ලෝක කුසලාන ඉතිහාසය 1- කොදෙව්වෝ 1975දී ලෝකය අමන්දානන්දයට පත්කරයි.

396

ජාත්යන්තර එක්දින ක්රිකට් තරග වල පටන් ගැන්මත් සමග පන්දුව සහ පිත්ත අතර තිබූ සටනට නව පණක් ලැබීය. සියවස් ගණනාවක් පුරා ඒකාකාර වූ ටෙස්ට් ක්රිකට් තරග මහත්වරුන්ගේ ක්රිඩාවට ප්රාණවත් බවක් ලගා කලේය.

එක් දින තරග වලට ලැබුණු ඉමහත් ප්රසිද්ධ්ය නිසවෙන් ජාත්යන්තර ක්රිකට් කවුන්සලයට බොහෝ යෝජනා පැම්ණියේ මෙම තරග පවත්වන ලෙසටය මෙම යෝජනා මල් පන ගන්වමින් 1975දී එංගලන්තයේදී පළමුවන ලෝක කුසලානය පැවත්වූයේය. මෙයට අනුග්රහකත්වය දැක්වූයේ එවකට ලන්ඩනය පදක කරගත් ප්රඩෙන්ශල් රක්ෂණ සමාගමය. එම නිසා පළමුවන ලෝක කුසලානය හැදින්වුයේ ප්රඩෙන්ශල් කුසලානය යනුවෙනි.

ක්රිකට් ක්රීඩාව එංගලන්තයේ ග්රීෂ්ම ඝෘතුව අලංකාරවත් කරයි.

සමාරම්භක තරගාවලිය සදහා එවකට ක්රිකට් ක්රිඩාවේ නියැලුනු කණ්ඩායම් දෙකක් වන ශ්රි ලංකාව හා නැගෙනහිර අප්රිකාව සහභාගී විය. එංගලන්තයේ නගර පහක් පුරා ස්ථාන 6ක පැවත්වූ මෙම තරගාවලියට නැගෙනහිර අප්රිකාව නියෝජනය කරමින් කෙන්යාව, උගන්ඩාව හා සැම්බියානු ක්රීඩයකයන් සහභාගී වූ අතර එහි නායකත්වය දැරෑයේ කෙන්යානු මැද පෙල පිතිකරු හරිලාල් ශහ් ය. අනුර තෙන්නකෝන් ශ්රි ලංකා නායකත්වය දැරුවේය.

ආරම්භක තරගය සත්කාරක එංගලන්තය හා ඉන්දියාව අතර ජූනි මස හත්වන දින ලෝඩ්ස් පිට්යේදී පැවැත්වුණි. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 60ක් තුලදී ලකුණු 334ක් රැස් කල අතර, ආරම්භක පිතිකරු ඩෙනිස් අම්ස් පන්දු 147ක් තුලදී ලකුණු 137ක් ලබාගනිමින් ලෝක කුසලානයේදී ශතකයක් ලබාගත් පළමු ක්රීඩකයා බවට පත්විය. තවද කීත් ෆෙලෙචර් ලකුණු 68ක් එංගලන්තය වෙනුවෙන් ලබා ගත්තාය. ඉන්දියානු පිතිකරු සුනිල් ගවස්කාර් පිලිතුරු ඉණිමේදි පන්දු වාර 174කදි ලකුණු 36ක් පමණි. මෙම තරගයේදි එංගලන්තයට ලකුණු 202 ජයග්රහණයක් අත්කර දෙමින් ඉන්දියාවට ඕවර 60 අවසානයේ තිදෙනෙකු දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 132ක් පමණි. තරගයේ වීරයා ලෙස අම්ස් නම් කෙරුණි. කෙසේ නමුත් ඉන්දියනු පරජය ලොවට පෙන්නුම් කෙරූයේ එවකට බොහෝ කණ්ඩායම් එක්දින තරග ටෙස්ට් තරග වල අනුවදයක් ලෙස සලකන බවය.

එදිනම, පකිස්තානය හා ඔස්ට්රේලියව අතර වු තරගය ලීඩ්ස් පිටියේදී පැවැත්වූ අතර පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්රේලියාව ඕවර 60 අවසනයේදි හත්දෙනෙකු දැවී ලකුණූ 278ක් ලබා ගත් අතර, රොස් එඩ්වර්ඩ්ස්  තරගයේ වැඩිම ලකුණු වන 80ක් ලබා ගත්තේය.ලකුණු 279ක ඉලක්කයක් හඹා ගිය  පකිස්තානය හතරදෙනෙකු දැවී ලකුණු 180ක් ලබගෙන සිටි අතර ඩෙනිස් ලීල්ලීගේ පන්දු යැවීමෙන් ලකුණු 34ක් ඇතුලත පස්දෙනෙකු දැවී ගිය අතර, පකිස්තනුවන්ගේ පිතිහරඹයේ වේගය අතරමග බිද වැටුණේය.

