•පිරිමි ශුරතාව බස්නාහිරට
•කාන්තා ශුරතාව දකුණට

41වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග පසුගියදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ථක්‍රීඩාංගාරයේදි පැවති අතර එහි පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්ඔස්සේ තරග සංවිධානය වි තිබුණි.

පිරිමි අවසන් මහා තරගයේදි  බස්නාහිර පළාත නියෝජනය කළ ඉමේෂ් හසරංග සහ දකුණු පළාත නියෝජනය කළනිරෝෂන් ජෝන් සටන් වැදුණු අතර එහිදි තරග වට 2-0ලෙස ජය ගෙන පිරිමි කේවල ශුරතාව තමන් සතු කරගන්නටබස්නාහිර පළාත නියෝජනය කළ ඉමේෂ් හසරංග ට හැකි විය.

කාන්තා කේවල අවසන් මහා තරගයේදී දකුණු පළාත නියෝජනය කළ නදිශා ගයත්‍රී සහ බස්නාහිර පළාතනියෝජනය කළ උපුලි සමන්තිකා තරග වැදුණු අතර එහිදි වට 2-0 ලෙස කාන්තා ශුරතාව ජය ගැනිමට  දකුණු පළාතනියෝජනය කළ නදිශා ගයත්‍රීට හැකිවිය.

පිරිමි යුගල ශුරතාව ජයගන්නට මධ්‍යම පළාත නියෝජනය කළ රජත දහනායක හා හර්ෂ පෙරේරා සමත් වු අතරකාන්තා යුගල ශුරතාවට හිමිකම් කීවේ බස්නාහිර පළාත නියෝජනය කළ ඕෂදි කුරුප්පු සහ උපුලි සමන්තිකාය.

මිශ්‍ර යුගල අවසන් මහ සටනේදී වට 2-0 ලෙස ජයගන්නට දකුණු පළාතේ හසිත චානකට සහ නදිශා ගයත්‍රීට හැකිවිය. ඔවුන් අතින් පරාජය වුයේ බස්නාහිර පළාත නියෝජනය කළ කණ්ඩායමයි.