ශුරයන්ට ක්‍රීඩා ඇමතිගෙන් සුභ පැතුම්

339
Ransilu met dayasiri

කැනඩාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ තරඟාවලියේ  රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කමක්  දිනාගත් රන්සිළු ජයතිලක සහ කනිෂ්ඨ අංශයේ රන් පදක්කම් 4 ක් දිනාගත් ධනුෂ්ක ජයතිලක යන ක්‍රීඩකයන් අද ක්‍රීඩා අමාත්‍ය  කාර්යාලයේදී  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවිය. 

එහිදී  ක්‍රීඩා අමාත්‍යවරයා  එම ක්‍රීඩකයන්ට ඔවුන්ගේ  ක්‍රීඩා කටයුතු  සඳහා අවශ්‍ය  පහසුකම් ලබාදීමටත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාදිය හැකි පූර්ණ සහයෝගය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බව පැවසීය. ක්‍රීඩකයන් දෙපළ ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තූති කිරීමෙන් පසුව සමුහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

තරඟාවලියේදී රන්සිළු ජයතිලක ක්‍රීඩකයා ඩෙඩ් ලිෆ්ට් ක්‍රමය යටතේ කිලෝ 305 බර පන්තිය ඔසවමින්  ප්‍රථමවරට නව ආසියානු වාර්තාවක්ද  පිහුටුවා ඇත.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩබ්.එම් ආර්. බී . දිසානායක මහතාද සහභාගී විය