Dialog 2026 පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (04) කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වුනා.
මෙම තරගය ආරම්භ කරමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට කෙවින් වීරකෝන් සමත් වූ අතර, ඊට මොහොතකට පසුව රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ ලෙමිත අමරසිංහ තරගයේ ලකුණු තත්වය 07-05ක් ලෙස පත් කරමින් රාජකීය කණ්ඩායමට තරගයේ පෙරමුණට රැගෙන ඒමට සමත් වුනා.
කෙසේ වෙතත් එතැනින් පසුව නැවත ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් ඉතා ඉක්මනින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, මෙහි දී දිමත් අඹේපිටිය විසින් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගනිමින් ත්‍රිත්ව ලකුණු පුවරුව 17ක් දක්වා ඔසවා තැබීමට සමත් වුනා.
නැවත රාජකීය ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වීමට උත්සාක කළත්, තරගයේ පළමු අර්ධය පුරාවට ත්‍රිත්ව ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 05ක් වාර්තා කරමින් තරගය අත් නොහැරීමට වග බලා ගත්තා.
ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු පුවරුව 27-13ක් ලෙසයි සටහන් වුනේ.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
තරගයේ දෙවැනි අර්ධය තුල ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් තියුණු ලෙස තරගයට අවතීර්ණ වෙමින්, රාජකීයයන් සම්පූර්ණයෙන්ම බිඳ හෙළීමට සමත් වුනා.
මෙහි දී ත්‍රිත්ව නායකයා ලෙස කටයුතු කරන ශාන් අල්තාෆ් විසින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
මීට පෙර වසර දෙකේ දී ද ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ක්‍රීඩාවේ නියැලුණු ශාන් මෙවර ද සිය වගකීම අකුරට ඉටු කිරීමට සමත් වූ අතර, උත්සාහක දිනුම් ත්‍රිත්වයට අමතරව ඔහු ප්‍රවර්තන ත්‍රිත්වයක් ද සාර්ථක කර ගැනීමට සමත් වුනා.
මේ අතරවාරයේ ත්‍රිත්ව ක්‍රීඩකයින් සමස්ත තරගය තුළ උත්සාහක දිනුම් 10ක් වාර්තා කරමින් ලකුණු 58ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට ද සමත් වුනා.
කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ රාජකීයයන් විසින් සාර්ථක කර ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් 04ක් පමණයි.
ඒ අනුව 2026 පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.
- ත්‍රිත්ව විද්‍යාලය 58 (10T, 4C) – රාජකීය විද්‍යාලය 26 (4T, 3C)
තරගයේ වීරයා – උදාන් විජේකෝන් (ත්‍රිත්ව විද්‍යාලය)
දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<






















