ලෝක කුසලාන ඉතිහාසය 5- පකිස්තානු කණ්ඩායම වර්ණවත් ලෝක කුසලානය අමන්දානන්දයට පත් කරයි.

94
තරඟාවලිය මෙවර පැවැත්වූයේ දකුණු අර්ධද්වීපයේ ය. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හිමි වූ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය එය වර්ණවත් හා ඉතා විච්ත්‍රාකාරයෙන් පැවැත්විය.  එය දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවේ වර්ණභේදයෙන් පසු නැවත ක්‍රිකට් ලෝකයට පිවිසීම සළකුණු කලා පමණක් නොව, සුවිශේෂී වෙනස්කම් වන වර්ණවත් ඇඳුම්, ධාරාලෝක, සුදු පාට පන්ඳු නව පන්දු රැකීමේ සීමාවල් හා වැසි නියාමයද අලුතින් හඳුන්වා දෙනු ලැබීණි.  පන්දු රැකීමේ නව සීමා වලට අනුව පළමු ඕවර 15දී ක්‍රීඩකයන් දෙදෙනෙක් පිටත වෘත්තයේද ඉන් පසුව අවම ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුලත වෘත්තයේ සිට පන්දු රැකීම හඳුන්වා දෙනු ලැබුණි. මෙවර ආකෘතියද් වෙනස් කර තිබූ අතර කණ්ඩායම් 9 හට ක්‍රීඩා කිරීමට නියතු ක්‍රීඩාවාර වක්‍රාකාර ආකෘතියකට අනුකූලව සකස් කරනු ලැබීය. නවක සිම්බාබ්වේ කණ්ඩායමත් ඇතුළුව කණ්ඩායම් 9ක් අතුරින් මෙවර තරඟාවලියේ ජයග්‍රහකයා තේරීම සඳහා ස්ථාන 18ක තරඟ 39ක් පැවැත්වුණි. 
 
වර්ණවත් ලෝක කුසලාන තරඟාවලිය.
 
පෙබරවාරි 22වෙනිදා ඔක්ලන්ඩ් හි ඊඩන් පාක් ක්‍රීඩාංගනයේ පැවති සමාරම්ඹක තරඟය කිසිවෙකුත් නොසිතූ අයුරින් පසුගිය ලෝක ශූරයන් වන ඔස්ට්‍රේලියාව පරදා නවසීලන්තය ජයග්‍රහණය කලේය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සයදෙනෙකු දැවී ලකුණු 248ක් රැස් කර ගත්තේ මාර්ටීන් ක්‍රොව්ගේ ශතකයත් සමඟ ය. ඩේවිඩ් බූන්ගෙන් දැවන්ත උත්සාහයක් තිබියදීත් අනෙක් අයගෙන් මනා සහයෝගයක් නොලැබුනු හෙයින් ඔස්ට්‍රිලියානු පිළිතුරු ඉණිම සඳහා ලකුණු 37ක් මදි විය.
 
ලකුණු 300යේ සංග්‍රාමය.
 
පසු දින තරඟාවලියේ අවම ඇලුමක් හිමි කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම නිව් ප්ලිමොත් හිදී තරඟ කිරීමට හමු විය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කල අතර, ආරම්භයේ සිටම සිම්බාබ්වේ කණ්ඩායම ඉතා පැහැදිලි දැක්මකින් ලකුණු රැස් කිරීම ආරම්භ කලේ ය. ඇන්ඩි ෆ්ලවර් නොදැවී ලකුණු 115ක් රැස් කරගත් අතර ඇන්ඩි වොලර්ගේද සහයෝගය ඇතිව ඔවුන් සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව සිව් දෙනෙකු දැවී 312ක් දක්වා උසස් කර තැබීය.  ඔහුගේ හා වොලර්ගේ අඛණ්ඩ ලකුණු 145ක සබදතාව ඕවර 13ක් වැනි සුළු වේලාවකින් ඔවුන් එක් රැස් කර ගත්තේය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නිර්භීත පිළිතුරු ඉණිමක් ඔවුන් හට ලැබුණි. ආරම්භක පිතිකරුවන් වූ අතුල සමරසේකර හා රොශාන් මහනාම අතර සබදතාව ලකුණු 128ක් විය. සමරසේකර පන්දු වාර 61කින් ලකුණු 75ක් රැස් කරගත් අතර මහානාම ලකුණු 59ක් රැස් කරගත්තේය. මැද පෙළ පිතිකරුවන් බ්‍රෑන්ඩ්ස් හා ජාර්විස් නිසාවෙන් අසාර්ථක වුවත්, අර්ජුන රනතුංග අවසාන ඕවරයේ ජය තහවුරු කරමින් පන්දු 61කින් ලකුණු 88ක් රැස් කර ගත්තේ ය. මෙම තරඟය කණ්ඩායමක් ලකුණු 300ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කල පළමු අවස්ථාවද වේ.
 
දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නැවත පැමිණීම ලෝකයට දන්වයි.
 
1992 ලෝක කුසලානයේ සිදුවූ විශේෂිත සිදුවීමක් වනුයේ දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලෝකයට දශක දෙකක ක්‍රීඩා තහනමකින් පසු යලි පැමිණීමයි. ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ක්‍රීඩා කරමින් සිටි කෙප්ලර් වෙසල්ස් තම මව්බ්මේ කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරඟාවලියට එක් විය. පෙබරවාරි 26 වෙනිදා ඔවුන්ගේ පළමුවන තරඟයේදීම ශූරයින් වන ඔස්ට්‍රේලියාව පරාජයට පත් කලේය. කාසියේ  වාසිය දිනා ගත් බෝඩර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේය. එම තීරණය ආරම්භයේදී සාර්ථක කරමින් මාර්ශ් සහ බූන් ලකුණු 32ක් රැස් කර ගත්තේය. එහෙත්, ආගන්තුකයන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා පන්දු රැකීම හේතුවෙන් එක් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුටවත් ලකුණු 30ක සීමාව පසු කිරීමට නොහැකි විය. විශේෂයෙන් ජොන්ටි රෝහ්ඩ්ස්ගේ හා අනෙකුත් ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ ශෛලිය නිසාවෙන් ඔස්ට්‍රේලියානු ඉණිම සියල්ලන් දැවී ලකුණු 170කට දකුණු අප්‍රිකානු කණ්ඩායම සීමා කලේ ය. ඇලන් ඩොනල්ඩ් ලකුණු 34කදී කඩුළු 3ක් දවාගත්තේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ධාරාලෝකය මාධ්‍යයේ නිස්කලංක ලකුණු රැස් කිරීමක නිරත වූ අතර ඔවුන් කඩුළු 9ක ජයග්‍රහණයක් අත් කර ගත්තේ ය. නායක වෙසල්ස් තමා පෙර ක්‍රීඩා කල කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක් රැස් කරගත් අතර තරඟය ජයග්‍රහණය කරා ගෙන ගියේය.  
 
ලාංකිකයන් තර්ජනය මෙල්ල කරයි.
 
මාර්තු දෙවනදා වෙලින්ටන් හි පළමු වරට මුණ ගැසුනු ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවරයේදී ජයග්‍රහණය කලේ ය. දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව අවම කල ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 81ක් තුලදී දකුණු අප්‍රිකානු කඩුළු 9ම දවා ගත්තේ ය. ජයසූරිය පෙන්නුම් කල ක්‍රීඩාශීලිත්ව කැපීපෙනනු අතර තම කණ්ඩායම වෙනුවෙන් පීටර් ක්‍රිස්ටන් වැඩිම ලකුණු වන ලකුණු 47ක් රැස් කරගත්තේ ය. කෙසේ නමුත් දකුණු අප්‍රිකානු ඉණිම ලකුණු 195කට සීමා විය. ඩොනල්ඩ් අරුණසිරි ලකුණු 41කදී කඩුළු 4ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉණිම ආරම්භයේදීම ඩොනල්ඩ් ලකුණු 35කට කඩුළු 3ක් දවා ගත්තේය. එහෙත් රනතුංග හා මහානාම එකතුව නැවතත් ඉණිම උද්යෝගවත් කලේ ය. මහානාම ලකුණු 68ක් හා රනතුංග ලකුණු 64ක් රැස් කරගත්තේ තවත් කඩුළු 4ක් දැවී යාමට සමගාමීවය.තරඟයේ අවසාන ඕවරයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය අත් කරගත්තේ ය.
 