කොදෙව්වෝ තම ගමන් මග අරඹති.

එය කොදෙව්වන්ගේ ක්රිකට් ක්රීඩාව ලොව සුපතල කරනා තරගාවලියක් විය. කණ්ඩායම් නායක ක්ලයිව් ලොයිඩ් සහ ඔහුගේ කණ්ඩායම එංගලන්තය කර ගමන් කලේ ඕනෑම දරුණු ප්රතිවදියෙකු පරාජය කිරීම දැඩිව අදිටන් කරගෙනය. වේගවත් පන්දු යැවීමේ ශෛලීන් සමග සන්නද්ධව සිටි ක්රීඩකයන්වන ඇන්ඩ් රොබර්ට්ස්, බර්ණාඩ් ජූලියන්, කීත් බොයිස් සහ පිතිහරඹයේදී නායකයා ප්රමුඛ විවියන් රිචර්ඩ්ස්, රොහාන් කන්හයි සහ ගෝර්ඩන් ග්රීන්ඩිජ් තම උපරිම දක්ෂතා තරගාවලිය පුරාවට දැක්වූයේය

කොදෙව්වන් තම පළමු තරගයට මුහුණ දුන්නේ නවකයන් වන ශ්රි ලංකාවත් සමග මැන්චෙස්ටර් පිටියේදීය. නවකයන් හට මෙම දැවැන්තයන් හමුවේ රැස් කරගත හැකිවූයේ ලකුණු 86ක් පමණි. ශ්රි ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස් ද සිල්වා ලකුණු 21ක් රැස් කරගත් අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් බර්ණාඩ් ජූලියන් සහ කීත් බොයිස් පිළිවෙලින් කඩුළු 4ක් සහ 3ක් දවාගත්තේය.  

සිංහයෝ පහර දීමට එරෙහිව පොර බදිති.

දින හතරකට පසුව නැවතත් ශ්රී ලංකාවාට මුහුණ දීමට සිදුවූයේ ප්රබල ප්රතිවදී කණ්ඩායමකටය, මෙවර එම ප්රතිවාදීන් වූයේ ඕස්ට්රේලියාවය.පස්දෙනෙකු දැවී ඕස්ට්රේලියානුවෝ ලකුණු 328ක් ලබා ගත්තේ ඇලන් ටර්නර් – රික් මැක්කොස්කර් ආරම්භක සම්බන්දතාව ලකුණු 182ක් වූ නිසවෙනි. ඇලන් ලකුණු 101 ලබාගත් අතර මැක්කොස්කර් ලකුණු 73ක්  රැස් කර ගත්තේය.

සියලුදෙනා ඕස්ට්රේලියවට පහසු ජයක් අත්වේවියි සිතුවත් ලාංකික සිංහයෝ පිලිතුරු ලෙස ඕවර 32ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 150ක්  රැස් කරගෙන සිටියෝය.ආරම්භයේදී නවකයන් ඩෙනිස් ලීල්ලී සහ ජෙෆ් තොම්සන්ගේ පහරදීම් වලට හොදින් මුහුණ දුන්නත්, ඔවුන්ගේ නැවත පැමිණීමත් සමග ඔවුන්ගේ පන්දු යැවීමේ රෞද්ර බව නිසවෙන් දුලීප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි ආබදිත තත්වයට පත් විය. තොම්සන්ගෙ පන්දුවකින් ක්ලාන්ත වූ මෙන්ඩිස් රෝහලට රැගෙන ගියේ තොම්සන් කෙරෙහි දැඩි ප්රේක්ෂක අප්රසාදය මධ්යයේය.

නිර්භීතව පිලිතුරු ඉණිම ක්රීඩාකල සිංහයෝ කඩුළු 4ක් දැවී ලකුණු 276ක් රැස් කරගත්තෙ ලකුනු 52කින් ඕස්ට්රේලියාවට දිණුම ලබා දෙමිනි.

රොබර්ට්ස්ගේ හා මරේගේ ත්රාසජනක පිතිහරඹය.

ඉතාමත් ත්රාසජනක කුතුහලය ජනිත කරවන තරගයක් වූ පකිස්තානුවන් හ කොදෙව්වන් අතර ඇතිවූ එක්දින තරගය ජූනි 11 දින එග්ඩ්බැස්ටන් පිටියේදී පැවැත්වුණි. පළමුව පන්දුවට පහරදුන් මුශ්ටාක් මොහොමඩ්, වසීම් රාජා සහ මජීඩ් ඛාන් අර්ධ ශතක වාර්තා කරමින් ඔවුන්ගේ සම්පූර්ණ ලකුණු තත්වය 267 දක්වා ගෙන ගියේය. තරගය මැද භාගයේදී ලකුණු 99ක් ලබා සිටි කොදෙව්වන්ගේ කුසලාන සිහිනය නව පණගැන්වූයේ ක්ලයිව් ලොයිඩ් හා කඩුළු රකින්නා වන ඩෙරික් මරේගේ දක්ෂතා නිසාවෙනි. එහෙත්, 18වෙනි වියේ පසුවූ පකිස්තානු ක්රීඩක ජාවෙඩ් මියන්ඩෑඩ් හට ලොයිඩ් ලකුණු 53කට දවාගැනීමට හැකියාව ලැබුණි.

කඩුළු 9ක් බිදවැටී ලකුණු 203ක් රැස් කරගෙන තිබූ නිසාවෙන් එම තරගය ජයග්රහණය කිරීමට නම් මරේ සහ රොබර්ට් අවසානය තෙක් රැදී සිටිය යුතු විය. ඉතා ආරක්ෂාකාරීව පන්දුවලට පහර දෙම්න් ලකුණු රැස් කල මෙම දෙදෙනාට, අවසාන ඕවරයේදීද ලකුණු පහක් රැස් කරගැනීමට නියමිතව තිබුනි. අවසාන ඕවරයට මුහුණ දුන් රොබර්ට්ස් පළමු පන්දුවට පහර දීමට අපහසු විය. එහෙත් පන්දුව සොයා ගන්නා තෙක් ඔවුන් දිවීමෙන් ලකුණු 2ක් රැස්කරගැන්මට හැකි විය. තවත් ලකුණු 2ක් ලැබුහෙයින් කොදෙව්වන්ගේ හාපකිස්තානුවන්ගේ ලකුණු සමාන විය. තරගය ජයග්රහණය කිරීමට තව ඇත්තේ එක් ලකුණකි, පිතිකරුවන් දෙදෙනා අධිටන් කරගන්නේ පන්දුව කොතරම් දුරක් ගියත් ඔවුන් අවසාන ලකුණ රැස් කරගන්නා බවය. එම නිසාවෙන් කොදෙව්වෝ තරගය ජයග්රහණය කලෝය. මරේගෙ සහ රොබර්ට්ගෙ සභදතාව ලකුණු 64ක් විය.

ගිල්මොර් එංගලන්ත බලාපොරොත්තු සුන් කරයි.

එංගලන්තය හ නවසීලන්තය ඒ කාණ්ඩයේ පෙරමුණ ගත් අතර බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඔස්ට්රේලියාව බී කාණ්ඩයේ පෙරමුණ ගත්තේ අවසන් පූර්ව තරගයේ තම ස්ථාන රැක ගනිමිනි. සත්කාරක එංගලන්ත පිල කාණ්ඩ තරගයන් සදහා තරග වැදුනේ ලෝක ශූරීන් වීමේ බලාපොරොත්තුවද ඇතිවය. ඔවුන් හට අසීරුතම තරගය වූයේ නවසීලන්තය හමුවේ ලැබූ ලකුණු 80ක ජයග්රහණයයි.

එංගලන්තය හ ඔස්ට්රේලියාව අතර පළමු අවසන් පූර්ව තරගය ජූනි 18 වන දින දී, වේග පන්දු යවන්නන්ගේ පාරදීසියක් බදු වූ හෙඩින්ග්ලි හිදි පැවැත්වුනි. ගිල්මොර් එංගලන්තයට දැඩි තර්ජනයක් විය. මෙම 23න් හැවරිදි වමත් වේග පන්දු යවන්නා සුළගේ වේගයද, තණ කොළ සහිත තණ තීරුවද තමගේ වාසියට හරවාගෙන, තරගාවලියේ වාර්තාගත හොදම පන්දු යැවීම තමා නමට ලියවාගන්නා ලදී. එංගලන්ත පිලට සියළු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 93ක් පමණි. ලකුණු 14කට කඩුළු 6ක් දවාගත් ගිල්මෝර්, එංගලන්ත පිලේ ලෝක කුසලාන බලාපොරොත්තුව තාවකාලිකව සුන්කර දැමුවේය.

