පිපල්ස් බෑන්ක් සත් සමාජික හොකි ජය ගුවන් හමුදාවට

446
පිපල්ස් බෑන්ක් සත් සමාජික හොකි ජය ගුවන් හමුදාවට

21වැනි  වරටත් සංවිධානය කරන ලද පිපල්ස් බෑන්ක් සත් සමාජික හොකි තරගාවලිය පසුගියදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී අවසන් විය. 

ලංකාවේ ප්‍රබල හොකි කණ්ඩායම තරග වැදුණු මෙම තරගාවලිය සමස්ථ පිරිමි ජය ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් දිනාගනු ලැබිය.

කාන්තා සමස්ථ ශුරතාව තමන් සතු කරගන්නට නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

තරගාවලියේ බාලක පළග ශුරතාව මාතලේ විජය විද්‍යාලයේ විසින් දිනාගත් අතර එහි අනුශුරතාවය මාතලේ ශාන්ත ඇලෝසියස් විදුහලට හිමිවිය.

බාලිකා පළග ශුරතාව මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ක්‍රීඩිකාවන් විසින් දිනාගත් අතර කොළඹ විශාඛා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් එහි අනුශුරතාවය තමන් සතු කරගත්තේය.

දක්ෂතම හොකි ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාව නියෝජනය කළ අනුර කරුණාරත්න සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නාවික හමුදා ක්‍රීඩිකා මාදුරා ධර්මරත්න සම්මානයට පාත්‍ර විය.

දක්ෂතම ගෝල රකින්නා  ලෙස ගුවන් හමුදා ක්‍රීඩක තුසිත් දර්ශන සම්මාන  දිනාගත් අතර දක්ෂතම ගෝල රකින්නිය ලෙස නාවික හමුදාව නියෝජනය කළ ජේ.කිර්තිරත්න සම්මාන දිනාගනු ලැබිය.

තරගාවලිය ට සමගාමීව පැවැත්වුණු පාසල් හොකි තරගාවලියේ සම ශුරතාවන් දිනාගන්නට වෙන්නප්පුව ජොසප් වාස් විදුහල සහ මාතලේ ශාන්ත තොමස් විදුහල් සමත් විය.

බාලිකා සම ශුරතාවන් දිනා ගනු ලැබුවේ මාතලේ ශ්‍රී සංඝමිත්තා විද්‍යාලය සහ මහනුවර සීතාදේවි විද්‍යාලයයි.