කනිෂ්ඨ ක්‍රීඩකයින් අටක් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ සටනක

444
Athletics

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩකයින් අටදෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තායිලන්තයේ පැවැත්වෙන ආසියානු තේරීම් තරගාවලිය සඳහා තෝරා ගෙන ඇති අතර එම තරගාවලිය ජූලි මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයින් ඔක්තෝබර් 6 සිට 14 දක්වා ආර්ජෙන්ටිනාවේ බුවනොර්ස් අයර්ස් හි පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබනු ඇති.

සුජානි දෙවැනි වරටත් ශූරතාවය දිනා ගනී

44 ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ඊයේ (13) කුරුණෑගල හා පාදෙණිය කේන්ද්‍ර කර ග

වයස අවුරුදු 18ට අඩු ක්‍රීඩකයින්ට යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී විය හැකි අතර ආසියාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 32ක් හා ක්‍රීඩකයින් 57කගෙන් සැදුම්ලත් 89 දෙනෙකුගේ සංචිතයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩකයින් පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වූ අතර ඉන් පසුව පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ද සැලකිය යුතු මට්ටමේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය. ආසියානු තේරීම් තරගවලට යන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයින් සිව්දෙනෙක් හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුගෙන් සමන්විත වනු ඇත.  

ආසියානු ශූරතාවලියට උස හා දුර පැනීමෙන් දොර විවර වන ලකුණු

2018 වර්ෂයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා වන ජාතික

රාජකීය විද්‍යාලයේ උසපනින ක්‍රීඩක සෙනිරු අමරසිංහ සංචිතයට එක්වන එකම පිටියේ ක්‍රීඩකයා වන අතර ආසියානු ශ්‍රේණිගත කිරීම් වල තෙවන ස්ථානයේ පසුවන ඔහු නිමා වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර 2.00 උස ඉක්මවා යාමට සමත් විය. ආසියාවෙන් උසපනින ක්‍රීඩකයින් හතර දෙනෙකු ආජන්ටිනාවට යාමට නියමිත බැවින් යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා සෙනිරු සිය උපරිම උත්සාහය යොදනු ඇත.  

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දිලාන් බෝගොඩ මේ වන විට ආසියාවේ හොඳම මීටර 400 ධාවකයා වන අතර තත්පර 48.55ක කාලයක් වාර්තා කරමින් නිමා වූ ජාතික කනිෂ්ඨ ශූරතාවලියේ දී නව තරග වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් විය. බෝගොඩ දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ 4X400 සහය දිවීමේ ඉසව්වේ අමතර ක්‍රීඩකයා ලෙස නම්කරනු ලැබුණ ද ඔහුට එහි දී තරග කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.   

අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 200 ඉසව්වේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශාලික සංතුෂ් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තායිලන්තය බලා පිටත්ව යනු ඇත. කෙසේ වුවත් මේ වසරේ දී ආබාධයක් හේතුවෙන් සංතුෂ් හට ක්‍රීඩා කිරීමට නොලැබුණු අතර ආසියාවේ දෙවන තැන දිනා සිටින ඔහු සිය තත්පර 21.71ක, හොඳම දක්ෂතාව තවත් ඉහළ දමා ගැනීමට තායිලන්තයේ දී මාන බලනු ඇත. ආසියානු ශ්‍රේණිගත කිරීම් වල 20 වන ස්ථානයේ සිටින සාන්ත පීතර විදුහලේ දෙනෙත් සේනානායක ද මීටර 200 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර සිය තත්පර 22.09ක වාර්තාව තවත් ඉහළ දමා ගනිමින් ඔලිම්පික් වරම් දිනීම ඔහුගේ අරමුණ වනු ඇත.     

ජාතික කනිෂ්ඨ ශූරතාවලියේ දී වසර 32ක් පැරණි වාර්තාවක් තමන් සතු කර ගත් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශේලින්ඩා ජැන්සන් මීටර 200 ඉසව්වෙන් තායිලන්තයේ තරග වදිනු ඇත. තත්පර 24.98කින් ඉසව්ව නිමා කරමින් ආසියාවේ සිව්වැනි ස්ථානය දිනා සිටින ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින එකම බාලිකා කෙටිදුර ධාවන ක්‍රීඩිකාවයි. ආසියාවෙන් තෝරා ගන්නේ මීටර 200 ක්‍රීඩිකාවන් හතරක් පමණක් බැවින් ඇයට ද ආර්ජෙන්ටිනා වරම් දිනා ගැනීමට ඉතා හොඳ තරගයක් ලබා දීමට සිදු වනු ඇත.

මීටර 1500 ධාවන ඉසව්ව සඳහා වලල ඒ. රත්නයක මහා විද්‍යාලයේ සමුදිකා හේරත් තායිලන්තය බලා යන සංචිතයට ඇතුලත්ව ඇති අතර ආසියාවේ පස්වැනි ස්ථානයට හිමිකම් කියන ඇය නිමාවූ දකුණු ආසියානු තරගාවලියේ දී 4:36.71ක විශිෂ්ට කාලයක් වාර්තා කිරීමට සමත් විය. ආසියාවෙන් මේ ඉසව්වෙන්  යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන්නේ ක්‍රීඩිකාවන් තුනක් පමණක් බැවින් ඇයට ද තායිලන්තයේ දී සිය උපරිම උත්සාහය යෙදීමට සිදු වනු ඇත.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ධාවන පථයට පැමිණි මීටර 2000 ධාවන ශූරියන් දෙදෙනා වන අශ්මිකා  හේරත් හා පාරමී වසන්ති ද ආසියානු තේරීම් තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර අශ්මිකා තබා තිබූ වාර්තාව ජාතික කනිෂ්ඨ ශූරතාවේ දී බිඳ හෙලන්නට පාරමී සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාරමීට දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවේ මීටර 3000 ඉසව්වට වරම් ලැබුණු අතර පාරමීට වඩා පරිණත අශ්මිකා පසුගිය වසරේ දී යොවුන් ආසියානු ක්‍රීඩා ශූරතාවලිය ද නියෝජනය කිරීමට සමත් විය.   

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<