කන්ද උඩරට හා යාපනයට සාර්ථක ආරම්භයක්

517
Club Basketball

51 වන ජේෂ්ඨ පැසිපන්දු තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් B තලයේ තරඟ ඊයේ දිනයේ පැවැත්විණි. මහනුවර ගේට්වේ පාසැල් පැසිපන්දු පිටියේ තරඟ පැවැත්වෙන අතර පළමු දිනයේ පැවති තරඟ වලින් ජය හිමිකරගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හා යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship…

.

මෙම තරගාවලියන් පරාජය වීමට පිළිවලින් ඒකාබද්ධ සරසවි කණ්ඩායම හා පුත්තලම් දිස්ත්‍රික්ක කණ්ඩායම සමත් විය.

අද දින උදෑසන පැවති පළමු තරගය වූ යාපනය දිස්ත්‍රික් කණ්ඩායම හා පුත්තලම් දිස්ත්‍රික්ක කණ්ඩායම අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම කරට කර තරගයක යෙදුනි.එම නිසා තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-20 ඉදිරියට පැමිණීමට පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය.

කණ්ඩායම් දෙකම තමන්ට ලද නිදහස් විසිකිරීම් (Free throws) අවස්ථා මඟහරවා ගැනීම කැපිපෙන්නේනට විය. කෙසේ වෙතත් තරඟයේ දෙවෙන අර්ධය ආරම්භය යාපන දිස්ත්‍රික් කණ්ඩායමට එතරම් සුභ දායක නොවීය.

තෙවන කාර්තුවේ මැද භාගය වන විට තරගයහි ලකුණු සටහන 32-22 ලෙස දැක්විය. ලකුණු 10 පිටුපසින් සිට තරගය ආරම්භ කල යාපන දිස්ත්‍රික් කණ්ඩායම අවසන් කාර්තුවේ දියත් කල ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය හේතුවෙන් තියුණු තරගයකින් අනතුරුව ලකුණු 48-45 ලෙස ජයගැනීමට ඔවුන් සමත් විය.

තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ යාපන දිස්ත්‍රික් කණ්ඩායම් පුහුනුකාරතුමා පවසා සිටියේ තරගය මෙතරම් උණුසුම් වීමට හේතුව තම ප්‍රතිවාදීන් අවතක්සේරු කිරීම බවයි.

.

තරගාවලියේ දෙවන තරගය සත්කාරක මහනුවර දිස්ත්‍රික් කණ්ඩා හා ඒකාබද්ධ සරසවි කණ්ඩායම අතර පැවැත්විණි.

තරගයේ අවසානය උණුසුම් මුහුනුවරක් ගත් අතර තරගය ආරම්භවීමෙන් අනතුරුව විනාඩි 7 යනතෙක් කණ්ඩායම් දෙකම ලකුණු රැස්කිරීමට අපෝසත් විය. අනතුරුව තරගයේ පළමු ලකුණ රැස්කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.

මේ හේතුවෙන් තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 22-14 ලෙස පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තම ආරක්ෂාකාරී අන්තයේදී මැනවින් ප්‍රතිවාදීන්ගේ ලකුණු රැස් කිරීම සිමා කිරීමට සමත් විය.

නැවතත් තරගයට අවතීරණ වූ සරසවි ක්‍රීඩකයින් තරගයහි ලකුණු 36-34 ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුයේ තම දක්ෂතා විදහා දක්වමිනි.කෙසේවෙතත් තරගයේ අවසන් විනාඩි 2 ඉතා උණුසුම් වූ අතර පළමු අර්ධයේ  ප්‍රදර්ශනය කල දක්ෂතා අතරට නැවත පැමිණීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

තරගය අවසන් වුයේ ලකුණු 54-50 ලෙස මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.

තරඟයෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ පුහුණුකාරතුමා පවසා සිටියේ තම කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ තරගයේ ඉදිරි තරග ජයගැනීමට හොද මානසික  මට්ටමකින් සමන්විත බවත් තරගයේ තම කණ්ඩායමට ලද නිදහස් විසිකිරීම් අවස්ථා සාර්ථක කරගත්තෙන්ම් තම ලකුණු මට්ටම ලකුණු 15 කින් පමණ ඉහල නැංවීමට හැකිවනු ඇති බවයි.

B තලයේ අවසන් මහා තරගය 5 වන ඉරිදා දින සවස 4 ට මහනුවර ගේට්වේ පාසැල් පැසිපන්දු පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට