් ලබා ගැනිමටය.

 

දකුණු අප්‍රිකාව නැවතත් ලෝක කුසලාන තරගාවලියේ ඉවතට….

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ඩර්බන් හිදි පැවැත්විණි. මාවන් අතපත්තුගෙ විශිෂ්ට ලකුණු 124ත් සමගින් ශ්‍රි ලංකාව ලකුණු 268ක් රැස් කලෙ කඩුළු 9ක් අහිමි කරගනිමින්ය. මෙම ඉලක්කය හඹායාමෙදි දකුණු අප්‍රිකානු 44වන ඕවරයේදි පිතිකරණයෙ නියැළෙමින් සිටි ක්‍රීඩකයින් දෙපලට පණිවිඩයක් ලැබුනේ වර්ෂාව කෙමින් කෙමින් ඇද හැළිමත් නිසාය. ජය ගැනිමට ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතෙ ලකුණු 229ක් අවශ්‍යව තිබිණි. මුරලිගේ පන්දුවකට හයේ පහරක් එල්ල කිරිමත් සමගම දකුණු අප්‍රිකාණුවන් ලකුණු 229ක් රැස් කල අතර විනිසුරුවරුන් තරගය අවසන් කලේය. නමුත් අවසානයෙදි තරග දත්ත වැරදි ලෙස ගණනය කිරිම නිසා ලකුණු 229 ඉලක්කය ලැබුණු බවත් නිවැරදි ඉලක්කය 230ක් නිසත් තරගය ජය පරජයෙන් තොරව අවසන් විය. ජයගැනිමට අවශ්‍යව තිබු නිවැරදි ඉලක්කය 230ක් වු අතර තරගය සම කිරිමට 229ක් අවශ්‍යව තිබිණි. මෙම හේතුව නිසා මෙය ජය පරජයෙන් තොර තරගයක් විය. මෙම තරගයෙන් පසු දකුණු අප්‍රිකානු පිලට තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය. ඒ ඔවුන් එක් තරගයක් පරාජය වී තවත් තරගයක් සම විම නිසාත්ය. පෝලොක්ගේ නායකත්වයද මෙයින් අවසන් විය.  ඕස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාව “ඒ” කාණ්ඩයේ හා “බි” කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියෙය.   

 

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අවසන් තරගයට….. 

ඕස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාව පොර්ට් එලිසබෙත් හිදි පළමු අවසන් පුර්ව තරගයට මුහුණ දුන්නේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් අසීරූවෙන් ලකුණු 212ක් ලබා ගත්තේය. ඇන්ඩෲ සයිමන්ඩ්ස් ලකුණු 91ක් එක් කලේය. නමුත් තරගයේ වඩාත් සිත් ගත් මොහොතක් වුයේ විනිසුරු තීරණය ලබාදීමට පෙර ගිල්ක්‍රිස්ට් තම මහත්මා ගතිගුණ පෙන්වමින් පිටියෙන් ඉවත් විමය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පැමිණි ශ්‍රි ලංකා පිතිකරුවන්ගෙන් පළමුවෙන් අතපත්තු ඉවත් කිරිමට බ්‍රෙට් ලී සමත් වුනේ 99.4  පැ.සැ වේගයකින් පන්දු යවමින්ය. ජයසුරිය හා අරවින්ද හටද පිටියෙන් ඉවත් වීමට සිදු විය. වර්ෂාව හෙතුවෙන් ඉලක්කය 172ක් බවට පත්වුවද ලංකාවට ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමණියි.  

කෙන්යානු සුරංගනා කතාව ඉන්දියාව හමුවේ අවසන් පුර්ව තරගයේදි අවසන් විය. ඉන්දියාව ලකුණු 270ක් රැස් කලේය. ගන්ගුලි ලකුණු 111ක් රැස් කල අතර තෙන්ඩුල්කර් ලකුණු 83ක් රැස් කලේය. කෙන්යානු පිතිකරු ලැයිස්තුව වැනසීමට සහීර් කාන් හා නේහෙර සමත් විය. නමුත් ටිකොලො ලකුණු 56ක් රැස් කරමින් තම පිලට ලකුණු 179ක් ලබා දුන්නෙය. මේ සමගින් ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ටෙස්ට් තරග ක්‍රිඩා නොකොරන රටක් අවසන් පුර්ව තරගයකට පැමිනි පළමු අවස්ථාව මෙය විය.

23වන මාර්තු දින වොන්ඩරර්ස් පිටියෙදි අවසන් තරගය පැවැත්විණ. මෙම තරගය ඕස්ට්‍රේලියාවේ 5වන අවසන් තරගය වූ අතර මිට පෙර දෙපිළම ලෝක කුසළානය දෙවරක් ජයගෙන තිබිණි. නායක ගන්ගුලි පළමුවෙන් පන්දු රැකිමට තීරණය කලේය. පළමු ඕවර 14තුල ගිල්ක්‍රිස්ට් හා හේඩ්න් ලකුණු 105ක් රැස් කලෙය. ගිල්ක්‍රිස්ට් ලකුණු 57කට දැවි ගියේය. පොන්ටින් හා ඩෙමියන් මර්ටින් එක්ව ලකුණු 234ක සම්බන්ධතාවයක් ගොඩනැගිය. ඩෙමියන් ඉක්මනින් ලකුණු රැස් කලද පොන්ටින් තම අර්ධ ශතකය සදහා පන්දු 74ක් වැය කලේය. ලකුණු 234ක සම්බන්ධතාවයේ පලමු ශතකය රැස් කිරිමට පිතිකරු දෙපළ පන්දු 109ක් වැය කල අතර අනෙක් ශතකය රැස් කිරිමට වැය කලේ පන්දු 64ක් පමණි. පොන්ටින් පන්දු 121කදි ලකුණු 140ක් රැස් කල අතර ඩෙමියන් පන්දු 84කදි ලකුණු 88ක් රැස් කලේය. ඉන්දියානුවන් අතිරෙක පන්දු තුලින් ලකුණු 37ක් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දුන්නේය. අවසානයේ ඕස්ට්‍රේලියානුවන් කඩුළු 2ක් පමනක් දැවි ලකුණු 359ක් ලබා ගත්තේ එය ලෝක කුසලාන අවසන් තරගයක රැස් කල වැඩිම ලකුණු ගණන බවට පත් කරමින්ය.

 

ඕස්ට්‍රේලියානුවන් 11ක්, ඉන්දියානුවන් බිලියනයක් හඩවයි….

ඉන්දියානු ඉනිමේදි ඉන්දිය සුපිරි පිතිකරු තෙන්ඩුලකර් පළමු ඕවරයේදිම දවා ගැනිමට මැක්ග්‍රාත් සමත් විය. ශේවාග් ලකුණු 82ක්ද ඩ්‍රාවිඩ් ලකුණු 47ක් ලබා ගත්තේය. ඉන්දියාවට ලබාගත හැකි වුයේ ලකුණු 234ක් පමණියි. ලකුණු 125ක දැවැන්ත ජයක් ලැබු ඕස්ට්‍රෙලියානුවන් නැවතත් ලෝක ශූරයින් ලෙස කිරුළු පැලදුවේය. මෙම ලෝක කුසලානයේදි මහත්වරුන්ගෙ ක්‍රීඩාවේ ඕස්ට්‍රේලියානුවන්ගේ ආධිපත්‍ය ලොවට හොදින් පිළිබිඹු විය.