හිමාෂට සහ සුගන්ධිට රන් පදක්කම් මඟ හැරේ

422

54 වන වරට පැවැත්වෙන ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. දින 03ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජවන හා පිටිය ඉසව්වල දී තරග බිමට පිවිසෙනු ඇත.

LSR කොළඹ මැරතන් තරගාවලියේ ධාවන මාර්ගයේ වෙනසක්

17 වන වරට පැවැත්වෙන කොළඹ LSR මැරතන් තරගාවලිය ඔක්තෝබර් මස 08 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට (BMICH)…

ශ්‍රී ලංකාව තුළ ජාතික මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකා යුද හමුදාව හරහා පැමිණෙන අතර ඒ අනුව මෙම තරගාවලියේ දී ජාතික තලයේ සිටින ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසෙනු දැකගත හැකි වනු ඇත. එමෙන්ම ඒ අතරින් බොහෝ දෙනෙකුට මෙම වසරේ දී පැවැත්වෙන අවසන් ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර එමනිසා මෙම තරගාවලියේ දී ඔවුන් සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව නොඅනුමානය.

තරගාවලියේ පළමු දිනයේ දී බිහි වූ පළමු තරගාවලි වාර්තාව බිහි වූයේ මීටර 400 කාන්තා කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ දී ය. එහි දී ඊ. කේ. මදුෂංකා විසින් මිනිත්තු 1:01.19ක කාලයක් වාර්තා කර ගනිමින් නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට සමත් විය. එමෙන්ම මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ දෙවැනි හා තෙවැනි ස්ථානවල පිළිවෙළින් තරගය නිමා කළ ජී. ඒ. එස්. දුලානි සහ එම්. ඩී. වික්‍රමසිංහ යන ක්‍රීඩිකාවන් දෙදෙනා ද පෙර පැවති තරගාවලි වාර්තාවට වඩා හොඳ කාලයක් වාර්තා කර ගනිමින් තරගය අවසන් කිරීමට සමත් වීමයි.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඉහළ දස්කම් අතර සිටින සම්පත් රණසිංහ විසින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී දිනයේ දෙවන නව තරගාවලි වාර්තාව පිහිටුවීමට සමත් විය. එහි දී ඔහු මීටර 78.70ක දක්ෂතාවයක් දක්වමින් නව තරගාවලි වාර්තාව පිහිටුවනු ලැබීය. මෙහිදී මෙම වසර මුල භාගයේ දී පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වරුණ ලක්ෂාන්ට මෙහි දී දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඔහු දැක්වූ දක්‍ෂතාවය මීටර 76.52ක් ලෙස සටහන් විය. කෙසේ නමුත් පුහුණුවීම් අතරතුර දී ඇතිවූ බෙල්ලේ ආබාධයක් හේතුවෙන් ඔහු සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මෙම ඉසව්වේ තෙවන ස්ථානය මීටර 69.48ක දක්‍ෂතාවයක් දැක්වූ එස්. රණසිංහ විසින් දිනා ගන්නා ලදි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු තැන බස්නාහිරට සහ දකුණට

දින තුනක් පුරාවට මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද (24) නිමාවට පත්වූ අතර තරගාවලියේ දී පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් 33ක් යටතේ තරග වදින ලදි.

පසුගිය දා අවසන් වූ ජාතික ක්‍රීඩා උළෙලේ දී හොඳම මලල ක්‍රීඩකයා හට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අමිල විමලසිරි විසින් පිරිමි දුර පැනීමේ ඉසව්වේ දී මීටර 8.13ක දක්ෂතාවයක් දක්වමින් දිනයේ තෙවන තරගාවලි වාර්තාව පිහිටුවීමට සමත් විය. එමෙන්ම ඔහු දැක්වූ එම දක්‍ෂතාවය නව යුද හමුදා මලල ක්‍රීඩා වාර්තාවක් ලෙස ද සටහන් විය. එහි දී දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් එච්. ජී. සම්පත් සහ එල්. ජී. ධනංජය විසින් දිනා ගන්නා ලදි.

දිනයේ අවසන් තරගාවලි වාර්තාව මීටර 10000 ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් කේ. කේ. කේ. කුමාරි විසින් පිහිටුවනු ලැබීය. එම ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය වැය කළ කාලය මිනිත්තු 37.35.2කි. එස්. ඩී. ලියනගේ සහ එම්. එස්. සෙව්වන්දි එහි දී පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

දිනයට තරගකාරී නිමාවක් එක්කළ මීටර 200 අවසන් තරග

දිනයේ අවසන් තරග ඉසව් ලෙස පැවැත්වුණේ කාන්තා හා පිරිමි මීටර 200 අවසන් තරග ද්විත්වය යි. එහි කාන්තා අවසන් තරගයේ දී සත්ප්‍රයාම ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන වී. සුගන්ධි තරගයට ඉතා වේගවත් ආරම්භයක් ලබාගත්තත් එය තරගයේ අවසානය දක්වා පවත්වා ගන්නට ඇය සමත් වූයේ නැත. ඒ අනුව තරගයේ අවසන් මීටර කිහිපය තුළ දී ඇයව අභිබවා යමින් එස්. ෆර්ඩිනැන්ඩිස් විසින් එම ඉසව්වේ රන් පදක්කමත්, එස්. ජයසිංහ විසින් රිදී පදක්කමත් දිනා ගන්නට සමත් විය. ඒ අනුව සුගන්ධි හට තරගයේ තුන්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

පිරිමි මීටර 200 ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික තලය තුළ ඉහළ දක්‍ෂතා දක්වන හිමාෂ ඒශාන්, දිලීප් රුවන්, කාලිංග කුමාරගේ සහ රාජස් කාන් වැනි ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සහභාගී විය. තරගය ආරම්භයේ දී තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් හිමාෂ ඒශාන් පළමු මීටර 100 තුළ ඉදිරියෙන් සිටින්නට සමත් වුවත් පසුව ඔහුව අභිබවා යන්නට දිලීප් රුවන් සහ කාලිංග කුමාරගේ සමත් විය. ඒ අනුව මෙම තරග වාරය පුරාවට ඉහළ දස්කම් අතර සිටි රුවන් විසින් තත්පර 21.15ක කාලයක් වාර්තා කර ගනිමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමාත් වූ අතර රිදී පදක්කම කුමාරගේ විසින් දිනාගනු ලැබීය. හිමාෂ හට හිමිවූයේ තුන්වන ස්ථානය යි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට