ලෝක කුසලාන ඉතිහාසය 10 (2007)

501

70 දශකයේ ක්‍රිකට් ක්‍රිඩාවේ කොදෙව් ආධිපත්‍ය මෙන්ම ඕස්ට්‍රේලියානුවන්ද ඉන්පසු දශකයක් පුරාවට ක්‍රිකට් ලොවේ තම ආධිපත්‍ය පතුරාගෙන සිටියේය. 2007 ලෝක කුසලානය ජයගැනිමෙන් පසු ඕස්ට්‍රේලියානුවන් එකපිට ලෝක කුසලාන තුනක් ජයගෙන සිටියේය. ඕස්ට්‍රේලියානුවන් සැමවිටම නව දක්ෂතා වලින් පිරිපුණ් ක්‍රිඩකයින් සොයාගත් අතර ඔවුන් පන්දු යැවිම, පන්දු රැකිම හා පන්දුවට පහර දීම යන අංශ 3න් ම දක්ශතා පෙන්විය.

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින් ක්‍රිඩාවෙන් සමුගත්තද, ඔවුන්ගෙ අඩුව පිරවිමට සැමවිටම නව ක්‍රිඩකයෙකු සිටියෙය. 

පළමු වතාවට කොදෙව්වන් ලෝක කුසලානයක සත්කාරක රට බවට පත් වූ අතර කැරිබියන් රාජ්‍ය 8කදි ලෝක කුසලාන තරග පැවැත්විය. මෙම ලෝක කුසලානය “කැරිබියන් සැණෙකෙළිය” නමින් නම් කර තිබුනද ප්‍රවේශ පත්‍ර වල අධික මිල ගණන් නිසාවෙන් බොහෝ තරග වලදි ප්‍රේක්ෂකාගාරය හිස් අසු වලින් පිරි තිබිණි. සංගිත භාණ්ඩ ප්‍රේක්ෂකාගාරය තුලට ගෙන ඒම තහනම් කොට තිබිණ. සති 6ක කාලයක් පුරාවට මෙම තරගාවලිය තිබිම නිසා ප්‍රේක්ෂකයින් හට මෙම ලෝක කුසලානය සැණෙකෙළියක් නොව නොනවතින ලෝක කුසලානයක් මෙන් හැගි ගියේය. ඉන්දියාව හා පකිස්ථනය කාණ්ඩ තරග වලින්ම ඉවත් වූ අතර පකිස්ථානු පුහුණුකරු බොබ් වුල්මෙර්ගේ හදිසි මරණය කිසිවෙකුටත් අද්හාගත නොහැකි විය. කණ්ඩායම් 16ක් කාණ්ඩ 4කට බෙදුනු අතර පළමු වතාවට බර්මියුඩාව හා අයර්ලන්තයද ඇතුලත් විය. “සුපිරි 8දෙනාගේ වටය”ද මෙහිදි හදුන්වාදෙන ලදි. “පවර් ප්ලේ” මුලින්ම හදුන්වා දුන්නේද මෙම ලෝක කුසලානයෙදිය.

සත්කාරක කොදෙව්වන් හා පකිස්ථනය ආරම්භක තරගයට මුහුණදුන් අතර එය ජැමෙයිකාවෙ කින්ග්ස්ටන් හිදි මාර්තු 13වන දින පැවැත්විය. නායක ඉන්සමාම් උල්-හක් ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට කොදෙව්වන්ට ආරාධනා කල අතර ඔවුන් ලකුණු 241ක් රැස් කලේය. මේ සදහා කොදෙව් කඩුළු 9ක් වැයවිය. මාර්ලන් සැමුවෙල්ගේ ලකුණු 63 මෙහිදි කැපි පෙණින. පකිස්ථානු පිළිතුරු ඉනිම වැනසිමට ඩැරන් පවල් හා ඩ්වෙන් ස්මිත් සමත් වූ අතර පසුව ඩ්වෙයින් බ්‍රාවොද එක්ව තිදෙනා අතර කඩුළු 8ක් බෙදා ගත්හ. පකිස්ථානය රැස් කලේ ලකුණු 187ක් පමණි.    

 

පොලිස් නිලධාරියෙකුගේ හා ගිබ්ස්ගේ විරක්‍රියා…..!!!

