යුධ හමුදාව සහ CR&FC අතර ප්‍රබල සටනක්

440

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR&FC කණ්ඩායම සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 24-24ක් ලෙස සම තත්ත්වයෙන් තරගය නිමා විය.

හැව්ලොක් ක්‍රීඩකයින්ට කන්ද උඩරටින් හොඳ සත්කාරයක්

බුවනෙක උඩන්ගමුවගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය හේතුවෙන් 2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි…

CR&FC ක්‍රීඩා සමාජයේ නායක තරින්ද රත්වත්තේගේ පා පහරින් ආරම්භ වූ තරගයේ 02 වන මිනිත්තුවේ දී CR&FC ක්‍රීඩා සමාජයේ ඔමල්ක ගුණරත්න විසින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. (CR&FC 07-00 යුධ)

ඉන්පසු නැවත තරගයට අවතීර්ණ වූ CR&FC ක්‍රීඩකයින් විසින් දැඩි පීඩනයක් ගුවන් හමුදා ක්‍රීඩකයින්ට එල්ල කිරීමට සමත් වූ අතර තම උත්සාහය සාර්ථක කරගනිමින් තරගයේ 19 වන මිනිත්තුවේ දී CR&FC ක්‍රීඩා සමාජයේ හරිත් බණ්ඩාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේට නොහැකි විය. (CR&FC 12-00 යුධ)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ 25 වන මිනිත්තුවේ දී CR&FC ක්‍රීඩා සමාජයේ නායක තරින්ද රත්වත්තේ හට විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් ලබා දුන්නේ අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙනි.

ප්‍රබල උත්සාහයකින් අනතුරුව 28 වන මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සුදාරක දික්කුඹුර සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (CR&FC 12-07 යුධ)

ඉන්පසු නැවතත් ක්‍රියාත්මක වූ යුධ හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධය නිමා වීමට පෙර තරගයේ 38 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නාලන් ප්‍රේමනාත් විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (CR&FC 12-14 යුධ)

පළමු අර්ධය: CR&FC ක්‍රීඩා සමාජය 12-14 යුධ හමුදා ක්‍රීඩා සමාජය

පොලිස් පිටියට ආ යුධ සෙබළු හිස් අතින් ගෙදර යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තයේ තවත් තරගයක් අද (15) කොළඹ…

තරගයේ දෙවන අර්ධය යුධ හමුදා ක්‍රීඩක ගයාන් සාලින්දගේ පා පහරින් ආරම්භ වූ අතර ඉන් මිනිත්තු 2ක් ගතවූ පසු යුධ හමුදා ක්‍රීඩා සමාජය හට දඬුවම් පහරක් හිමි විය. එය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (CR&FC 12-17 යුධ)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් විසින් CR&FC ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් නැවත වරක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. 55 වන මිනිත්තුවේ දී අශෝක ජයලාල් විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත් විය. (CR&FC 12-24 යුධ)

CR&FC ක්‍රීඩා සමාජයේ ලකුණු පුවරුවට තවත් ලකුණු එකතු කිරීමට වාජිත් ෆවුමි සමත් වූයේ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. තරගයේ 63 වන මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. (CR&FC 19-24 යුධ)

CR&FC කණ්ඩායමට ගුවන් හමුදාවෙන් ප්‍රබල තරගයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ලෙස CR&FC ක්‍රීඩා සමාජය සහ ගුවන්…

තරගයේ දෙවන අර්ධය නිමා වීමට පෙර තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමට CR&FC ක්‍රීඩා සමාජයේ දුලාංජන විජේසිංහ සමත් වූ අතර එයින් තරගයේ ලකුණු තත්ත්වය සමවිය. තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට අවශ්‍ය වුවත් තරින්ද රත්වත්තේ හට එය සාර්ථක කරගැනීමට නොහැකි විය. (CR&FC 24-24 යුධ)

අවසන් ලකුණු තත්වය: CR&FC කණ්ඩායම 24 (4T, 2C) – 24 (3T, 1P, 3C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – වාජිත් ෆවුමි (CR&FC ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CR&FC – ඔමල්ක ගුණරත්න (1T), හරිත් බණ්ඩාර (1T), වාජිත් ෆවුමි (1T), දුලාංජන විජේසිංහ (1T), තරින්ද රත්වත්තේ (2C)
  • යුධ හමුදා – සුදාරක දික්කුඹුර (1T), නාලන් ප්‍රේමනාත් (1T), අශෝක ජයලාල් (1T), ගයාන් සාලින්ද (1P, 3T)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<