පතිරණ, ශිරාන් සහ තායිබු බදුරලිය බේරා ගනී

3616

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (18) මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති බදුරලිය සහ සැරසන් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තෙවැනි දිනය වන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 242ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා සිටිය හ.

මිලින්ද සිරිවර්ධනට පළමු පෙළ හොඳම ඉනිම අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) මග්ගොන සරේ විලේජ්

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සචිත් පතිරණ ය. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබා සිටියේ ය. තරගය නතර කරන විට අනෙක් අන්තයෙන් ශිරාන් රත්නායක පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියේ ය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට එක් වූ නොදැවුණ ලකුණු සබඳතාව 106කි.  

එම ඉනිම වෙනුවෙන් සිම්බාබ්වේ ක්‍රීඩක ටටෙන්ඩා තායිබු  ද පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී චාමිකර එදිරිසිංහ ලකුණු 84කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කාසියේ වාසිය දිනා සැරසන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 428ක් ලබා ගෙන සිටිය දී ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 186ක් පමණි.

ලහිරු කුමාරට නැවතත් වැඩ වැරදි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී

එම ඉනිම වෙනුවෙන් ඉන්දීය ජාතික සුබ්‍රමනියන් ආනන්ද් පන්දු 110කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් එක් කළ ලකුණු 58 ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. කඩුලු ලබා ගැනීමේ දී ගමිඳු කනිශ්ක ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 428 (147.1) ඇන්ඩි සොලමන්ස් 36, මිලින්ද සිරිවර්ධන 175, ගමිඳු කනිෂ්ක 29, අශේන් බණ්ඩාර 33, සාලිය සමන් 27, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 52,  චාමිකර එදිරිසිංහ නොදැවී 53, බුද්ධික සංජීව 3/97, සචිත් පතිරණ 120/3, අලංකාර අසංක 2/97

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා ම දැවී 186 (33) සලිඳු උෂාන් නොදැවී 32, ශිරාන් රත්නායක 24, නදීර නාවල 21, සුබ්‍රමනියම් ආනන්ද් 58, සචිත් පතිරණ 24, මධුර ලක්මාල්  2/44, සචිත්‍ර පෙරේරා 2/31, ගමිඳු කනිශ්ක 4/16

බදුරලිය ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 215 (48) ටටෙන්ඩා තායිබු 57, ශිරාන් රත්නායක නොදැවී 62, සචිත් පතිරණ නොදැවී 77, චාමිකර එදිරිසිංහ 4/84

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<