නාවික කණ්ඩායම තවත් තියුණු සටනකින් ජයග්‍රහණය කරයි

80
Air Force SC vs Navy SC

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ තරග පසුගිය දා ආරම්භ විය. එහි තවත් තරගයක් සඳහා නාවික හමුදා ක්‍රීඩා සමාජය රත්මලානේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදිනි. එම තරගය ලකුණු 24-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. 

දාබරේගේ උත්සාහය අපතේ යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වන සතියේ තරග ආරම්භ කරමින් CH&FC හා යුධ හමුදා ක්‍රීඩා

නාවික  හමුදා ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදුණු අතර එම තරගය ඔවුන් පරාජය වූයේ ලකුණු 18-25ක් ලෙසිනි. මෙම තරගයට පෙර ඔවුන් ලකුණු සටහනේ 6 වැනි ස්ථානය ලබාගෙන සිටියහ. 

ගුවන් හමුදා කණ්ඩායම පසුගිය සතියේ දී CH&FC සමඟින් තරග වැදුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට CH&FC ක්‍රීඩා සමාජය සමත්වූයේ ලකුණු 26-17ක් ලෙසිනි. ගුවන් හමුදා කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානය ලබාගෙන සිටී. 

තරගාවලියේ පළමු වටයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය ගුවන් හමුදාව පරාජය කළේ ලකුණු 24-14ක් ලෙසිනි. 

තරගය ආරම්භ කිරීම නාවික කණ්ඩායමට පැවරිනි. නාවික කණ්ඩායම තරගයේ පෙරමුණ ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වූ අතර ගුවන් හමුදා කණ්ඩායම ද තම ඉදිරිපෙළ යොදා ගනිමින් නාවිකයන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් විය. 

තරගයේ 24 වැනි මිනිත්තුවේ දී නාවික කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ෆීජි ක්‍රීඩක සේරු කවුලාටි සමත් වූ අතර දක්ෂ ධාවනයක් මඟින් ගුවන් හමුදා සීමා ඉර පසුකර යාමට ඔහු සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ නිසා නාවික ලකුණු පුවරුව ලකුණු 05ක් ලෙස දිස්විය. (ගුවන් හමුදා 00-05 නාවික හමුදා)

තරගයේ 28 වැනි මිනිත්තුවේ දී නාවික වැරැද්දක් උපයෝගී කරගනිමින් ගුවන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට චරිත් සෙනවිරත්න සමත්වූයේ සාර්ථකව පන්දුව ගෝල් කණු අතරින් යවමිනි. (ගුවන් හමුදා 03-05 නාවික හමුදා)

ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුගෙන් පාසල් රග්බි වසන්තයට නව ජීවයක්

2020 නව පාසල් රග්බි තරග වාරය එළඹෙන මාර්තු මස 04 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. එය නව මං පෙතකට යොමු කරමින් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඩයලොග් ආසිආටා

නාවික කණ්ඩායම 34 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එයට හිමිකම් කීමට අදීශ වීරතුංග සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඉසුරු කෝන්ගහවත්ත නාවික කණ්ඩායමට තරමක පහසු ලකුණු පුවරුවක් අත්කර දුන්නේය. (ගුවන් හමුදා 03-12 නාවික හමුදා)

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර නැවතත් ක්‍රියාත්මක වූ ගුවන් හමුදා කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු පරතරය ලකුණු 4ක් දක්වා අඩුකර ගනිමිනි. Rolling Maul අවස්ථාවක් උපයෝගී කර ගනිමින් වාර්තා වූ එම උත්සාහක දිනුමේ හිමිකාරත්වය ලහිරු උදයංග හට හිමි විය. චරිත් සෙනවිරත්න එල්ල කළ එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ නිසා ගුවන් ලකුණු පුවරුවට අමතර ලකුණු එක්වූයේ නැත. (ගුවන් හමුදා 08-12 නාවික හමුදා)

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 08 (1T,1P) – නාවික හමුදා ක්‍රීඩා සමාජය 12 (2T,1C)