“වඳුරු පැනීම” හා අමතක නොවන දැවී යාම.
 
මෙම තරඟාවලියේ පළමු වතාවට පරම හතුරන් වන ඉන්දියානු හා පකිස්තානු කණ්ඩායම් දෙක තරඟ වැදුනේ ය. හත් දෙනෙකු දැවී ඉන්දියාව ලබාගත් ලකුණු 216ට පිළිතුරු ලබා දීමේදී පකිස්තානු කණ්ඩායම් නායක මියන්ඩාඩ් කණ්ඩායම සංවිධානයේදී අපහසුතාවට පත් වුවත්, ඔහුගේ ව්‍යායාමය තවත් අවුල් සහගත කෙරූයේ කිරන් මොරේගේ ඝෝෂාකාරී අභියාචනාවයි. මෙය මියන්ඩාඩ් හා මෝරේ අතර වචන හුවමාරුවකටද තුඩු දුන්නේ ය. ඊලඟට සිදුවූයේ කිසිවෙකුත් නොසිතූ දෙයකි, මියන්ඩාඩ් තණ තීරුවෙන් ඉවත්වී මෝරේ පැමිණිලි කරනා ආකාරය අනුකරණය කරමින් ව්දුරෙකු සේ තෙවරක් උඩ පැන්නේ ය.
 
බ්‍රිස්බේන්හිදි, දකුණු අප්‍රිකාව ලකුණු 221ක් රැස් කර ගැනීමට සමත් වුවත් අයහපත් කාළ්ගුණය හේතුවෙන් පකිසිතාන් කණ්ඩායමේ ඉලක්කය “වැසි නීතියට” අනුව ඔඉවර 36කදී ලකුණු 194ක් විය. ඉන්සි නැතහොත් ඉන්සමම් උල් හක් හා ඉම්‍රාක් නැවතත් වැස්සට පසු ක්‍රීඩා කිරීම ආරම්භ කලේ ය. ඉන්සමම් අතිරේක ලකුණක් සඳහා දිව යන අවස්ථාවේදී “සුපර් මෑන්” ජොන්ටි පන්දුව අතැතිව කඩුල්ල වෙත දිව ඇවිත් තම මුළු ඇඟම ඒ මත පතිත් කර වූයේ ඉන්සි ඉතා සුළු මායිමකින් දවා ගනිමිනි.
 
“කුකුළු ගොවියා” එංගලන්තයේ කඩුළු රාශියක් බිඳ දමයි. 
 
1983දී තම ප්‍රථම ලෝක කුසලානයේදීම ඔස්ට්‍රේලියාව පුදුමයට පත් කල සිම්බාබ්වේ කණ්ඩායම, මෙවර එංගලන්තය පරාජයට පත් කරමින් ලෝකය පුදුමයට පත් කලේ ය. නියත දුර්වලයන් ලෙස සැලකූ සිම්බාබ්වේ කණ්ඩායම මෙවර ඇල්බරි ග්‍රාමයේදී එංගලන්තය හමු විය. බොතම් හා ඉලින්ග්වෝත් කඩුළු 3 බැඟින් දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමෙ ලකුණු තත්වය 134කට සීමා කල නිසාවෙන් එය එංගලන්තය වැනි දැවැන්තයෙකු හට සුළු ඉලක්කයක් බව සියළු දෙනා විශ්වාස කලේ ය. එහෙත් එම ඉලක්කය සපුරා ගැනීම එංගලන්තය හට ලේසි පහසු නොවීය. නවකයන් අතර සිටි කුකුල් ගොවියෙකු වූ එඩෝ බ්‍රැන්ඩෙස් ගූච් තම පළමු පන්දුවෙන්ම දවා ගත්තේ ය. තවද ඔහු ඇලන් ලෑම්බ්, රොබින් ස්මිත් හා ග්‍රෙයෑම් හික් දවා ගත්තේ එංගලන්තය පස් දෙනෙකු දැවී ලකුණු 43ක් කරවමිනි. ස්ටුවර්ට් හා ෆෙයාබ්‍රදර්ගේ ප්‍රතිවිරෝධය බුචාර්ඩ්, ඔමාර්ශාහ් හා ජාවිස් එකතුව අඩ පණ කෙරුවේ ය. අවසානයේ එංගලන්ත ඉණිමට ලකුණු 125කදී තිත තැබුනු අතර, සිම්බාබ්වේ කණ්ඩායම හට ලකුණු 9ක ජයග්‍රහණයක් ලැබුණි.
 
පකිස්තාන කණ්ඩායමේ කාලෝචිත ආගමනය.
 
මේ වන විට නවසීලන්තය තරඟ 7ක් දිනා ගනිමින් ලකුණු තත්වයේ ඉහළින් සිටි අතර පිලිවෙලින් එංගලන්තය හා දකුණු අප්‍රිකාව තරඟ 5ක් ජයග්‍රහණය කර ගනිමින් දෙවන හා තෙවන ස්ථාන වල රැදී සිටියේ ය. සිව් වන ස්ථානය සඳහා සුදුසුකම් සපුරාලමින් තරඟයේ නියැලී සිටියේ ඔස්ට්‍රේලිව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. පකිස්තාන කණ්ඩායම තෙවරක් පරාජය වීමකින් එක් ජයග්‍රහණයකින් හා එංගලන්තයට එරෙහිව වාසිදායක ඉණිමකදී එක් ලකුණක් ද ලබාගෙන සිටියේ ය.
 
පකිස්තාන කණ්ඩායම හට අර්ධ අවසාන පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නම් මීලඟ තරඟ සියල්ලම ජය ගැනීමට සිදු විය. අත්‍යාවශ්‍ය මොහොතේදී තම දක්ශතා ඉස්මතු කරමින් පකිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා නවසීලන්තය පරාජය කරමින් අර්ධ අවසාන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබී ය.
 
ප්‍රධාන වේදිකාවේ ඉන්සි බැබළෙද්දී, වැසි නියාමය දකුණු අප්‍රිකානු සිහිණ බොඳ කරයි.
 
අර්ධ අවසාන් පූර්ව තරඟයේ පළමුවන තරඟය නවසීලන්තය හා පකිස්තානය අතර මාර්තු 21දා ඕක්ලන්ඩ් හිදී පැවැත්වුණි. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම් නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේ ය. ඒ අනුව ඔවුන් හත් දෙනෙකු දැවී ලකුණු 262ක් රැස් කරගත්තේ ය. නායක ක්‍රෝව් පන්දු වාර 83ක් ඇතුලත ලකුණු 91ක් රැස් කර ගත්තේ හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් ද කැටිව ය. ඔහු තරඟයේ වැඩිම ලකුණු ලබා ගත්තාද් විය. ඉලක්කය ලඟා කර ගැනීම තවත් අපහසු වූයේ පකිස්තාන කණ්ඩායමේ ලකුණු තත්වය  ඉම්‍රාන් ඛාන් හා සලීම් මලික් පිළිවෙලින් ලකුණු 44කට හා 1ක් ලකුණකට දැවී යාමෙන් පසුව ය. ඕවර 15කින් ලකුණු 120ක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් ලෙස සැලකුනත් තරුණ ඉන්සමාම්ගේ පැමිනීමත් සමඟ එය තවදුරටත් අපහසු කාර්යයක් නොවිනි. පන්දු වාර 37කින් ලකුණු 60ක් රැස් කර ගත් ඔහු සත්කාරක ප්‍රෙක්ශකයිනිගේ බලාපොරොත්තු බිඳ හෙළුවේ අවසාන් මහා තරඟයට සුදුසුකම් ලබමිනි. මෙය පකිස්තාන කණ්ඩායම තුන් වතාවක් අර්ධ අවසාන පූර්ව තරඟයකට තේරී අවසාන වටයට තෙරී පත්වූ පළමු වතාවයි.
 
