යුධ හමුදාව අණසක පැතිරු ජාතික වෙඩි තැබිමේ තරගාවලිය

329

නව ශ්‍රී ලංකා වාර්තාවක්

ශ්‍රී ලංකා වෙඩි තැබිමේ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික වෙඩි තැබිමේ තරගාවලිය පසුගියදා වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි පිටියේදී අවසන් විය. 

යුධ හමුදාව, ගුවන් හමුදාව,නාවික හමුදා වෙඩි කණ්ඩායම් සමගින් සිවිල් වෙඩි තැබිමේ  කණ්ඩායම් 11ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් තරගාවලිය සදහා සහභාගි වි තිබුණි.

සමස්ථ තරගාවලියේ දි රන් පදක්කම් 12ක් රිදි පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනු යුධ හමුදාවට මෙවර ජාතික ශුරතාව හිමි විය.

එමෙන්ම යුධ හමුදාව නියොජනය කළ එම්.එම් සමරකෝන් ලකුණු 614.04 සටහන් කරමින්  නව ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කිමට සමත් විම විශේෂත්වයකි.

පුරා දින හයක් පුරා පැවති තරගාවලියේ රැපීඞ් ෆයර් ඉසව්වේපිරිමි කේවල ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට යුධ හමුදා ක්‍රීඩක එම්. පී. පතිරණ සමත්විය. එහි  දෙවැනි ස්ථානයද යුධ හමුදා ක්‍රිඩක ආර්. කේ. රත්නායක විසින් දිනා ගනු ලැබිය.  යුද හමුදා කාන්තා වෙඩිතැබීමේ ක්‍රීඩිකාවන් ද මෙහිදි සිය දක්ෂතා පෙන්නුම් කිරිමට සමත් විම කාගේත් අවධානයට ලක්විය.

සමස්ථ තරගාවලියේ ප්‍රතිඵල මෙසේය.

නිදහස් පිස්තෝල ඉසව්වේපිරිමි කේවල දෙවැනි හිමිවුයේ ද යුධ හමු කෝප‍්‍රල් එම්. පී. පතිරණ

ස්පෝර්ට් පිස්තෝල – කාන්තා කේවල දෙවැනි ස්ථානය
ලාන්ස් කෝප‍්‍රල් ඩබ්. ඒ. වීරක්කොඩි

බිම වැතිර වෙඩි තැබීම – පිරිමි තෙවැනි තෙවැනි ස්ථානය
කෝප‍්‍රල් පී. එච්. ඩබ්ලිව්. කරුණාරත්න

වායු පිස්තෝල – පිරිමි කේවල දෙවැනි ස්ථානය
සාමාන්‍ය සෙබල ඩබ්ලිව්. ජී. විජේරත්න

ස්පෝර්ට් පිස්තෝල – කාන්තා කේවල තෙවැනි ස්ථානය
සැරයන් කේ. එස්. කැන්දවල

වායු පිස්තෝල – කාන්තා කේවල ප‍්‍රථම ස්ථානය
සැරයන් කේ. එස්. කැන්දවල