අම්ජාඩ්ගේ උත්සාහක දිනුම් ද්විත්වය සහිරා විදුහලට ජය ගෙනේ

803

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ (21) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර පැවති අතර ලකුණු 26-08ක් ලෙස තරගයේ ජය වාර්තා කර ගනිමින් දෙවන වටයේ කුසලාන ශූරතාවේ තරග කිරීමට අවස්ථාව හිමි කර ගැනීමට මරදාන සහිරා විද්‍යාලය සමත් විය. තරගය මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සුපිරි රාජකීයයන් හමුවේ ත්‍රිත්ව සිංහයන් පසුබසී

බ්‍රැඩ්බි පලිහ කන්ද උඩරටට ගෙන යාමේ ත්‍රිත්ව විද්‍යාලයීය බලාපොරොත්තුව ඉතා දුර බැහැරට පලවා හරින්නට අගනුවර රාජකීයයන් සමත් විය. 74 වන බ්‍රැඩ්බි පලිහ…

තරගයේ පළමු මිනිත්තු කිහිපයේ ධර්මරාජ ක්‍රීඩකයෝ සහිරා ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත් සාර්ථක ලෙස ඔවුන්ගේ උත්සහයක් අවසාන කරන්නට ඔවුන් අසමත් විය. ධර්මරාජ ක්‍රීඩකයින්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 14 වැනි මිනිත්තුවේ දී ඔවුන්ට දඬුවම් පහරක් හිමි වූ අතර නායක බවන්ත උඩන්ගමුව එම දඬුවම් පහර සාර්ථක කර ගන්නා ලදි. (ධර්මරාජ 03-00 සහිරා)

ධර්මරාජ ඉදිරිපෙළ ක්‍රීඩක විනුල් ඒකනායක කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත සහිරා ක්‍රීඩකයෝ සිය දැවැන්ත ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අම්ජාඩ් ෆව්මි එම උත්සාහක දිනුමට හිමිකම් කී අතර මින්හාජ් සම්සුදීන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ධර්මරාජ 03-07 සහිරා)    

කල් යල් නොයවාම නැවත වරක් ක්‍රියාත්මක වූ සහිරා ක්‍රීඩකයෝ නැවත වරක් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ශමින් නසාර් එම උත්සාහක දිනුමට හිමිකම් කීය. ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් මින්හාජ් ශම්සුදින් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ධර්මරාජ 03-14 සහිරා)    

සාන්ත පීතර විද්‍යාලය අපරාජීතව පළමු වටයට තිත තබයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (21) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය…

පළමු අර්ධයේ අවසාන භාගයේ සහිරා ඉදිරිපෙළ ක්‍රීඩක අම්ජාඩ් ෆව්මි, ධර්මරාජ ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරින් රිංගා ගොස් උත්සාහක දිනුම් සීමාව දෙවන වරටත් ඉක්මවා යාමට සමත්වූ අතර මින්හාජ් ශම්සුදින් හට එහි ප්‍රවර්තනය නම් සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. (ධර්මරාජ 03-19 සහිරා)   

පළමු අර්ධය: ධර්මරාජ විද්‍යාලය 03-00 සහිරා විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේම ධර්මරාජ නායක බවන්ත උඩන්ගමුව හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් සහිරා ක්‍රීඩකයෝ ධර්මරාජ අර්ධය තියුණු ලෙස ආක්‍රමණය කළ අතර ධර්මරාජ ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව අසලම සහිරා ක්‍රීඩකයින්ට දඬුවම් පහර රැසක් ලබා දීම නිසා විනිසුරු ජමාල්දීන් සහිරා විද්‍යාලයට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට තීරණය කරන ලදි. (ධර්මරාජ 03-26 සහිරා)    

පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය

සිංගර් පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (20) පැවතියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතරයි.

ධර්මරාජ ක්‍රීඩකයින් පෙර තරගවල මෙන්ම තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර ජයග්‍රහණය උදෙසා කාලයක් ඉතිරි නොවී තිබුණ ද කසුන් මදුශංකගේ සුරතින් සිය එකම උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට ඔවුන් සමත් විය. (ධර්මරාජ 08-26 සහිරා)  

අවසාන ලකුණු තත්වය: ධර්මරාජ විද්‍යාලය 08 (1T,1P) – 26 (4T,3C) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: අම්ජාඩ් ෆව්මි (සහිරා)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ධර්මරාජ විද්‍යාලය: බවන්ත උඩන්ගමුව (1P), කසුන් මදුශංක (1T)
  • සහිරා විද්‍යාලය: මින්හාජ් ශම්සුදින් (2C), අම්ජාඩ් ෆව්මි (2T), ශමින් නසාර් (1T)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<