කායිකව  ශක්තිමත් ක්‍රිඩකයින් ක්‍රිකට් ක්‍රිඩාවෙ රජ කල කාලයකදි බර්මියුඩාවේ ඩ්වෙයින් ලෙවරොක් විශෙෂයෙන් කැපිපෙණින. ඔහු ලෝක කුසලානයක ක්‍රිඩාකල බරින් වැඩිම ක්‍රිඩකයා විය. ඔහුගේ බර රාත්තල් 280 වූ අතර වෘත්තියෙන් ඔහු පොලිස් නිලධාරියෙකු විය. ඉන්දියාව සමග පැවැති තරගයේදි ඔහු ස්ලිප් ක්‍රිඩකයෙක් ලෙස ක්‍රිඩා කලේය. තම මංගල තරගය ක්‍රිඩා කල මලාචි ජොන්ස්ගේ දෙවන ඕවරයට ඉන්දියානු ක්‍රිඩක රොබින් උත්තපා මුහුණ දෙමින් සිටි අතර මලාචි ජොන්ස්ගේ පන්දුවකට “ෆ්ලික්” පහරක් උත්තපා විසින් ක්‍රිඩා කරන ලදි. කිසිවෙකුත් නොසිතු වෙලාවකදි උත්තපාගේ උඩ පන්දුව එක් අතකින් විශිෂ්ට ලෙස රැක ගැනිමට මෙම රාත්තල් 280ක් බරැති ලෙවර්ලොක් සමත් වුනේ ප්‍රෙක්ෂක සියල්ල මවිතයට පත් කරමින්ය. මෙම උඩපන්දුව රැක ගැනිමේ සතුට සැමරිමට ඔහු පිටිය වටා දුවමින් ප්‍රීති ඝෝෂා නැගිය. පසුව ඔහු යුවරාජ් සින්ග්ගේද කඩුල්ල දවාගෙන හුගෙ “ජිග්” නර්තනය සිදු කලේය. ඒවන විටත් ඔහු ප්‍රේක්ෂක හදවත් දිනාගෙන සියල්ලන්ගේම ආකර්ෂණයට පාත්‍ර වී සිටියේය.

දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය අතර තරගයේදි කාගෙත් අවධානය දිනා ගැනිමට හර්ශෙල් ගිබ්ස් සමත් විය. ඩැන් වැන් බන්ජ්ගෙ ඕවරයෙදි ඔහු එල්ල කල හයේ පහර 6 නිසාවෙන් ඔහු, සොබර්ස් හා රවි ශාස්ත්‍රි සමගින් සම වි සිටියේය. ජාත්‍යන්තර තරගයකදි මෙම දස්කම පැඑ පළමු ක්‍රිඩකය බවට ඔහු පත් විය. පළමු පන්දු 2ක් “ලොන්ග් ඕන්”දෙසට හා “ලොන්ග් ඕෆ්” දෙසට යොමු කල අතර තෙවන පන්දුව “ලොන්ග් ඕෆ්” දෙසටම එල්ල කරන ලදි. සිව්වන පන්දුව “ෆුල් ටොස්” පන්දුවක් වූ අතර එය “මිඩ් විකට්” කලාපයට එල්ල කරන ලදි. පස්වන පන්දුව “වයිඩ් ලොන්ග් ඕෆ්” කලාපයටද අවසන් පන්දුව “ඩීප් මිඩ් විකට්” කලපයටද එල්ල කලේ වැන් බන්ජ්ගේ පන්දු යැවිම කුඩා ළදරුවෙකුගේ පන්දු යැවිමකට සම කරමින්ය.   

 

ශාන්ත පැට්ට්‍රික් දිනයේ අයර්ලන්ත සැණෙකෙළිය….!!!

