ඕෂද සහ සුමින්ද ශතක අතරට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1369

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ පළමු තරග දෙකම අද (27) ජය පරාජයෙන් තොරව නිමා වුනා.

යාපනය සහ කොළඹ අතර තරගය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ අද දිනය ආරම්භ වන විට කොළඹ කඩුලු 8ක් ලකුණු 309ක් ලබාගෙන සිටියා.

කොළඹ ඉනිම ඔසවා තැබූ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 174*ක් ලබාගෙන සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි අතර ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 19ක් ඇතුළත් වුනා. නිසල තාරක ලකුණු 38යි. අවසානයේ දී කොළඹ ක්‍රීඩකයින් ලකුණු 360ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කසුන්, කල්හාර සහ දුනිත් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 195ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ යාපනය වෙනුවෙන් නායක සධීර සමරවික්‍රම ලකුණු 96ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගිය නිසා සිය ශතකය සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නිශාන් මදුෂ්ක ලකුණු 40ක් ලබාගෙන යාපනය මුල් පෙළ සවිමත් කළා. අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 217ක් ලබාගෙන සිටිය දී තරගය නිමා වීම නිසා තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි. පන්දු යැවීමේ දී අශේන් බණ්ඩාර ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.

යාපනය – 555 (173.4): සමින්ද ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77, දුනිත් වෙල්ලාලගේ 74, ගීත් කුමාර 63, සන්තුෂ් ගුණතිලක 61, සදීර සමරවික්‍රම 58, ප්‍රභාත් ජයසූරිය 6/169.

කොළඹ – 360 (109.5): රොෂේන් සිල්වා 174*, නිසල තාරක 38, ක්‍රිෂාන් සංජුල 35, කසුන් මධුසංක 2/36, කල්හාර සේනාරත්න 2/44, දුනිත් වෙල්ලාලගේ 2/117.

යාපනය දෙවැනි ඉනිම – 217/5 (53.1): සදීර සමරවික්‍රම 96, නිශාන් මදුෂ්ක 40, අශේන් බණ්ඩාර 2/25.

ගාල්ල සහ මහනුවර අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ සිව්වැනි සහ අවසන් දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 388ක් ලබාගෙන සිටියේ මහනුවර පළමු ඉනිමට වඩා තවත් ලකුණු 94ක් පසුපසින් සිටිමින්.

ගාල්ල පසුපෙළ සවිමත් කරමින් සුමින්ද ලක්ෂාන් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 5

වැනි ශතකය ලබා ගත්තා. ඔහුගේ එම ඉනිම 4 පහර 8ක් සහ 6 පහරකින් වර්ණවත් වුනු අතර හේෂාන් හෙට්ටිආරච්චි 4 පහර 4ක් සමඟ ලකුණු 43ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

කෙසේ නමුත් මහනුවර ලබා ගත් ලකුණු 482ක අභිබවා සිය පළමු ඉනිම ගොඩනංවා ගැනීමට ගාල්ලට හැකියාවක් නොලැබුණු නමුත්, ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 465ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සහන් ආරච්චිගේ කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 17ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ මහනුවර ක්‍රීඩකයින් තරගයේ අවසන් දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා ගත් අතර ඕෂද ප්‍රනාන්දු ලකුණු 122ක් ලබාගෙන සුපිරි ශතකයක් වාර්තා කළා.

නායක කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගත්තේ පළමු ඉනිමේ දී ලබා ගත් ශතකයට අමතරවයි. දකුණතින් වේගපන්දු යවන ධනංජය ලක්ෂාන් කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

මහනුවර – 482 (120.1): කමිඳු මෙන්ඩිස් 111, ලසිත් කaaස්පුල්ලේ 93, ලහිරු උදාර 92, කසුන් විදුර 58, සහන් ආරච්චිගේ 52, හේෂාන් හෙට්ටිආරච්චි 4/64, නිමේෂ් විමුක්ති 3/120, චානක රුවන්සිරි 2/96.

ගාල්ල – 465 (149.4): පබසර වඩුගේ 128, සුමින්ද ලක්ෂාන් 106, හේෂාන් හෙට්ටිආරච්චි 43, සංගීත් කුරේ 36, සහන් ආරච්චිගේ 3/62.

මහනුවර දෙවැනි ඉනිම – 253/5 (64.4): ඕෂද ප්‍රනාන්දු 122, කමිඳු මෙන්ඩිස් 55, ධනංජය ලක්ෂාන් 3/24.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<