චන්දිමාල්ට අලුත්ම ක්‍රිකට් ඉල්ලමක්

එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

1349
Chandimal

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය සදහා ගිවිසුම් ගත වී තිබෙනවා.

සිව්වැනි වරටත් පැවැත්වෙන මේ EPL ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 6 අතරින් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතව සිටින්නේ Bhairahawa Gladiators කණ්ඩායම සමඟයි.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා විස්සයි  විස්ස කණ්ඩායම්වල නායකත්වය දැරූ 31 හැවිරිදි චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස තරග සංඛ්‍යාව 57ක්. 2014 වසරේ දී විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයේ ද ප්‍රධාන ක්‍රීඩකයෙකු වූ ඔහු එම තරගාවලියේ පළමු තරග කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා. 

මීට පෙර 2017 වසරේ දී පැවති EPL තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් Kathmandu Kings කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා. 

එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2016 වසරේ දී ආරම්භ වූ අතර එය 2018 වසරේ දී අවසන් වරට පැවැත්වුනා. ඒ අනුව එම තරගාවලියේ සිව්වැනි අදියර වන මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර තුනක විරාමයකින් පසුව වීම විශේෂ වෙනවා.

සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිත 2021 EPL තරග වාරය ඔක්තෝබර් 9 වැනිදා නිමාවීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<