එංගලන්තයට තරගය හමාරවී තිබුනද එංගලන්තයට නැවත ජයග්රහණයේ බලාපොරොත්තු ලැබුණේ ඕස්ට්රේලියානු කඩුළු 6ක් ලකුනු 39කදී බිද වැටීමත් සමගය. පන්දුවෙන් දස්කම් පෑ ගිල්මෝර් හට පිත්තෙන්ද දස්කම් පෑමට සිදුවූ අතර, ඔහු ඕස්ට්රේලියාව ජයග්රහණය කරා ගෙනගියේ එංගලන්ත ප්රේක්ෂක හදවත් බිද දමමිනි.සියළු දෙනාගේම ප්රියතමයන් වූ කොදෙව්වන් අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුළු 5කින් පරාජය කලේය. පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 98ක් රැස් කරගෙන සිටියද අවසානයේදී ඔවුන්ගේ ඉණිම ලකුණු 158කට සීමා විය. නවසීලන්ත නායක ග්ලෙන් ටර්නර් හා ගියෝෆ් හවර්ත් සාර්ථක ආරම්භයක් ලැබුවද ඔවුන් දැවීගිය පසු ලකුණු 60කට කඩුළු 8ක් බිද වැටුනේ නවසීලන්ත ඉණිම අවසාන කරමිනි. බර්ණර්ඩ් ජූලියන් ලකුණු 27කට කඩුළු  4ක් දවාගත්තේය.

කොදෙව්වන්ට මෙය පහසු ජයක් වූ අතර ඔවුන් එම ඉලක්කය කඩුළු 5ක් පමණක් දැවී සපුරා ගත්තේය. ඇල්වින් කල්ලිච්චරන් ලකුණු 72ක් ද ගෝර්ඩන් ග්රින්ඩ්ජ් ලකුණු 55ක් ද ලබා ගත්තේ දෙවන කඩුල්ල සදහා ලකුණු 125ක් රැස් කරමිනි.

අවසන් තරගය සැරසූ කොදෙව් ආධ්පත්යය.

ජූනි 21ක් වන දින, ප්රථම ලෝක කුසලානයේ අවසාන් තරගය පැවැත්වූයේ ලෝඩ්ස් පිටියේදී ඔස්ට්රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතරය. 26,000කට අධික ප්රේක්ෂක සංඛ්යාවක් ලෝඩ්ස් පිට්යට රැස් වූයේ ක්රිකට් ලොවේ දැවැන්තයන්ගේ සටන සියැසින් දැකගැනීමටය. මෙම කණ්ඩායම් දෙක මීට පෙරද කාණ්ඩ තරගයකදී මුණගැසුනු අතර එහි ජයග්රහණය කොදෙව්වන් සතුකර ගත්තේය.

පෙරවරු 11ට විනිසුරු දෙපල වන ඩිකී බර්ඩ් හා ටොම් ස්පෙන්සර් ක්රීඩා පිටියට පිවිසියේ ප්රේක්ෂකයන්ගේ ජය ඝෝෂා මධ්යයේය. ඉයන් චැපල් කාසියේ වාසිය දිනා කොදෙව්වන්ට පන්දුවට පහර දීමට ආරාධනා කලේය. කොදෙව් පිලේ ආරම්භය සාර්තක නොවුනද, නායක ක්ලයිව් ලොයිඩ් සහ ක්න්හායි ලකුණු 149ක දැවැන්ත සබදතාවක් 4වන කඩුල්ලට එක් කලේය. උස 6′ 5″ ක් වන නායක ලොයිඩ් තම දස්කම් පෙන්වුයේ පන්දු 85කදී ලකුණු 100ක් රැස් කරමින්ය. ගිල්මොර් ලකුණු 48කදී කඩුළු 5ක් දවා ගත්තේය.

ජයග්රහණය සදහා ලකුණු 292ක ඉලක්කයක් ඔස්ට්රේලියාවට ලැබුණි. ආරම්භයේදී කඩුළු 3ක් දැවී ලකුණු 162ක් ලබා සිටියද අනවශ්ය ලෙස දුවද්දී දැවී යාමෙන් අවසානයේදී ලකුණු 233කදී කඩුළු 9ක් නැති කර ගත්හ. කොදෙව්වන් ලකුණු 17ක පරතරයකින් ලෝක කුසලානය තමන් සතු කරගත්තේය. දුවද්දී දැවීයැම් 5ක් කොදෙව්වන් ලබා ගත් අතර එයින් 3ක්ම ලබා ගත්තේ විවී රිචර්ඩ්ස් විසිනි. කීත් බොයිස් ලකුණු 50කට කඩුළු 4ක් දවා ගත්තේය.

නායක ලොයිඩ්ස් ප්රථම ලෝක කුසලානය ඉතා ආඩම්බරයෙන් ලබාගත්තේ තම කණ්ඩායමේ ආධිපත්යය ලොවට පෙන්වමිනි.

තරගාවලියේදී නවසීලන්ත නායක ග්ලෙන් ටර්නර් ලකුණු 333ක් ලබා ගෙන වැඩිම ලකුණු ලාභියා වූ අතර ගැරී ගිල්මෝර් කඩුළු 11ක් ලබා ගත්තේ වැඩිම කඩුළු ලාභියා වෙමිනි.