• නව ශ්‍රී ලංකා තරග වාර්තා 2ක් බිහිවෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට අයත් බර ඉසිලිමේ තරගාවලිය පසුගියදා කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී අවසන් විය. සමස්ථ තරගාවලියේ පිරිමි බරඉසිලිමේ ශූරතාවයට හිමිකම් කියන්නට මධ්‍යම පළාත් බර ඉසිලිමේ ක්‍රීඩකයින් සමත් විය. ඒ රන් පදක්කම් 3ක් රිදිපදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2කට හිමිකම් කියමිනි. අනුශුරතාවය රන් පදක්කම් 3ක් රිදි පදක්කමක් සහලෝකඩ පදක්කම් 2කට හිමිකම් කී වයඹ පළාතටත් ,බර ඉසිලිමේ පිරිමි තෙවැනි ස්ථානය රන් පදක්කම් 2ක් රිදිපදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් උතුරු මැද පළාතටත් හිමි විය.

සමස්ථ තරගාවලියේ කාන්තා බර ඉසිලිමේ ශුරතාව තමන් සතු කර ගන්නට දකුණු පළාත් ක්‍රීඩිකාවන්ට හැකිවිය. ඒරන් පදක්කම් 2ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගනිමිනි. කාන්තා බර ඉසිලිමේ අනුශුරතාවය බස්නාහිර පළාතට හිමි වූඅතර ඔවුන්ට රන් පදක්කම් 2ක් හිමිවිය. රන් පදක්කම් එකක් රිදි පදක්කම් 2ක් සහ එක් ලෝකඩ පදක්කමක්හිමිකරගත් උතුරු මැද පළාත් කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමි විය.

තරගාවලියේදී නව ශ්‍රී ලංකා තරග වාර්තා 2ක් බිහිවිම විශේෂත්වයකි.ඒ කාන්තා බර ඉසිලිමේ අංශයෙනි. කිලෝග්‍රෑම්48 බර පන්තිය  යටතේ තරග කළ ඩි.එම්. ගෝමස් ක්‍රීඩිකාව ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 68ක් ද , ක්ලීන් ඇන්ඩ්ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 81 සමගින් මුළු එකතුව කිලෝග්‍රෑම් 149 බරක් ඔසවමින් එක් නව ශ්‍රී ලංකා තරගවාර්තාවක් පිහිටුවිය. ඒ.එස් වික්‍රමසිංහ ක්‍රීඩිකාව කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු අතර ඇය එහිදීස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක්, ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 91 සමගින් මුළු එකතුව කිලෝග්‍රෑම්163 බරක් ඔසවමින් තවත් ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කිය.

තරගාවලිය කාන්තා නව තරග වාර්තා 4ක් සහ පිරිමි නව තරග වාර්තා 3ක් සමගින් නිමාවට පත් වු අතර දක්ෂතම බරඔසවන්නා ලෙස අයි.සි දිසානායක සම්මාන ලැබු අතර දක්ෂතම බර ඔසවන්නිය ලෙස ඩි.එච් ගෝමස් සම්මානයටපාත්‍ර විය.