ආනන්ද විදුහල හමුවේ ජයග්‍රහණය සත්කාරකයින්ට

1984

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (9) කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවති අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 21-17ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය. තරගය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

අගනුවර ආක්‍රමණය මැඩලමින් මලියදේවය ජය ගනී

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (8)

ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුම් දෙකක් සමඟින් බෙනඩික්ට් විදුහල තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර අභියෝගාත්මක ක්‍රීඩා විලාසයක නිරත වූ කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රබල අභියෝගයක් එල්ල කළත් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සමඟින් රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි.

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 14 – 10 ආනන්ද විද්‍යාලය

තියුණු මුහුණුවරක් ගත් දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුම බැගින් රැස්කර ගැනීමට සමත් වූ අතර, ආනන්ද විදුහල් කණ්ඩායම ලකුණු පරතරය අඩු කර ගැනීමට කෙතරම් උත්සහ දැරුව ද විනිසුරුගේ නලාව නද වීමත් සමඟ ලකුණු 21-17ක් ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ජය හිමි විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 21 (3T, 3C) – 17 (2T, 2C, 1P) ආනන්ද විද්‍යාලය  

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට