ගෙවුණු දවස ජුනි 01 – කුසල් ආබාධයකට?

678

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට්

පුහුණු තරගය සාර්ථකව නිමා වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ අද (1) ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ දී සෑම අංශයකින්ම උපරිම ඵල ප්‍රයෝජන ලබාගත් බවක් පෙනෙන්නට විය.

පසුගිය 30 වැනිදා ට්‍රිනිඩෑඩ්බ්‍ හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මේ තරගයේ දෙවන දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටියේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ලබාගත් වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට පසුව සිය අංග චලන හරහා (Body Language) පාදය ආශ්‍රිතව යම් අපහසුතාවයක් පෙන්නුම් කළ නිසා ඔහු එතැන් සිට පිතිකරණයේ නිරත නොවීය.

සම්පූර්ණ වාර්තාව: කුසල්ලාගෙන් විශිෂ්ට හා නොදැවුණු සබඳතාවයක් 


රග්බි

ධර්මරාජවරුන් හිස් අතින් ගෙදර යයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් අද (01) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ලකුණු 17-07ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා. මේ තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පිටියේ දී පැවැත්විය.

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සතියට පෙර සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට පසුව පලඟ තරගාවලිය යටතේ පැවති පළමු තරගය මෙයයි.

සම්පූර්ණ වාර්තාව: අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්


සාන්ත අන්තෝනී ක්‍රීඩකයින්ට තියුණු ජයක්

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයෙන් ලකුණු 16-14ක් ලෙස තියුණු ජයක් ලැබීමට සාන්ත අන්තෝනී ක්‍රීඩකයන් සමත් වුනේ අන්තෝනි විදුහලේ සුහයිල් වසීම් තරගයේ වීරයා බවට පත්කරමිනි.

සම්පූර්ණ වාර්තාව: වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

[/vc_column_text]

දිනයක නිමාව

[/vc_column][/vc_row]