ඉන් පසු එංගලන්තය හා දකුණු අප්‍රිකාව එස්. සී. ජී. ක්‍රීඩාංගනයේදී හමුවිය. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය හය දෙනෙකු දැවී ලකුණු 252ක් රැස් කර ගත්තේ අවසාන ඕවර 5දී වර්ශාව නිසාවෙන් සිදුවූ බාධා මධ්‍යයේ ය. හික් ලකුණු 83ක් රැස් කර ගත්තේ ය. 
 
ඕවර 15කින් ලකුණු 120ක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් ලෙස සැලකුනත් තරුණ ඉන්සමාම්ගේ පැමිනීමත් සමඟ එය තවදුරටත් අපහසු කාර්යයක් නොවිනි. පන්දු වාර 37කින් ලකුණු 60ක් රැස් කර ගත් ඔහු සත්කාරක ප්‍රෙක්ශකයිනිගේ බලාපොරොත්තු බිඳ හෙළුවේ අවසාන් මහා තරඟයට සුදුසුකම් ලබමිනි. මෙය පකිස්තාන කණ්ඩායම තුන් වතාවක් අර්ධ අවසාන පූර්ව තරඟයකට තේරී අවසාන වටයට තෙරී පත්වූ පළමු වතාවයි.
 
ඉන් පසු එංගලන්තය හා දකුණු අප්‍රිකාව එස්. සී. ජී. ක්‍රීඩාංගනයේදී හමුවිය. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය හය දෙනෙකු දැවී ලකුණු 252ක් රැස් කර ගත්තේ අවසාන ඕවර 5දී වර්ශාව නිසාවෙන් සිදුවූ බාධා මධ්‍යයේ ය. හික් ලකුණු 83ක් රැස් කර ගත්තේ ය. දකුණු අප්‍රිකානු පිළිතුරු ඉණිමට වර්ශාවෙන් විණාඩි 12ක බාධාවක් පැමිණුනු නිසාවෙන් තරඟය මදකට නතර කිරීමට සිදු විය. මේ වන විට දකුණු අප්‍රිකානුවන් 6 දෙනෙකු දැවී ලකුණු 231ක් රැස් කරගෙන සිටියේ ය. වර්ශාවේ නැවැතුමත් සමඟ එම ඉණිමේ ඉතිරිය ඵලදායී ඕවර ක්‍රමයට නියම කෙරුනු අතර ඉලක්කය වූයේ පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගැනීමට ය. එය ටිකෙන් ටික පන්දු 7කින් ලකුණු 22 හා එක් පන්දුවකින් ලකුණු 21ක් ලෙස වෙනස් විය. අවසාන් පන්දුවෙදී මැක්මිලන් හට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එංගලන්ත කණ්ඩායම වැසි නියාමයට අනුව ධෛර්යය සම්පන්න දකුණු අප්‍රිකානු කණ්ඩායම පැරැද්වූ හෙයින් අවසන් වටයට තේරී පත්විය. දකුණු අප්‍රිකාවේ එවකට තිබූ ලෝක කුසලාන සිහිණ බිඳ දැමූ වැසි නියාමය පසුව ඩක්වෝර්ත්- ලුවිස් නියාමයෙන් ආදේශ වුණි.
 
 
අක්‍රම් පකිස්තානය ජයග්‍රහණය කරා ගෙන යයි.
 
