ඉතිරි PSL තරග නොවැම්බරයේ

217
(Cricket Pakistan)

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග හතර එළඹෙන නොවැම්බර් මාසයේ දී පවත්වන්නට සැලසුම් කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ දී ඇතිවූ COVID-19 ව්‍යාප්තිය නිසා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය කල් දමන්නට එහි සංවිධායකයින්ට සිදු වුනා. 

නව කාලසටහනට අනුව මුල්තාන් සුල්තාන්ස් හා කරච්චි කිංග්ස් කණ්ඩායම qualifier තරගයකට සහභාගී වෙනවා. පසුව Lahore Qalandars කණ්ඩායම හා පේෂාවර් සල්මි කණ්ඩායම අතර eliminator තරගයක් ද ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් 14 වැනිදායි.

Qualifier තරගයේ පරාජිතයින් හා පළමු Eliminator තරගයේ ජයග්‍රාහකයින් නොවැම්බර් 15 වැනිදා දෙවන Eliminator තරගයට මුහුණ දෙන අතර එහි ජයග්‍රාහකයින් නොවැම්බර් 17 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

“නොවැම්බර් 14, 15 හා 17 දිනවල දී තරග පැවැත්වීමට නියමිත අතර Qualifier තරග හා පළමු Eliminator තරගය එකම දිනයක දී පැවැත්වෙනු ඇත. දෙවන Eliminator තරගය ඉන්පසු දිනයේ පැවැත්වෙනවා. තරගාවලිය නොවැම්බර් 17 වැනිදා අවසන් වීමට නියමිතයි” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්ව තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

“සියලු තරග COVID-19 නීති රීතිවලට අනුව තමයි පවත්වන්නේ. ක්‍රීඩකයින් වගේම තරග නිලධාරීන් ද සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක රඳවනවා.”

“මේ වන විට සැලසුම් කරලා තියෙන්න තරග ප්‍රේක්ෂකයින් නැතිව පවත්වන්න. කෙසේ වෙතත් තත්වය සමීපව සලකා බලා එළඹෙන ඔක්තෝබරයේ යළි ඒ පිළිබඳ තීරණයක් ගන්නවා” PCBය පසුගිය අඟහරුවාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බවයි.

ඉදිරි තරග වාරය ගැන අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වසීම් ඛාන් මහතා මෙසේ අදහස් පළ කර සිටියා. “PCBය 2020/21 දේශීය තරග වාරය පවත්වන්නට උත්සහ කරනවා. ඒ සඳහා වයස් කාණ්ඩ ගණනාවක තරගාවලි මෙන්ම පිරිමි හා කාන්තා තරගාවලි ද ඇතුළත්. එමෙන්ම එළඹෙන තරග වාරයේ දී සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකාව ද පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතයි.”

“2020/21 තරග වාරයේ සියලුම තරගවල සාර්ථකත්වය මත 2021 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සාර්ථකත්වය තීරණය වෙයි. 2021 PSL තරගාවලිය ලබන වසරේ පෙබරවාරි – මාර්තු කාලසීමාවේ දී පැවැත්වීමට නියමිතයි.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<