ශ්‍රී ලංකා ක්‍රිකට් මහ සභාවේ දී කරුණු 3කට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 59 වැනි වාර්ෂික මහ සභා රැස්වීම

511

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 59 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අද (31) කොළඹ දී පැවැත්විය. එහි දී විශේෂ කරුණු කාරනා තුනක් සඳහා අති විශේෂ මහ සභාවේ අනුමැතිය හිමි විය.

රයිනා හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයට පත් ජයන්ත ධර්මදාස මහතාගේ පත්වීම සම්බන්ධව ක්‍රීඩා සමාජවල සාමාජිකයින් සිය අනුමැතිය ලබා දී තිබෙන අතර සාමාජිකයින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව උපසභාපති තනතුරට පත් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ පත්වීම පිළිබඳ වූ ව්‍යවස්ථාමය පටිපාටිය ඒ සමඟම අවසන් වනු ඇත.

එසේම මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල ලකුණු සටහන් කිරීමේ කටයුතු සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිළිගනු ලැබූ ලකුණු සටහන්කරුවන් විසින්මය යන්න වෙනුවෙන් වූ යොමු කරන යෝජනාවට අදාළ වූ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට ද අද අවසරය හිමි විය.

පාකිස්තාන‌ ‌වාර්තාගත‌ ‌ලකුණ‌ ‌එංගලන්තය‌ ‌පහසුවෙන්‌ ‌හඹා‌ ‌යයි

තවද වාර්ෂික සාමාජික ගාස්තුව ගෙවීම් පැහැර හැරීම නිසා තාවකාලිකව සාමාජිකත්වය අහෝසි කර තිබුණු ක්‍රීඩා සමාජ 4කට අද ඔවුන්ගේ සාමාජිකත්වය යළි පිරිනැමීමට ද අවසරය හිමි විය. 

සාමාජික ගාස්තුව ගෙවීමට නොහැකි වීම සම්බන්ධව එම සාමාජික ක්‍රීඩා සමාජ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන ලද සාධාරණ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් එම සාමාජිකත්වය නැවතත් ලබා දීමට අවසරය හිමිව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<