71 වැනි මිස්ටර් ශ්‍රී ලංකා කිරුළට සියල්ල සූදානම්

171

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් 71 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘මිස්ටර් ශ්‍රී ලංකා 2018’ තරගාවලිය එළඹෙන සෙනසුරාදා (21) හොරණ ශ්‍රීපාලි මණ්ඩප ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී ප.ව. 4.00ට ආරම්භ කිරීමට නියමිතයි.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය …

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා විසිරී සිටින ප්‍රවීණ සහ ආධුනික තරගකරුවන් 200කගේ පමණ සහභාගිත්වය අපේක්ෂා කරන අතර සියලුම තරගකරුවන් බර පන්ති 10ක් යටතේ සිය දක්ෂතාවන් පෙන්වීමට සූදානමින් සිටියි.

බර පන්ති – වයස අවු.21න් පහළ (විවෘත), කි.ග්‍රෑ. 55, කි.ග්‍රෑ 60, කි.ග්‍රෑ 65, කි.ග්‍රෑ 70, කි.ග්‍රෑ 75, කි.ග්‍රෑ 80, කි.ග්‍රෑ 85, කි.ග්‍රෑ 90, කි.ග්‍රෑ 90ට වැඩි

තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන ක්‍රීඩකයා සඳහා මුදලින් රු.200,000 ද, දෙවන ස්ථානය සඳහා රු.150,000 ද, තෙවැනි ස්ථානය සඳහා රු.100,000ක් ද වශයෙන් පිරිනැමීමට සංවිධායක කමිටුව කටයුතු සම්පාදනය කර ඇත.

තවද ‘මිස්ටර් ශ්‍රී ලංකා’ තරගාවලිය හා සමගාමීව ජාතික කනිෂ්ඨ කායවර්ධන ශූරතාවලිය ද පැවැත්වීමට සැලසුම්කර තිබේ.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය …

තරගාවලිය සඳහා ලියාපදිංචි වීම් තරගාවලිය පවත්වන දින එනම් 22 වැනිදා දක්වා සිදු කරන අතර ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ඉන්දික ප්‍රනාන්දු මහතා පහත දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත හැක. ඉන්දික ප්‍රනාන්දු – 0777047135

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<