අන්තර් සමාජ සත් සාමාජික රග්බි සංග්‍රාමය ඇරඹේ

269

ඩයලොග් ආයතනය විසින් සවිබල ගන්වනු ලබන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී ආරම්භ වීමට නියමිතයි.

මරික්කාර් කලකිරීම නිසා අල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ ඉන්ති..

ඊයේ (30) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිඩ් ශ්‍රවණාගාරයේ පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා ඩයලොග් ආසිආටා පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

“ක්‍රීඩාවට කිසිදු භාෂාවක් අදාළ වන්නේ නෑ. ක්‍රීඩාව මඟින් අපේ බැදීම් තවදුරටත් වැඩි කරන්න පුළුවන්, මේ තරගාවලිය ජාත්‍යන්තර තලයේ තරගාවලියක් සේ ඉතාමත් සාර්ථකව අවසන් වේවි කියා මා විශ්වාස කරනවා.” යැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසන ලදි.  

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිත රාජකීයයන් බියගන්වති

CR & FC ක්‍රීඩාංගණය මිනිත්තු හැත්තෑවකට කම්පනය කරමින් සිංගර් අන්තර් පාසල්..

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ උප සභාපති ගුණරත්න මහතා සිය අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි ආකාරයක දැවැන්ත සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධානය කිරීමට අනුග්‍රාහකත්වය ලබා දීම හා රට පුරා රග්බි ක්‍රීඩාව මෙන්ම විවිධ ක්‍රීඩා ප්‍රචලිත කිරීමට ඩයලොග් ආසිආටා ආයතනය දරණ වෙහෙස මහන්සිය වෙනුවෙන් සිය විශේෂ ස්තුතිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකීය රග්බි ඉතිහාසයේ පළමු වතාවට අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් අදියර දෙකක් යටතේ පැවැත්වෙන අවස්ථාව මෙය වන අතර අදියර දෙකම කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇත.

“මෙම රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙනවා. කණ්ඩායම් 16ක් එකම කුසලානයක් වෙනුවෙන් එකිනෙකා සමඟ තරග වදිනවා. මේ අවුරුද්දේ දී සංවර්ධනය වූ පළාත් රග්බි කණ්ඩායම් කිහිපයක් ද මෙම තරගාවලියට ඇතුළත් වෙලා තියෙනවා.” යැයි ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

දෙවන රග්බි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට

ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි..

මෙම තරගාවලියේ පළමු අදියර ජුනි මස 2 හා 3 පැවැත්වෙන අතර ජුනි 15 හා 16 දෙවන අදියර පැවැත්වේ. අදියර දෙකම කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

එම තරගාවලියේ නවතම තොරතුරු, උණුසුම් පුවත් හා තරග වාර්තා දැන ගැනීමට ThePapare.com හා නිරන්තරයෙන් රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<