කොදෙව්වෝ එකට එක කරති

580
AFP PHOTO

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගයානා හිදී පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූයේ තරග තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම කරමිනි.

ඉන්දීය යෞවනයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත වරක් කඩේ යවයි

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා..

කාසියේ දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. එම ආරාධනය පිළිගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් වන ශිම්රන් හෙට්මයර් 4 පහර 3ක් හා 6 පහර 7ක් එල්ල කරමින් ලකුණු 125ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත විය. කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය වූ ක්‍රිස් ගේල් හා එවින් ලෙවිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවන ලදි. කොදෙව් ඉනිමේ ගොඩනැංවුණු හොඳම පිතිකරණ සබඳතාවය වූයේ 5 වන කඩුල්ල වෙනුවෙන් හෙට්මයර් හා රෝව්මෙන් පවෙල් එක්ව ගොඩනංවන ලද ලකුණු 103ක සබඳතාවයයි. පවෙල් 4 පහර 4ක් සමඟ ලකුණු 44ක් ලබාගෙන සිටිය දී රුබෙයිල් හුසේන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියේය.

අවසානයේ කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 271ක් පමණි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක රුබෙල් හුසෙයින් ලකුණු 61ක් තුල කඩුලු 3ක් දවාලන ලදි.

තමීම්ගේ ප්‍රහාරයෙන් ජය බංග්ලාදේශයට

2-0ක් ලෙස නිමාවූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට..

ලකුණු 272ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම්, ශකීබ් අල් හසන් හා වමතින් පිත්ත හසුරුවන තමීම් ඉක්බාල් අර්ධ ශතක ලබාගෙන මේ තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට හොඳ සහයක් දුන්න ද, ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් දැක්වූ යම් යම් දුර්වලතා නිසාවෙන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 268ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 68ක් රැස්කර ගන්නා ලදි. අමතරව ඔහුට සහය වූ  ශකීබ් 4 පහර 5ක් එල්ල කරමින් සිය අර්ධ ශතකය සම්පුර්ණ කරගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් –  271/10 (49.3): ශිම්රන් හෙට්මයර් 125, රෝව්මෙන් පවෙල් 44, රුබෙල් හුසෙයින් 3//61.

බංග්ලාදේශය – 268/6 (50): මුෂ්ෆිකර් රහීම් 68, ශකීබ් අල් හසන් 56, තමීම් ඉක්බාල් 54, ඈෂ්ලි නර්ස් 1/34.

තරගයේ වීරයා – ශිම්රන් හේට්මයර්

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගය ලබන 28 වැනිදා සාන්ත කිට්ස් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<