අයර්ලන්තයේ පළමු ලෝක කුසලානය මෙය වූ අතර ඔවුන්ගෙන් වැඩි දෙයක් කිසිකෙනෙකුත් බළාපොරොත්තු වුයේ නැත. සිම්බාබ්වේ සමග තරගය සම කරගැනිමෙන් පසු අයර්ලන්ත පිලේ මානසිකත්වය ඉත යහපත් විය. නමුත් මෙම දිනයේදි පකිස්ථානයට වැඩි බළාපොරොත්තු තිබිණ. මෙම තරගය ජය ගැනිම දෙපිලටම අත්‍යාවශ්‍ය විය. කාසියේ වාසිය දිනා අයර්ලන්තය පලමුවෙන් පන්දු රැකිම තෝරා ගත්තේය. අයර්ලන්ත පුහුණුකරු වුයේ හිටපු කොදෙව් පිලේ දැවැන්තයෙකු වූ ෆිල් සයිමන්ඩ්ස්ය. අයර්ලන්ත පන්දු යවන්නන් පකිස්ථානු පිතිකරුවන් එකින් එක පිටියෙන් ඉවත් කිරිමට සමත් විය. අයර්ලන්ත පන්දු රැකිමද ඉත විශිෂ්ට විය. ට්‍රෙන්ට් ජොන්ස්ටන් ඇද්හිය නොහැකි උඩ පන්දුවක් රැක ගනිමින් කම්‍රාන් අක්මාල් පිටියෙන් ඉවත් කලේය. වේග පන්දු යවන්නන් වූ ලන්ග්ෆොර්ඩ් ස්මිත්, ජොන්ස්ටන්, ඇන්ඩ්‍රෙ බෝතා හා තරගාවලියේ උසම ක්‍රිඩකයා වූ බොයිඩ් රැන්කින් එක්ව කඩුළු 7ක් බිද හෙළිය. පකිස්ථානුවන් ලකුණු 132කට සීමා කිරිමට නවක අයර්ලන්ත පිල සමත් විය. අයර්ලන්තය ක්‍රිඩා කිරිමට පිටියට පැමිණි අතර, පකිස්ථානු පන්දු යවන්නන් ඉත හොදින් පන්දු යවන ලදි. නමුත් නියල් ඕ’බ්‍රයන් ලකුණු 72ක් ලබා ගනිමින් තම රටට කඩුළු 3ක ජයක් ලබා දුන්නේය. අයර්ලන්තයට තම කැරිබියානු නිවාඩුව වැඩි කරගැනිමට හැකි වුනද, පකිස්ථානයට මෙය බොද වූ සිහිනයක් විය.

 

ප්‍රබල ඉන්දියාව බංග්ලාදේශය හමුවේ අසරණ වෙයි….     

අයර්ලන්තය ජයගත් දිනයේදිම ඉන්දියාවද තම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කලේ කඩුළු 5ක පරාජයක් බංග්ලාදේශය හමුවේ ලබමින්ය. පළමුවෙන් පහර දිමට ඩ්‍රාවිඩ් ගත් තීරණය වැරදි තීරණයක් බව තහවුරු කරමින්  මොර්ටසා, අබ්දුර් රසාක් හා මොහොමඩ් රෆික්  එක්ව ඉන්දියාව ලකුණු 191කට සීමා කලේය. ආරම්භක පිතිකරු ගන්ගුලි ලකුණු 66ක් ලබා ගත් අතර යුවරාජ් සින්ග් ලකුණු 47ක් ලබා ගත්තේය. 

බංග්ලාදෙශය තුල පමණක් ප්‍රචලිත වූ 17ත් හැවිරිදි තමිම් ඉක්බාල් තම හඹා යැම ආරම්භ කලේ නුදුරු අනාගතයේ තමන් දක්ෂ පිතිකරුවෙකු වන බව ලොවටම කියා පාමින්ය. ඔහු තම පිලට ලකුණු 51ක් රැස් කල අතර තවත් අර්ධ ශතක 2ක් ලබා ගනිම් මුශ්ෆිකර් රහීම් හා ශකීබ් උල්-හසන් තරගයේ 49වන ඕවරයෙදි ජය තහවුරු කරගත්තේය. 

 

කැන්ගරුවන් ඉදිරියටම පැමිණෙයි…!!

