වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිතයින්ගේ ඔටුනු ගලවයි

432

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සුපිරිම පෙරළිය සිදු කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අද (14) අපරාජිත මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කළේ සුපිරි තරගයකින් අනතුරුවයි.

අවසන් මොහොතේ වාර්තා වුණු උත්සාහක දිනුමකින් ලකුණු 15-13ක් ලෙස වෙස්ලි විද්‍යාලය සුපිරි ජයක් වාර්තා කළ අතර ඒ සමඟම 2019 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ තරගකාරිත්වය දෙගුණ තෙගුණ වනු ඇත. තරගය පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේ දී.

වෙස්ලි නිල් අකුණු සැරය ඉසිපතනය දවා අළු කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (8) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ගතවූ සති අට පුරාම අපරාජිතව සිටින්නට සමත් වූ අතර වෙස්ලි විද්‍යාලය පසුගිය සති අන්තයේ දී සුපිරි තරගයකින් ඉසිපතන විද්‍යාලය පරාජය කළේ නැවත වතාවක් තරගාවලියට පිවිසෙමින්.

රශෙන් ගුණවර්ධනගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ දී වෙස්ලි ක්‍රීඩකයින්ට අවස්ථා කිහිපයක් හිමි වුනත් මුර්ශිඩ් සුබෙයිර්ගේ නායකත්වයෙන් තරග කළ වෙස්ලි ක්‍රීඩකයින් එම අවස්ථා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැහැ.

වෙස්ලි ආරක්ෂක වළල්ලේ හිඩැසක් දුටු සාන්ත ජෝසප් ක්‍රීඩක තරිඳු මදුරංග දක්ෂ ලෙස එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පිටිය වම් කොණෙන් දක්ෂ ලෙස ලකුණු වාර්තා කිරීමට සමත් විය. 12 වැනි මිනිත්තුවේ දී එම උත්සාහක දිනුම වාර්තා වුණු අතර එහි අමතර ලකුණු එකතු කිරීම සාර්ථක වූයේ නැත. (වෙස්ලි 00-05 සාන්ත ජෝසප්)

ලකුණු සමඟ ක්‍රියාත්මක වුණු ජෝසප් ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ නිරත වුණු අතර පන්දුවට පා පහර දී පන්දුව හඹා ගිය ටෙහාන් කරුණානායක දක්ෂ ලෙස ධවල රේඛාව මත දී පන්දුව රැස් කළේ ජෝසප් ලකුණු පුවරුව දෙගුණ කරමින්. ටෙහාන්ගේ උත්සාහයට උපරිම සාධාරණය ඉටු කරන්නට සංතුෂ් අල්ගම අසමත් වූයේ පන්දුව ගෝල කණුවේ වැදී ඉවත යාම නිසයි. (වෙස්ලි 00-10 ජෝසප්)

කිංග්ස්වුඩ් හමුවේ සේනානායකයින්ගේ බල බිඳෙයි

මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තරගයක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර…

පළමු අර්ධයට මිනිත්තු කිහිපයක් පමණක් තිබිය දී වෙස්ලි කණ්ඩායමට උත්සාහක දිනුමක් පූජා කරන්නට ජෝසප්වරුන් ක්‍රියා කළේ මදුරංග අතින් සිදු වූ අතපසුවීමක් සමඟයි. ඔහුගේ පා පහරකින් ගුවන්ගත වූ පන්දුව තරුෂ ජයවීර පහසුවෙන් රැකගත් අතර සුපිරි ධාවනයක යෙදෙනු ෆුල් බැක් ක්‍රීඩක තරුෂ නතර වූයේ ලකුණු පහක් වෙස්ලි කණ්ඩායමට එකතු කරමින්.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 05 – 10 සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධයේ දී තරගය උඩු යටිකුරු වුණු අතර වෙස්ලි ක්‍රීඩක සැමුවෙල් ඔග්බෙබෝර් හට භයානක බාධා කිරීමක් සිදු කළ නිසා විනිසුරු ජෝසප් නායක තරිඳු ද අල්විස්ට කහ කාඩ්පතක් ලබා දුන්නේ වෙස්ලි කණ්ඩායමට අමතර වාසියක් ලබා දෙමින්.

එතැන් සිට වෙස්ලි කණ්ඩායම සාන්ත ජෝසප් කණ්ඩායමට පහර පිට පහර එල්ල කළ අතර 40 වැනි මිනිත්තුවේ දී විශ්ව වෙලගෙදර පිටිය කොණෙන් දක්ෂ ලෙස ලකුණු රැස් කළේ සාන්ත ජෝසප් ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් මුලා කරමින්. (වෙස්ලි 10 -10 සාන්ත ජෝසප්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එම උත්සාහක දිනුමත් සමඟ වෙස්ලි අතිරේක ක්‍රීඩකයින් මෙන්ම පිටියේ ප්‍රේක්ෂකයින් ද ප්‍රීතියෙන් උද්දාම වූයේ ඔවුන්ට ජයග්‍රහණයක් ඉව වැටීම නිසයි.

කෙසේ වෙතත් තරගයේ මිනිත්තු 20ක් පමණක් ඉතිරිව තිබිය දී සංතුෂ් අල්ගම අලංකාර පා පහරකින් දඬුවම් පහරක් ලකුණු බවට පරිවර්තනය කළේ තරගයේ පෙරමුණ ගනිමින්. (වෙස්ලි 10-13 සාන්ත ජෝසප්)

පියවරක් ඉදිරියට ගිය වෙස්ලි ක්‍රීඩකයින්ට තවත් පියවර දෙකක් පසුපසට ඒමට සිදු වූයේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් හිමි වීම නිසයි. අවාසනාව වූයේ ඒ ලකුණු රැස් කළ රශෙන් හා මදුරංග වීමයි.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ජයවීර නැවත වතාවක් වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු 66 වැනි මිනිත්තුවේ දී ඔහු සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ වෙස්ලි කණ්ඩායමට වාර්තා ගත ජයක් රැගෙන එමින්. (වෙස්ලි 15 – 13 සාන්ත ජෝසප්)

ඉතිරි වී තිබූ මිනිත්තු හතරේ සුපිරි තරගයක් ලබා දුන් ජෝසප්වරු පන්දුව ඔවුන්ගේ අතේම තබා ගනිමින් පන්දුව කාල ප්‍රාන්තර 15ක් පමණ ඉදිරියට රැගෙන ගියේ දැඩි අධිෂ්ඨානයෙන්. කෙසේ වෙතත් ඉතා විනයගරුකව ක්‍රීඩා කරමින් ඔවුන්ට කිසිදු දඬුවම් පහරක් ලබා නොදුන් වෙස්ලි ක්‍රීඩකයින් සුපිරි ජයක් ඉතිහාසයේ ලියූවේ මෙවර තරගාවලියේ විශාලම පෙරළිය සිදු කරමින්.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 15 (3T) – 13 (2T, 1P) සාන්ත ජෝසප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සැමුවෙල් ඔග්බෙබෝර් (වෙස්ලි)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • වෙස්ලි විද්‍යාලය – තරුෂ ජයවීර (2T), විශ්ව වෙලගෙදර (1T)
  • සාන්ත ජෝසප් විද්‍යාලය – තරිඳු මදුරංග (1T), ටෙරාන් කරුණානායක (1T), සන්තුෂ් අල්ගම (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<