ත්‍රිත්ව – තෝමස් ගැටුම මෙවරත් ජය පරාජයෙන් තොරයි

203
Lions huff and puff but couldn’t blow the Thomians down

මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවති 7 වන වාර්ෂික පාපන්දු තරගය පසුගිය දා කොළඹ CR&FC ක්‍රීඩා පිටියේදී නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි. තරගයේ ශූරතා පලිහ සාන්ත තෝමස් විදුහලට හිමිවිය.

පසුගිය ලිපි: රාජකීයයන් සහ පීතරයන් ආරක්ෂිත රටාවකින් ගෝල උදුරාගනියි

ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ පලමු අර්ධයේ සිටම තියුණු අභියෝගයක් එල්ල කල අතර ත්‍රිත්ව නායක දිනුර එදිරිවීර සහ තාරික ලියනගේ සිය කණ්ඩායමේ අනුක බෝයගොඩ සහ රවිශ්ක හෙරත් සමඟ එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ගත් උත්සහය වීශේෂයෙන් කැපී පෙනුනි.

ආක්‍රමනශීලී ක්‍රීඩා රටාව තරගය වෙනත් මගකට ගෙන යාමට සමත් වූයේ සාන්ත තෝමස් කණ්ඩායමේ මෑදපෙල ක්‍රීඩකයන්ගේ තිබූ දක්ශතාවය නිසාමය.

තාරික ලියනගේට ඉතාමත් පහසුවෙන් ගෝලයක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් මඟ හැරී ගියේ එම පන්දුව දෑල් ආවරණයේ ඉහල පෙදෙසේ වැදී ත්‍රිත්වයින්ගේ ග්‍රහණයෙන් මිදී ගිය නිසාවෙනි.

තරගයේ පලමු අර්ධයේ දී ත්‍රිත්ව ක්‍රීඩක අනුක බෝයගොඩ විසින් එල්ල කල පහරද ඉතාමත් අවාසනාවන්ත ලෙස දැල් ආවරනයේ වැදී ඉවතට විසි වු අතර තරගයේ පලමු මිනිත්තු 30 ඉතාමත් ආක්‍රමනශීලී ක්‍රීඩා රටාවකින් ක්‍රීඩා කීරීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් දැඩි උත්සහයක් දැරීය.  

කෙසේ වෙතත් තරගයේ පලමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කර ගැනීමට තිබු අවස්ථාවන් මග හැරී ගිය අතර පලමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම දෙවන වටය ඉතාමත් තීරණාත්මක බව පසක් කරමිනි.

ප්‍රථම අර්ධය: සාන්ත තෝමස් විදුහල 0 : 0 ත්‍රිත්ව විදුහල

තරගයේ දෙවන අර්ධය ආරම්භ කරනවාත් සමඟම ත්‍රිත්ව කණ්ඩායමේ බෝයගොඩ සහ ලියනගේ සාන්ත තෝමස් විදුහලේ මැද පෙල අභිබවා සාර්ථක ලෙස ඉදිරියට ගමන් කීරීමට අඩිතාලම සකස් කර ගත් අතර, දෙවන අර්ධය අවසානයට පැමිනෙන අතරතුර කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට සුළු ආබාධ වලට මුහුණ දීමටද සිදු විය.

මෙම තරගයේදී සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කල 15 හැවිරිදි යොවුන් ක්‍රීඩක ශෙනාල් ද අල්විස්, තම වයසට වඩා මුහුකුරා ගිය පරිනත ක්‍රීඩකය‍ෙකුගේ ක්‍රීඩා විලාශයක් පෙන්වීමට සමත් වුයේ ත්‍රිත්ව කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දැඩි තර්ජනයක් එල්ල කරමිනි.

 Photos: S.Thomas’ College v Trinity College – 7th Annual Football Encounter 

තම හිසෙහි ආබාධයක් ඇතිව තරග කල තාරික ලියනගේ තම කණ්ඩායමට කෙසේ හෝ ජයග්‍රහණයක් ලබා දිය යුතුයි යන අදිටනින් ක්‍රීඩා කලද ඔහුටද එය පහසු ඉලක්කයක් නොවීය.

කෙසේ නමුත් තරගයේ දෙවන වටයේදීත් කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට නොහැකි වූ බැවින් මෙවර ශූරතා පලිහ තම විදුහල තුලම තබා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් විය.

අවසන් ලකුණ: සාන්ත තෝමස් විදුහල 0 : 0 ත්‍රිත්ව විදුහල

ThePapare.com තරගයේ වීරයා – තරික ලියනගේ

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක් වු සාන්ත තෝමස් විදුහලේ පුහුණුකරු ආර්. එම්. යු. මහින්දපාල මහතා පැවසුවේ මෙම තරගය පිළිබඳව තමා සතුටු වන බවත් ත්‍රිත්ව ක්‍රීඩකයින් තම කණ්ඩායමට විශාල අභියෝගයක් එල්ල කල බවත්ය.

එමෙන්ම ත්‍රිත්ව විදුහලේ පුහුණුකරු තම කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කරා යාමට තිබූ අවස්ථා ගිලිහී ගියේ ඉතාමත් අවාසනාවන්ත අයුරින් බවත් තරගය පුරාවට සැලසුම් කල සියල්ල ගිලිහී ගියේ නොසිතු ලෙස යැයි ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට