මොරටු සෙබස්තියන් ක්‍රීඩකයෝ සහ වත්තල අන්තෝනුවෝ සුපිරි අටට

336

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටය නියෝජනය කරමින් අද (22) පැවති තරගවල දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. ඒ අනුව ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වුනා.

කන්ද උඩරටට අභියෝග කළ තෝමසුවන් තවත් පිම්මක් ඉදිරියට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් තරගයක්…

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයේ දී කඩුලු 6කින් ජයග්‍රහණය වාර්තා කිරීමට මොරටු ක්‍රීඩකයෝ සමත් වූ අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති තරගයේ දී කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනුවෝ සමත් වුනා.

සාන්ත සෙබස්තියන් සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවති තරගය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 230ක් පමණයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් දක්ෂතා දැක්වූයේ සුඛිත ප්‍රසන්න ය. ඔහු ලකුණු 60ක් ලබා ගත්තා. ඊට අමතරව දුනිත් ජයතුංග ලකුණු 35ක් ද, ජනිශ්ක පෙරේරා ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී බවන්ත ජයසිංහ සහ හිරුද් හේමචන්ද්‍ර කඩුලු 4 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයීය ඉනිම ජයග්‍රහණය ආසන්නයට පැමිණෙද්දී වළක්වා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා. තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍යව තිබිය දී ඉනිම නිමා කිරීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා.

පරාජිත ඉනිමේ දී ගෞරවනීය සේවයක් කිරීමට සනුත් නන්දිනු සමත් වුනා. ඔහු ලකුණු 72ක් ලබා ගත්තා. ඊට අමතර ව රනේෂ් සිල්වා ලකුණු 66ක් ද, බවන්ත ජයසිංහ ලකුණු 50ක් ද ලබා ගැනීමට සමත් වුනා.

සුපිරි පන්දුවාරයෙන් කෙළවර වූ තරගයේ ජය කොළඹට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (22) සවස පැවති තරගයෙන් මහනුවර….

පන්දු යැවීමේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ ජනිෂ්ක පෙරේරා ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය:  කඩුලු 9ක් දැවී 236 (50.0) : සුඛංත ප්‍රසන්න 60, දුනිත් ජයතුංග 35, ජනිශ්ක පෙරේරා 33, බිහඟ මෙන්ඩිස් 25, නදීර ප්‍රනාන්දු 22, බවන්ත ජයසිංහ 4/43, හිරුද් හේමචන්ද්‍ර 4/43

තර්ස්ටන් විද්‍යාලය; සියලුම දෙනා දැවි 230 (47.2) : සනිත් නන්දුනු 72, රනේෂ් සිල්වා 66, බවන්ත ජයසිංහ 50, ජනිශ්ක පෙරේරා 3/22


සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී ප්‍රබල සාන්ත පීතරයින් කඩුලු 2කින් පරාජය කිරීමට සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි සත්කාරකයෝ තම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 238ක් රැස් කළා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කිරීමට සමත් වුනා. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිමේ දැවී ගොස් තිබුණේ කඩුලු 8ක් පමණයි.

විස්සයි විස්සේ වුන දේ ගැන ලසිත් මාලිංග කට අරියි

ඔහු සාම්ප්‍රදායෙන් පිට තමන්ගේ රටාවකටම පන්දු යවයි. සාමාන්‍ය පන්දු යවන්නෙකු මෙන් හිස අසලින් දකුණත් බාහුව ගේනවා වෙනුවට…..

සත්කාර ඉනිම වෙනුවෙන් ෂෙනාල් බොතේජු ලකුණු 68ක් ලබා ගත් අතර විනුද ලියනගේ (නොදැවී 47) සහ හිමසර රන්දෙණිය (47) ද ලකුණු අතරට පිවිසියා. කඩුලු ලබා ගැනීමේ දී ක්ලිෆර්ඩ් එලිමස් කඩුලු 3ක් දවා ගත් අතර අවිශ්ක තරිඳු කඩුලු දෙකක් ලබා ගත්තා.

සාන්ත අන්තෝනුවන්ගේ ජයග්‍රාහී ඉනිමේ දී අවිශ්ක තරිඳු ලකුණු 68ක් ලබා ගත්තා. ඊට අමතරව සංකිත හිරුෂාන් ලකුණු 40ක් සහ ඔසඳ ජයතිලක ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී පබසර හේරත් කඩුලු 3ක් ලබා ගත් අතර මොනිල් සිල්වා කඩුලු 2ක් දවා ගත්තා.

සාන්ත පීතර විද්‍යාලය; කඩුලු 7ක් දැවී 248 (50.0) : ෂෙනාල් බොතේජු 68, විනුද ලියනගේ නොදැවී 47, හිම්සර රන්දෙණිය 47, සවිරු පීරිස් නොදැවී 20, ක්ලිෆර්ඩ් එලිමස් 3/40, අවිශ්ක තරිඳු 2/35

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 8ක් දැවී 252 (48.3) : අවිශ්ක තරිඳු 68, සන්කිත හිරුෂාන් 41, ඔසඳ ජයතිලක 40, චාමික ඩිල්ශාන් නොදැවී 25, අබ්දුල් රහුමාන් නොදැවී 20, විශාල් සිල්වා 20, පබසර හේරත් 2/44, මොනිල් සිල්වා 2/36

තරගාවලියේ මීළඟ තරගය හෙට (23) කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයට අතර අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<