රූපවාහිනී තෙවන විනිසුරු මෙවර රග්බි ලීගයටත්

267

මේ සති අන්තයේ දී ආරම්භ වන ඩයලොග් රග්බි ලීග් තරගාවලියට, මෙවරත් රූපවාහිනී තෙවන විනිසුරු තාක්ෂණය අන්තර්ගත කිරීමට ThePapare.com විසින් සියලුම කටයුතු සූදානම් කර ඇත.

නායකයින්ගේ තරගයේ ජය CR & FC කණ්ඩායමට

CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික නායකයින්ගේ…

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලි තුළ රූපවාහිනි තෙවන විනිසුරු තාක්ෂණය භාවිතය ඉතාමත් නුවනැති ක්‍රියාවක් වන අතර, ඒ හරහා තරගවල දී වාර්තා වන උත්සාහක දිනුම් පිටියේ විනිසුරුතුමා හට නිසියාකාරව ග්‍රහණය කර ගැනීමට නොහැකි වුවහොත්, මෙම තාක්ෂණය භාවිතයෙන් එය සාර්ථක උත්සාහක දිනුමක් ද, නැද්ද යන්න නිසියාකාරව විනිශ්චය කිරීමට හැකියාව ඇත.

“රග්බි ක්‍රීඩාව සමඟින් ඩයලොග් ආයතනය නිරතුරුව රැඳී සිටිනවා. අපට රග්බි ක්‍රීඩාවට නව ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි, එහි දියුණුවට අවශ්‍ය පියවරක් ලෙස මෙම රූපවාහිනී තෙවන විනිසුරු තාක්ෂණ ක්‍රමය උපයෝගී කර ගැනීමට අප තීරණය කළා. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය හා විනිසුරුවරුන් මේ පිළිබඳව අප විසින් දැනුවත් කරන ලදි. එහි දී ඔවුන් ඒ සම්බන්ධව ඉතාමත් සතුටට පත්වූ අතර එම තාක්ෂණය භාවිතය මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට විශාල පිටිවහලක් වනු ඇති බව ද පැවසීය.“ යැයි ඩයලොග් ආසිආටා ආයතනයේ අන්තර්ගත සේවා ප්‍රධානී මංගල හෙට්ටිආරච්චි මහතා පසුගිය ඩයලොග් රග්බි ලීගය ආරම්භ වීමට පෙර ThePapare.com වෙත ප්‍රකාශ කළේය.

ලොව පුරා මෙම තාක්ෂණය භාවිතා කළත්, ආසියානු කලාපයේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියක පළමු වරට මෙම තාක්ෂණය භාවිතා කළේ ගියවර පැවැත්වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දීයි.

පසුගිය අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී රග්බි තරග 14ක් සඳහා මෙම පහසුකම උපයෝගී කරගත් අතර, මෙවර ද සෑම සතියකම පැවැත්වෙන තරග අතරින් එක් රග්බි තරගයක් සඳහා මෙම පහසුකම ලබා දෙනු ලැබේ.

මෙවර ලීග් රග්බි තරගාවලියට තෙවන විනිසුරු තීරණ ක්‍රමය ඇතුළත් වන පළමු තරගය ලබන ඉරිදා (නොවැම්බර් 5) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වේ.

මෙවරත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සජීවීව විකාශනය කිරීමට ThePapare.com සියලුම කටයුතු සූදානම් කර ඇති අතර, එහි උණුසුම විඳ ගැනීමට නිරතුරුවම අප සමඟින් රැඳී සිටින්න යැයි ඔබට ආරාධනා කරන්නෙමු.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<