සාන්ත ඇලෝසියස් විද්‍යාලයට දැවැන්ත ජයක්

200

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (18) කොළඹ දී හා ගාල්ල දී පැවැත්විය.

ඒ තරග අතරින්  කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පරාජය කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමක හා ලකුණු 100ක් දැවැන්ත ජයක් ලබා ගන්නා විට අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

සාන්ත ඇලෝසියස් හා ඩී. එස්. සේනානායක ඉදිරියෙන්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) කොළඹ දී හා ගාල්ල…

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 100ක දැවැන්ත ජයක් හිමි වූ මේ තරගය අද (18) දිනය සඳහා ආරම්භ කරන විට සාන්ත මරියා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 46ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවිය.

දිනේෂ් පෙතියගොඩ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලබා ගත්තේ ලකුණු 18ක් පමණි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 101කට සීමා වීම නිසා නැවතත් ඔවුන්ට සිය දෙවන ඉනිම දියත්  කිරීමට සිදු විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 248ක් ලබා ගන්නා ලදි. තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාව දුටුවේ C කාණ්ඩයේ තරගයක් ලෙසයි.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 248 (73.1): චතුර ප්‍රභාත් 53, සංදීප චමෝද් 46, මනුෂ්ක සමිත් 32, ඔමාල් සංදීප 31, රවිඳු කාංචන 20, ඉශාන් වීරසූරිය 6/93.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 101 (42.2): දිනේෂ් පෙතියගොඩ 18, වින්දුක මල්ශිත් 4/43, කවිඳු දිල්හාර 3/13.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම (F/O) –  43 (23.4): ඉශාන් වීරසූරිය 26*, වින්දුක මල්ශිත් 5/22, මනුෂ්ක සමිත් 3/06, කවීෂා විලෝචන 2/09.

මුන්රෝ හා මැකලම් අවසන් තරගය සැණකෙළියක් කරයි

6 වන වරටත් පැවති කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගයනා ඇමර්සන් වෝරියස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම…

ඉසිපතන  විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

කොල්ට්ස් පිටියේ පැවති මෙම තරගයේ ඊයේ (17) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටින ලදි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 281ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.  ශෙරොන් බ‍ාස්කරන්, අයන්ත සවිඳු හා මනේන්ද්‍ර ජයතිලක යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම සවිමත් කරන ලදි.

මනේනද්‍ර ජයතිලක, පසිඳු ආධිත්‍ය හා නෙතුශාන් කුමාර යන ඩී. එස්. පන්දු යවන්නන් ඉසිපතන විද්‍යාලයේ කඩුලු 2ක බැගින් දවා ගනිමින් ඉසිපතන පළමු ඉනිම ලකුණු 150කට සීමා කළේය. ඉසිපතනයේ අභිමානය රැකගනිමින් පන්දුවට පහර දුන් වමතින් පිත්ත හසුරුවන රවිඳු රත්නායක ලකුණු 73ක් ලබා ගත්තේ 4 පහර 9ක් හා 6 පහර දෙකක් සිය ලකුණු ගිණුමට එකතු කර ගනිමිනි.

ඉසිපතන පළමු ඉනිම අඩු ලකුණකට සීමා කිරීමට ඩී. එස්. සේනානායක විද්‍යාල පන්දු යවන්නන් සමත් වීම නිසා ඔවුන් ඉසිපතන විද්‍යාලයේ පිතිකරුවන්ට නැවත වතාවක් පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දුන්නේ ඉනිමක ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. අශේන් ගුණවර්ධන හා රවිඳු රත්නායක අර්ධ ශතක ලබාගෙන ඉසිපතන දෙවන ඉනිම සුරක්ෂිත කරගත්තේ සිය විද්‍යාලය ඉනිමක පරාජයෙන් මුදවා ගනිමිනි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මුදිත ලක්ෂාන් කඩුලු 4ක් දවා ගත්තේය.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 281/7 (62.3): ශෙරොන් බස්කරන් 62, අයන්ත සවිඳු 59, මනේන්ද්‍ර ජයතිලක 50, මුදිත ලක්ෂාන් 46, පසිඳු ආධිත්‍ය 42, මධුෂික සඳරුවන් 3/96, රවිඳු රත්නායක 2/23.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 150 (44.1): රවිඳු රත්නායක 73, මනේනද්‍ර ජයතිලක 2/20, පසිඳු ආධිත්‍ය 2/22, නෙතුශාන් කුමාර 2/35.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම (F/O) – 188/8 (60.2): අශේන් ගුණවර්ධන 69, රවිඳු රත්නායක 52, මුදිත ලක්ෂාන් 4/48.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<