ලෝක ශූර  ඕස්ට්‍රේලියානු කණ්ඩායම “ඒ” කාණ්ඩයේ පළමු තැන ලබා ගත්තේ ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය පරාජය කරමින්ය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 83ක ජයක් ලබා ගත් ඔවුන් මෙවරද ලෝක කුසලානයට හිමිකම් කියන්නට බළාපොරොත්තුවෙන් සිටි බව ලොවට පෙනිගියේය. මැතිව් හේඩන් පන්දු 66කදි රැස් කල ශතකය මේ අතරින් කැපි පෙණින. මෙම තරගාවලියේ රැස් කල වෙගවත්ම ශතකය මෙම ශතකය විය. ඕස්ට්‍රේලියාව 3.4ක ලකුණු ලබා ගැනිමේ වේගයක් ඇතිව “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගත් අතර දකුණු අප්‍රිකාව දෙවන තැන ලබා ගත්තේය. “බි” කාණ්ඩයෙන් ශ්‍රි ලංකාව හා බංග්ලාදේශයද, “සී” කාණ්ඩයෙන් නවසීලන්තය හා එංගලන්තයද, “ඩි” කාණ්ඩයෙන් කොදෙව්වන් හා අයර්ලන්තය සුදුසුකම් ලැබිය. ඉන්දියාවට සිදුවුයේ තම රට බලා පියාසර කිරිමටය. 

 

මාලිංගගේ ලෝක වාර්තාව හා දශමයකින් ගිලිහුණු තරගය…

ශ්‍රි ලංකාව ලකුණු 209ක් රැස් කරගෙන සිටියද එම ඉලක්කය දකුණු අප්‍රකානුවන් හට වැඩි දෙයක් නොවිය. දකුණු අප්‍රිකානුවන් කඩුළු 5ක් දැවි ලකුණු 206 ලබා සිටි අතර ජය ගැනිමට ඔවුන්ට අවශ්‍යව තිබුනේ ලකුණු 4ක් පමණි. නායක මහේල පන්දුව මාලිංග අතට ලබා දුන්නේ 45වන ඕවර ක්‍රියාත්මක කිරිමටයි. පෝලොක් හා කාලිස් පිටියේ පන්දුවට පහර දෙමින් සිටියේය. පළමුවෙන් පෝලොක්ද, ඇන්ඩෲ හෝල්ද අවසානයේ “හැට්-රික්” කඩුල්ල වෙනුවෙන්  කාලිස්වද දවාගත් මාලිංග එයින් නොනැවති නිට්නිවද දවා ගත්තේ දකුණු අප්‍රිකාව ඉතා අසීරු තත්වයකට ඇදදාමින්ය. ලකුණු 207කට දකුණු අප්‍රිකානු කඩුළු 9ක් දැවි ගොස් තිබිණි. නමුත් ලැන්ගවෙල්ඩ්ගේ වාසනාව නිසාවෙන් මාලිංගගේ “යෝකර්” පන්දු මගහරවා ගැනිමට ඔහු සමත් විය. අවසානයේ පන්දු 9කට පසුව හතරේ පහරකින් තරගය අවසන් වුයේ අප්‍රිකාන්වන්ට ජය ගෙන දෙමින්ය. තරගයක් ජයගැනිමට මාලිංග ගෙන ගිය තනිකඩ සටන ඉතිහාස ගතවන්නේ ඔහු පන්දු 4දි කඩුළු 4ක් ලබා ගත් පළමු ක්‍රිඩකයා බවට පත්වෙමින්ය.

 

සුපිරි පිතිකරු ලාරාගේ සමුගැනිම….!!! 

අපරාජිත කැන්ගරුවන් තමන් සමග ක්‍රිඩා කල සියළු කණ්ඩායම් ප්පරාජය කරමින් ඉදිරියට ඇදිණ. ඔවුන් කොදෙව්වන් හමුවෙ ලකුණු 103ක ජයක් ද, නවසිලන්තය හමුවෙ ලකුණු 215ක ජයක් ද ලැබුහ. ශ්‍රි ලංකාව දෙවන ස්ථානය ලබාගත්තේ පළමු තැන ඕස්ට්‍රේලියාවට ලබාදෙමින්ය. නවසිලන්තය හා දකුණු අප්‍රිකාව පිළිවෙලින් තෙවන හා සිව්වන ස්ථාන ලබා ගෙන අවසන් පුර්ව තරග වලට සුදුසුකම් ලැබීය. එංගලන්තය හමුවේ බාර්බඩොස් හිදි සුපිරි කොදෙව් පිතිකරු ලාර තම අවසන් එක්දින තරගය ක්‍රිඩා කලේ ක්‍රිකට් ක්‍රිඩාවට හා ප්‍රේක්ෂකයින් හට අවසානයේ සමුදෙමින්ය. එංගලන්තයද ලාරා හට තම ආචාරය පුද කලේ පිටිය දෙපස පෙළ ගැසි ඔහුට අත්පොලසන් දෙමින්ය.  

