වෙළඳසේවා පැසිපන්දු තරගාවලියේ 27 වන පරිච්ඡේදය ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණි.

තරගාවලිය ජුනි මාසයේ පැවැත්වීමට කටයුතු කර තිබූ නමුත්, දිවයින පුරා ඇතිව තිබුණු අයහපත් කාලගුණ තත්වය හා ආපදා තත්වය හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සංවිධායක කමිටුව තීරණ කිරීම පැසසිය යුතු කරුණක් වේ. දිවයිනේ දක්ෂතම වෙළඳසේවා කණ්ඩායම් ශූරතාවයක් උදෙසා කාණ්ඩ 5ක් යටතේ තරග වැදීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: අවසන් සටනට සියල්ල සුදානමින්

තරගාවලියේ A  කාණ්ඩය සඳහා කාන්තා කණ්ඩායම් 3ක් සහ පිරිමි කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිතයි. මේ විමසා බැලීම තරගාවලියට A කාණ්ඩය ඔස්සේ එක්වන DFCC කණ්ඩායම පිළිබඳවයි.

අවසන් වරට පැවති තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයෙන් තම ගමන නවත්වන්නට සිදු වූ DFCC පිල, මෙවර තරගාවලියට එක්වන්නේ ගිය වරට වඩා සාර්ථකව තරගාවලියට මුහුණ දීමේ අරමුණිනි. පසුගිය තරගාවලිය අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ලක් වීම ඔවුන්ගේ ගමන අවසන් පූර්ව වටයෙන් නවතාලන්නට හේතු විය.

ශ්‍රී ලංකාව තුල ප්‍රධාන ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත DFCC කණ්ඩායමේ නායකත්වය, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම මොරටුව ක්‍රීඩා සමාජයේ නායක ප්‍රගීත් පුෂ්පකුමාර හට හිමි වී ඇති අතර කණ්ඩායම සඳහා නිමා වූ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා පිලේ නායක රොෂාන් ප්‍රනාන්දු ඇතුළත් ව සිටීම කණ්ඩායම අත්දැකීම් අතින් පරිපූර්ණ කිරීමට සමත් වී ඇත.

Peoples Team of the MSBA League 2017 – Vote

The 27th Edition of the Mercantile Basketball League will commence during the third week of June.

නමුත් රොෂාන් ප්‍රනාන්දු හා කසුන් උයන්ගොඩ තම කකුලේ ආබාධවලට ප්‍රතිකාර ලබන අතර තරගාවලියට පෙර ඔවුන් සම්පුර්ණ සුවය ලබනු ඇතැයි විශ්වාස කෙරේ. එසේම කණ්ඩායමේ ක්‍රීඩකයින් ප්‍රමාණය අඩු වීම ඔවුන්ට තරගාවලිය තුල අවාසිදායක තත්වයක් උදා කරනු ඇත.

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පාහේ අඩි 6කට වඩා උසින් වැඩි වීම කණ්ඩායමට වාසිදායක වන බව නොඅනුමානය. නමුත් ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට සිදු වන කාලය විශාල වීම අවාසිදායක තත්වයක් ගනු ඇත.

කණ්ඩායමේ පුහුණුකරු අජිත් කුරුප්පු මහතා අප වෙත මෙසේ අදහස් දැක්විය.

“අපි බලාපොරොත්තු වෙනවා තරගාවලිය ජය ගන්න, පසුගිය වසර තුලත් අපි අවසන් වටයට සුදුසුකම් ලබන්න අපොහොසත් වුනා. මෙවර තරගාවලියට වැඩි ජවයකින් යුතුව එක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Captainකණ්ඩායමේ නායක ප්‍රගීත් පුෂ්පකුමාර ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

“අපට පුළුවන් වුනා පසුගිය තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගන්න. නමුත් සිදු වූ අඩුපාඩු මත ඉදිරියට යන්න බැරි වුනා, අපි බලාපොරොත්තු වෙනවා මෙවර තරගාවලිය තුල අනෙකුත් කණ්ඩායම්වලට හොඳ අභියෝගයක් ලබා දීමට.”

නායක ප්‍රගීත් පුෂ්පකුමාර නිමා වුන ජාතික ශූරතාවලියේ දී දක්ෂතා අතර සිටීම කණ්ඩායමට හොඳ ශක්තියක් වන අතර රොෂාන් පෙරේරා දක්ෂතා අතරට පැමිණීම කණ්ඩායමේ ඉදිරියට බලපානු ඇත.

කණ්ඩායම සාමාජිකයින් මෙසේය.

  • ප්‍රගීත් පුෂ්පකුමාර (නායක)
  • ටෙරන්ස් නෙයිෆොර්ඩ්
  • රොෂාන් ප්‍රනාන්දු
  • කසුන් උයන්ගොඩ
  • රජිත හෙට්ටිආරච්චි
  • තරිඳු සංකල්ප
  • තිවංක පෙරේරා
  • කපිලන් සොතලිංගම්
  • කිසල් කුරේ
  • ජෙරඩ් ප්‍රනාන්දු

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<