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවත්ම තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වූයේ එතෙක් නාවික හමුදාව සතු වූ තරගයේ ආධිපත්‍යය තමන් සතුකර ගනිමිනි. එම උත්සාහක දිනුම චරිත සෙනවිරත්න විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය ද සාර්ථක කර ගත් චරිත සෙනවිරත්න ගුවන් හමුදා ලකුණු පුවරුවට අමතර ලකුණු එක්කළේය. (ගුවන් හමුදා 15-12 නාවික හමුදා)

ගුවන් හමුදාවට වැඩි වේලාවක් පෙරමුණ ගැනීමට ඉඩ නොදුන් නාවික ක්‍රීඩක මහේෂ් මධුශංක ප්‍රබල ධාවනයක් සමඟින් නාවික ඉදිරිපෙළ අසරණ කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඉසුරු කෝන්ගහවත්ත අසමත් වූ නමුත් තරගයේ පෙරමුණ නාවික කණ්ඩායම සතු විය. (ගුවන් හමුදා 15-17 නාවික හමුදා)

තරගයේ තියුණු බව තවත් වැඩි කරමින් චරිත සෙනවිරත්න තරගයේ 54 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 3ක් තම කණ්ඩායමට එක් කළේය. ගුවන් හමුදාව නැවතත් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය. (ගුවන් හමුදා 18-17 නාවික හමුදා)

Six Nations තරගාවලියටත් කොරෝනාව අකුල් හෙළයි

Six Nations රග්බි ශූරතාවලිය යටතේ ඉදිරි සති කිහිපයේ දී පැවැත්වීමට නියමිත

ගුවන් හමුදා කණ්ඩායම නාවිකයන්ගේ line out අවස්ථාවකින් පන්දුව සොරා ගත් අතර ඉන් මිනිත්තු කීපයකට පසුව තවත් දඬුවම් පහරක් ගුවන් කණ්ඩායමට ලකුණු 3ක් එක්කිරීමට චරිත සෙනවිරත්න සමත් විය. ඒ සමඟින් ගුවන් හමුදා කණ්ඩායම 67 වැනි මිනිත්තුව වන විට තරගයේ පෙරමුණ ගෙන සිටියහ. (ගුවන් හමුදා 21-17 නාවික හමුදා)

තරගයේ අවසන් මිනිත්තු කීපය වන විට නාවික කණ්ඩායම තරගයේ ආධිපත්‍යය තමන් සතුකර ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වූ අතර තරගයේ 72 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ධාවනයක් සමඟින් නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ගිහාන් පෙරේරා සමත් විය. 

එම උත්සාහක දිනුමත් සමඟින් එක් ලකුණකින් පෙරමුණ ගැනීමට නාවික කණ්ඩායම සමත් විය. ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ඉසුරු කෝන්ගහවත්ත ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් නාවික ලකුණු පුවරුව ලකුණු 24ක් බවට පත්කළේය. (ගුවන් හමුදා 21-24 නාවික හමුදා)

තරගයේ අවසන් මිනිත්තු කීපය තුල ලකුණු ලබා ගැනීමට ගුවන් හමුදාව ප්‍රබල උත්සාහයක් ගත් නමුත් නාවිකයන් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට සමත් විය. 

තරගය නිමා වූයේ නාවික හමුදා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 21 (2T, 1C, 3P) – නාවික හමුදා ක්‍රීඩා සමාජය  24 (4T,2C)

ඩයලොග් Viu තරගයේ වීරයා – චතුර සෙනවිරත්න (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

 ලකුණු ලබා ගැනීම 

  • ගුවන් හමුදාව: ඉසුරු උදයංග (1T), චරිත සෙනවිරත්න (1T, 3P, 1C)
  • නාවික හමුදාව: සේරු කවුලාටි (1T), අදීශ වීරතුංග (1T), මහේශ් මධුශංක (1T), ගිහාන් පෙරේරා (1T), ඉසුරු කෝන්ගහවත්ත (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<