අධ්‍යාපන කරීඩා සංගමය සහ ශ්රී ලංකා පාසල් වොලිබෝල් සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ටිකිරි වොලිබෝල් ශූරතාවලිය වයස අවුරුදු 13න් පහළ ක්රීඩක ක්රීඩිකාවන් සදහා පමණක් විශේෂයෙන් සංවිධානය කරන ලද්දකි.

මෙම ශූරතාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ප්රථම අදියර අධ්‍යාපන කළාප මට්ටමින් පසුගිය දා පැවැත්විණි. දෙවන අදියර  කළාප අතුරින් ජයග්රහණය කළ පාසල් සමඟ නොවැම්බර් මස 28, 29 සහ 30 යන දිනයන් හි ගම්පහ බණ්ඩාරණායක විදුහල් ක්රීඩාංගණයේ දී පැවැත්වේ.ඒය සමස්ත ලංකා මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර අැත.

මෙහි පළමු අදියර සදහා අධ්‍යාපන කළාප 94ක් අතුරින් කළාප 60ක් පමණ සහභාගී වූ අතර එක් කළාපයකින් පාසල් 10ක් පමණ සහභාගී වී ඇත. පළමු අදියරින් ජයග්රහණය ලැබූ පාසල් සදහා ශ්රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ගරු සභාපති ලාල් දිසානායක මහත්මාගේ සහ ගරු ලේකම් රණ්තිලකා ජයවීර මහත්මියගේ ප්රධානත්වයෙන් වොල්බෝල් පන්දු දෙක බැගින් පන්දු 600ක් ප්රධානය කරන ලදී.

මෙම ශූරතාවලියෙහි නිර්මාණාත්මක සංවිධායක වන කුමාර වෙන්ඩකෝන් මහතා ThePapare.com සමඟ අදහස් දැක්වමින් පවසා සිටියේ ඉදිරි අනාගතයේ දී වොලිබෝල් ශූරයින් බිහිකිරීමේ ප්රයත්නයක් ලෙස මෙය අාරම්භ කර අතර අාරම්භක පියවර වයස අවුරුදු 13න් පහළ ක්රීඩක ක්රීඩකයින් යොදා සංවිධානය කල බවයි.

මීට අමතරව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ අවසන අදියර ඉතා උත්කර්ෂවත් අන්දමින් සිත් ඇද ගන්නා අාකාරෙය් වොලිබෝල් සැණකෙළියක් ලෙස පැවැත්වෙන බවය.

එදින බාලක කණ්ඩායම් 104ක් තරගවදින අතර බාලිකා කණ්ඩායම් 100ක් ද තරග කිරීමට නියමිතය. මොවුන් සදහා තරග පිට්ටනි 12ක් එදින සූදානම් කරන අතර මෙම ශූරතාවලියෙහි විශේෂත්වයක් වන්නේ සාමාන්‍ය කණ්ඩායමක ක්රීඩකයින් 06ක් සිටින මුත් මෙහි ක්රීඩකයින් 04ක් පමණක් ක්රීඩා කිරීමයි.