1992 මාර්තු 25 දින එම්. සී. ජී ක්‍රීඩාංගනය ලෝක කුසලාන අවසාන් මහා තරඟය සඳහා සූදානම් වෙමින් තිබුණි. මෙවර අවසාන තරඟය නැරඹීම සදහා ප්‍රෙක්ශකයින් 87, 125ක් පැමිණ සිටියේ ය. උද්යෝගමත්, භාව කථනය කල නොහැකි එහෙත් දක්ශත රැසකින් පිරිපුන් තරඟයකට තිරය විවෘත විය. පිට පිට දෙවන වතාවට අවසාන මහා තරඟයකට මුහුණ දෙන එංගලන්තය ඔවුන්ට සිව් වසරකට පෙර සිදු වූ පරාජය මෙවර ජයග්‍රහණයක් කර ගැනීමට පැමිණ සිටියේ ය. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේ ය. තරඟය ආරම්භයේදීම ඩෙරික් ප්‍රින්ගල් පකිස්තාන කණ්ඩායම හට ලකුණු රැස් කර ගැනීම අපහසු කරවීය. මියන්ඩාඩ් හා කණ්ඩායම් නායක ඉම්‍රාන් ඛාන් එක්ව එන්ම ඉණිම නැවතත් ගොඩ ගැනීම ආරම්භ කෙලේය. ඔවුන් ලකුණු 139ක් ඉතා ශක්තිමත් සබදතාවක් ගොඩ නැගුව්යේ ය. ඉලින්ග්වොර්ත් මියන්ඩාඩ් ලකුණු 58කට දවා ගත් පසුව ඉන්සමාම් හා එක් වු ඛාන් දැවී යාමට මත්තෙන් ලකුණු 72ක් රැස් කර ගත්තේ ය. අර්ධ අවසන් පූර්ව තරඟයේදී මෙන්ම ඉන්සමාම් පන්දු 35 කඩිනම් ලකුණු 42ක් රැස් කර ගත්තේ ය. ප්‍රින්ගල් විසින් ඔහු දවා ගත් අතර වසීම් අක්‍රම් ලබාගත් විචිත්‍රවත් ලකුණු 33 පකිස්තානු ලකුණු හය දෙනෙකු ඩැවී 249ක් දක්වා උසස් කරවී ය.
 
ජයග්‍රහණය කරා යන පිළිතුරු ඉණිම ආරම්භයේ සිටම මඳක් අපහසු විය. බොතම් පහරදුන් පන්දුවක් අක්‍රම් රැක ගැනීම හේතුවෙන් එංගලන්ත පළමු කඩුල්ල දැවී ගියේ ය. සිව් දෙනෙකු දැවී ලකුණු 69ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම හට ලකුණු රැස් කිරීම අතිශය දුෂ්කර විය. කෙසේ නමුත් ලෑම්බ් හා ෆෙයර්බ්‍රදර් ඕවර 14ක් තුල ලකුණු 72ක් රැස් කර ගත්තේ ය. තරඟයේ 35වැන් ඕවරයේදී නායක ඉම්‍රාන්, අක්‍රම් නැවත කැදවූයේ ඔහුගේ දෙවන පන්දු වාරය සඳහා ය. පසුව මෙම තීරණය පකිස්තාන කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණ්ය කිරීමට මනා තෝතැන්නක් ද විය. අක්‍රම්ගේ ආගමනයෙන් ලෑම්බ් හා ලුවිස් දැවී ගියේ ය. ඉතිරි කඩුළු ඛාන් හා ජාවෙඩ් දවා ගත්තේ පකිසිතානය අපූර්ව ලකුණු 22ක ජයග්‍රහණයක් කරා ගෙන යමිනි. ඉම්‍රාන් ඛාන් හා ඔහුගේ කණ්ඩායම සතුටින් උද්යාමයට පත් වෙද්දී එංගලන්ත කණ්ඩායම තෙවන වරතත් ලෝක කුසලාන අවසාන තරඟයකදී පරජය විය. දින දෙකකට පෙර කණ්ඩායම් තත්වයේ පහලින්ම සිටි තරුණ නායකයෙකු හා ඔහුගේ තරුණ කණ්ඩායම මෙදින තම ක්‍රීඩා දිවියේ හිනි පෙත්තටම නැග ඉතා සුවිශේෂී ජයග්‍රහණයක් අත් කරගෙන සිටියේ ය.
 
එය 39 හැවරිදි පැරණි කෘතහස්තයා හට හංස ගීතාවලියක් බදු දිනයක් විය. ඔහු “බෙන්සන් හා හෙඩ්ජස්” කුසලානය අතැතිව,  එම්. සී. ජී ක්‍රීඩාංගනයේ ධාරාලෝක මධ්‍යයේ ප්‍රකාශ කර සිටියේ ඔහු හට මෙම තරඟාවලියෙන් ලැබෙන සියළුම මුදල් තම මියගිය මවගේ මතකය වෙනුවෙන් පිළිකා රෝහලක් ස්ථාපනය කිරීමට යොදා ගන්නා බවය.