“ලෝකේ මුල් 50ට එන එක තමා අපේ Target එක” – බුවනෙක හා සචින්

769

18වන වරටත් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි යුගල බැඩ්මින්ටන් තරග ඉසව්වේ දී සුපිරි 8 වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවේ බුවෙනක ගුණතිලක හා සචින් ඩයස් සමත් වුනා. එම තරග ඉසව්වේ සුපිරි 8 වටයේ දී බැඩ්මින්ටන් ලොව සිටින ප්‍රබලතමයින් දෙදෙනෙකු වන චීන ජාතික ක්‍රීඩක යුගලයක් හමුවේ තරග වට 2-0ක් (21:12 – 21:15) ලෙස පරාජය වුවත් මේ දැක්වූ දස්කම ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමක් දැක්වූ ඉහළතම දස්කම ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයට එකතු විය. මේ එම තරග ඉසව්වෙන් පසුව සචින් හා බුවෙනක ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳව දැක්වූ අදහස්.