ශ්‍රි ලංකාව හා ඕස්ට්‍රේලියාව 2007 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ නවසිලන්තය හා දකුණු අප්‍රිකාව පරාජය කරමින්ය. පළමු අවසන් පුර්ව තරගයෙදි ලංකාව ලකුණු 289ක් රැස් කල අතර මහේල ජයවර්ධන පන්දු 109කදි ලකුණු 115ක් රැස් කලේය. හතරේ පහර 13ක් ඔහුගේ ඉනිමට ඇතුලත් විය. ලෝක ශූර දග පන්දු යවන්නෙකු වන මුරලි නවසිලන්ත කඩුළු 4ක් ලකුණු 31කට ලබාගත් අතර ඔවුන්ගෙ ඉනිම ලකුණු 208කට සීමා විය. පසු දිනයේදි ග්ලෙන් මැක්ග්‍රත් හා ෂෝන් ටේට් දකුණු අප්‍රිකානු සිහින බොද කර දැම්මේ ලකුණු 149කට ඔවුන්ගේ ඉනිම සිමා කරමින්ය. මෙය හඹායාම කැන්ගරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නොවිය.

 

ශ්‍රි ලංකාවට තර්ජනයක් වූ ගිල්ක්‍රිස්ට්….!!

මෙය එකම ප්‍රතිවාදින් නැවත හමුවු පළමු ලෝක කුසලාන අවසන් තරගය විය. 96 ලෝක කුසලානයේ අවසන් තරගයට ඕස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාව තරග වැදිණ. 2007දිද මෙම කණ්ඩායම් දෙකම නැවත හමුවිය. අප්‍රේල් 28වන දින බාර්බඩොස් හිදි මෙම තරගය පැවැත්වු අතර ඕස්ට්‍රේලියානුවන් මුහුණදුන් 6වන අවසන් තරගය බවටද මෙය පත් විය. වර්ෂාව හෙතුවෙන් තරගය ඕවර 38කට සීමා වුයෙය. නායක පොන්ටින් කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. ඔවුන් ඕවර 10ක් ගත විමට පෙර ලකුණු 50 සීමාව පසු කලේය. ඩිල්හාර ගිල්ක්‍රිස්ට්ගේ උඩ පන්දුවක් අත හැරියේය. ඒවන විට ඔහු ලබා සිටියේ ලකුණු 31ක් පමණි. පන්දු 43කදි තම අර්ධ ශතකය ලබා ගත් ඔහු, ලකුණු ලබා ගැනිම වෙගවත් කලේය. පන්දු 72කදි ඔහු තම ශතකය වාර්තා කලේය. හේඩන් ලකුණු 38කට දැවි ගියද ගිල්ක්‍රිස්ට්ගේ ඉනිම අවසන් වුයේ ඔහු ලකුණු 149ක් රැස් කිරිමෙන් පසුවය. මෙම ලකුණු 149 එවකට හා තවමත් අවසන් තරගයක රැස් කල වැඩිම ලකුණු ගණන වේ. ශ්‍රි ලංකාවට ලැබුණු ඉලක්කය ලකුණු 281ක් විය. ශ්‍රි ලංකා පිතිකරණය ඕස්ට්‍රේලියානුවන්ට තර්ජනයක් නොවිය. ශ්‍රි ලංකාවට ජය ගැනිමය ඕවර 3කදි ලකුණු 63ක් අවශ්‍යව තිබු මොහොතක විනිසුරුවන් පසුදිනය තෙක් තරගය කල් දැමිමට තිරණය කලේය. නමුත් අවසානයේ ක්‍රිඩාවේ නියම මහත්මයෙකු වූ නායක මහේල තම පිතිකරුවන් නැවත පිටියට යවා තරගය අවසන් වන තෙක් ක්‍රිඩා කිරිමට තිරණය කලේය. තරගය අන්ධකාරයේ අවසන් වුයේ ප්‍රේක්ෂක අප්‍රසාදයත් සමගින් ය. නමුත් තරගයේ ජය ඕස්ට්‍රේලියානුවන් තමන් සතු කරගෙන තිබිණ. මෙම ජයත් සමගින් ඕස්ට්‍රේලියාව තෙවරක් එක පිට එක ලෝක කුසලානය ජයගත්තේය.