SLT පාපැදි සවාරිය දෙවන වරටත්

215
SLT Speedup Cycle Sawariya - 2017

2016 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දුර ප්‍රමාණය වැඩිම පාපැදි සවාරිය ලෙස “SLT Speed Up පාපැදි සවාරිය” හඳුන්වා දෙන ලදි. 2016 වසරේ ජූලි මස 21 වන දින එය හඳුන්වා දීමත් සමඟ දිවයින පුරා එම ආරංචිය පැතිර ගියේ එවන් විශාල පාපැදි සවාරියක් ඊට පෙර ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ පවත්වා නොමැති බැවිනි.

ශ්‍රී ලංකා කරතේ සංචිතය කසකස්තානයට

කසකස්තානයේ අස්තාන් නුවර පැවැත්වීමට නියමිත “අන්තර්ජාතික කරාතේ ශූරතාවලිය” ජූලි මස 15, 16 සහ 17 දිනයන්හීදි පැවැත්වේ…

ඒ අනුව මෙම පාපැදි සවාරියේ නිමා වූ තරගාවලියේ පිරිමි තරග අංශය ජූලි මස 27 වන දින කොළඹ දී ආරම්භ වී 31 වන දින මඩකලපුවේ දී අවසන් වූ අතර කාන්තා තරග අංශය 27 වන දින කොළඹ දී ම ආරම්භ වී එදිනම අම්බලංගොඩ දී අවසන් විය. මෙම සවාරිය ශ්‍රී ලංකාව පුරාවට අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සංවිධාන ශක්තියත්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සහයෝගයත් හේතුවෙන් එය සාර්ථකව අවසන් කරන්නට ද ඔවුන් සමත් විය.

ඒ අනුව මෙම වසරේ දී ද අඛණ්ඩව දෙවන වරටත් “SLT Speed Up පාපැදි සවාරිය” පවත්වන බව පසුගිය ජුනි මස 30 වන දින Cinnamon Grand හෝටලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනුම් දෙනු ලැබීය.

පාපැදි සවාරියේ පිරිමි තරග අංශය ජූලි මස 25 වන දා කොළඹ දී ආරම්භ වී 29 වන දා ඇඹිලිපිටියේ දී අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත ශූරතාවය දිනා ගන්නා ක්‍රීඩකයාට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙනු ඇත. ඊට අමතරව සමස්ත සවාරිය තුළ හොඳම දක්‍ෂතාවය දක්වන කණ්ඩායමට ද රුපියල් ලක්‍ෂයක ත්‍යාග මුදලක් ද පිරිනැමේ.

සවාරියේ කාන්තා තරග අංශය එක්දින තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අතර එය ජූලි මස රත්නපුරයේ දේ ආරම්භ වී එදිනම ඇඹිලිපිටියේ දී අවසන් වේ. මෙහි සමස්ත ශූරතාවය දිනා ගන්නා ක්‍රීඩිකාවට රුපියල් ලක්‍ෂ 2ක ත්‍යාග මුදලක් පිරිනැමෙනු ඇත.

වෘත්තීමය පාපැදි ක්‍රීඩකයින් සතුව පවතින ගතිලක්ෂණ වන සවි බලය සහ දරා ගැනීමේ ශක්තිය වැනි ලක්ෂණ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ නිෂ්පාදන නිපැයුමේ දී ද යොදා ගනී. එමෙන්ම පාපැදි ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ තවත් දියුණු කිරීම සඳහා සහ ඔවුන්ගේ “SLT Speedup” සංකල්පය තවදුරටත් ජනප්‍රිය කිරීම සඳහා මෙවර පාපැදි සවාරියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා විශාල ත්‍යාග මුදලක් වෙන්කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු සම්පාදනය කර ඇත. මේ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි ක්‍රීඩා දිවියට අත්වැලක් සැපයෙන අතර ඒ තුළින් ශ්‍රී ලංකාව තුළ පාපැදි ක්‍රීඩාවේ අනාගතය සාර්ථක වනු ඇති බව නොඅනුමානය ය.  

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට