ගේල් සහ රසල් ඇතුළට එද්දී පොලාඩ්ට තැනක් අහිමි වේ

261

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ඊයේ (24) ප්‍රකාශයට පත්කෙරුණු අතර ඊට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ක්‍රිස් ගේල් සහ අන්ඩ්‍රේ රසල් ඇතුළත් කර ඇති නමුත් කිරන් පොලාඩ් ඒ සඳහා නම් කර නොමැත.

තවත් ප්‍රබල රටවල් දෙකකට ජාත්‍යන්තර එක්දින වරම්

මේ දිනවල පැවැත්වෙන ලෝක දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ හොංකොං ….

පසුගිය දා අවසන් වූ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී නැවතත් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයේ සිය ස්ථානය හිමිකරගත් ක්‍රිස් ගේල් එහි දී හොඳින් ලකුණු අතර පැමිණෙමින් ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් හතරේ දී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කරගන්නට සමත් වූ අතර තරගාවලිය අවසන් වූයේ දෙපිළම තරග 2 බැගින් ජයග්‍රහණය කරමින් ජය-පරාජයකින් තොරව ය.

දිගින් දිගටම ඇතිවූ ආබාධ තත්වයන් හේතුවෙන් අන්ඩ්‍රේ රසල් එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු නොලැබූ අතර මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු පන්දු යැවීමෙන් කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙන්නේ සීමිත වශයෙනි. කෙසේ නමුත් ඔහු මෙහි දී හොඳින් ලකුණු අතරට පැමිණීමට සමත්ව ඇති අතර ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය බටහිර ඉන්දීය කොදෙව් මැදපෙළ ශක්තිමත් කිරීමට අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමාන ය.

“මම මීට දවස් හතරකට වගේ කලින් රසල් එක්ක කතා කළා. එහි දී ඔහු මට සහතික කර සිටියා ඔහුට ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කළ හැකි බව.” බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තේරීම් කමිටුවේ ප්‍රධානී රොබට් හේන්ස් මහතා පවසා සිටියේ ය.

“ඔහුට තියෙන්නේ සුළු ආබාධ තත්වයන් දෙකක්.” මෙම මස මුලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් ඉවත් කරනු ලැබූ රිචඩ් පයිබස් මහතා වෙනුවට එම ධූරයට තාවකාලිකව පත්කරනු ලැබූ ෆ්ලොයිඩ් රීෆර් මහතා පවසා සිටියේ ය. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ; “ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දිහා බැලුවොත් එහි දී ඔහු ඉතා හොඳින් ලකුණු අතරට එන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව අපි ඔහුව යොදාගන්නේ පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට. කෙසේ නමුත් තරග අතරතුර අපිට ඔහුගේ ආබාධ තත්වය නිසි පරිදි කළමනාකරණය කරගන්න වෙනවා.”

වොට්සන්ගේ ගිනිකෙළිවලින් චෙන්නායි පළමු තැනට

IPL උණුසුම තවත් වැඩි කරමින් ෂේන් වොට්සන්ගේ සුපිරි ඉනිමේ සහයෙන් …….

ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතු සඳහා සලකා බැලීමට නම් ජාත්‍යන්තර ක්‍රීඩකයින් ඔවුන්ගේ දේශීය තරගාවලියේ ක්‍රීඩා කිරීම අවශ්‍ය වන පරිදි බටහිර ඉන්දීය කොදෙව් බලධාරීන් රෙගුලාසි වෙනස් කරනු ලැබුවත් මෙම සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් සහ දඟපන්දු යවන ක්‍රීඩක සුනිල් නරයින් ඇතුළත් කර නොමැත.

එක්දින තරග 101කට ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන පොලාඩ් සහ නරයින් ක්‍රීඩකයින් දෙපළම අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ දී ය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ද ක්‍රීඩා කරනු ලබන නරයින් මේ වන විට ඇඟිල්ලේ ආබාධයකින් පීඩා විඳිමින් සිටින අතර ඒ හේතුවෙන් දීර්ඝ පන්දුවාර 50 තරග ක්‍රීඩා කිරීමට අපහසු වනු ඇති බව පවසා ඇත.

“අපි නරයින් සමඟ මේ පිළිබඳව ගොඩක් කතාබහ කළා. ඔහු පවසා සිටියා ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බව. නමුත් ඔහු මේ වන විට ඇඟිල්ලේ ආබාධයකට ලක්වෙලා සිටින්නේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෑම තරගයකින්ම අනතුරුව ඔහු සිය ඇඟිල්ලට ප්‍රතිකාර ගන්නවා. ඒ අනුව ඔහුට පන්දුවාර 10ක් යැවීමේ හැකියාවක් නැහැ. පන්දුවාර 4ක් ඔහු යොමු කරන්නෙත් ගොඩක් අපහසුවෙන්” හේන්ස් මහතා පැවසීය.

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ……..

ලෝක කුසලාන සංචිතයෙන් මඟහැරුණු අනෙක් ප්‍රබල නාමයන් වන්නේ ඩ්වේන් බ්‍රාවෝ සහ මාලන් සැමුවෙල්ස් ය. කෙසේ නමුත් තරුණ පිතිකරුවන් දෙපළක් වන නිකලස් පූරන් සහ ශිම්රෝන් හෙට්මේයර් මෙම සංචිතය සඳහා ඇතුළත් කර ඇති අතර තවදුරටත් ජෝන් කැම්බල් හේතුවෙන් එංගලන්තයට එරෙහි තරගාවලියේ සිය ස්ථානය අහිමි වූ එවින් ලුවිස්ට ද මෙම සංචිතයේ සිය ස්ථානය හිමිව ඇත.

ඒ අනුව 39 වැනි වියේ පසුවන ක්‍රිස් ගේල් සහ බොහෝ දුරට ලුවිස් බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ලෝක කුසලානයේ දී ආරම්භක පිතිකරු යුගළය ලෙස කටයුතු කරනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභියා ලෙස බ්‍රයන් ලාරා තබා ඇති වාර්තාව බිඳ දැමීමට ගේල් හට අවශ්‍යව ඇත්තේ ලකුණු 252ක් පමණක් වන අතර ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සිය එක්දින තරග දිවියට සමු දීමට නියමිත ය.

1975 සහ 1979 වසරවල දී එංගලන්තයේ පවත්වනු ලැබූ ලෝක කුසලාන තරගාවලි වල ශූරතාවය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් මැයි මස 31 වැනි දින ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පාකිස්තාන කණ්ඩායමට එරෙහි තරගයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිත ය.

මැයි මස 23 වන දින දක්වා ඔවුන්ට සිය සංචිතයට වෙනස්කම් සිදුකර හැකි නමුත් එරට ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ජිමී ඇඩම්ස් මහතා ප්‍රකාශ කර සිටියේ බංග්ලාදේශය සහ අයර්ලන්තය සමඟ ඩබ්ලින් හිදී පැවැත්වෙන තුන්කොන් පුහුණු තරගාවලියෙන් අනතුරුව සංචිතයට එවන් වෙනස්කම් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු නොවන බවයි.

“මම බලාපොරොත්තු වෙනවා කිසිම කෙනෙක් ආබාධ වලට ලක්වෙන එකක් නැහැ කියලා. ඒ අනුව මේ සංචිතය නම් කළේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට.” ඇඩම්ස් පවසා සිටියේ ය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 10ක ලීග් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර ඉන් අනතුරුව එහි අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

නම් කරනු ලැබූ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය: ජේසන් හෝල්ඩර් (නායක), අන්ඩ්‍රේ රසල්, ඈෂ්ලි නර්ස්, කාලෝස් බ්‍රැත්වේට්, ක්‍රිස් ගේල්, ඩරන් බ්‍රාවෝ, එවින් ලුවිස්, ෆේබියන් ඇලන්, කෙමාර් රෝච්, නිකලස් පූරන්, ඔශෙන් තෝමස්, ශායි හෝප්, ෂැනන් ගේබ්‍රියල්, ශෙල්ඩන් කොට්‍රෙල්, ශිම්රෝන් හෙට්මේයර්  

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<