තමීම්ගේ ප්‍රහාරයෙන් ජය බංග්ලාදේශයට

198
@AFP PHOTO

2-0ක් ලෙස නිමාවූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 48කින් ජය ගත් බංග්ලාදේශ කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. මේ තරගයේ දී තමීම් ඉක්බාල්ගේ ශතකය පිළිබඳව බොහෝ දෙනාගේ වැඩි අවධානය දිනා ගන්නා ලදි.

ඩී බෘයින් හා බවුමාගේ සබඳතාවයට හේරත්ගෙන් තිත

පසුගිය 20 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන හා අවසන්…

කොදෙව් දේශයේ ගයනා පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වාසනාවන්ත ක්‍රීඩකයා බවට පත් වූ බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාස පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගලය වන වමතින් පිත්ත හසුරුවන තමීම් ඉක්බාල් හා එනමුල් හක්ගේ සබඳතාවය එක් ලකුණකට සීමා කරමින් හක්ව දවා ගැනීමට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත් විය.

අනතුරුව තමීම් හා පිටියේ එක්වූ ශකීබ් අල් හසන් බංග්ලාදේශ දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 207ක ද්විත්ව ශතක සබඳතාවයක් ගොඩනංවන ලද්දේ ප්‍රබල කොදෙව් පන්දු යවන්නන් සිය නිජ මව්බිමේ දීම අසරණ කරමිනි.

ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වූ තමීම් මනරම් 4 පහර 10ක් හා 6 පහර 3ක් සිය ජාත්‍යන්තර ලකුණු ගිණුමට එකතු කර ගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වන ශතකය ලබා ගනිමිනි. ඔහු සමඟින් එක්ව බංග්ලාදේශ ඉනිම ගොඩනැංවීමට සහය වූ වමත් පිතිකරුවෙක් වන ශකීබ් බංග්ලාදේශ ඉනිමේ පන්දු 121ක් පමණක් වැය කරමින් ලකුණු 97ක් ලබාගෙන ශතකය ආසන්නව සිටිය දී දැවී ගියේ දේවේන්ද්‍ර බිශූගේ පන්දුවකටයි. ඔහුගේ ඉනිම 4 පහර 6කින් හැඩගැන්විනි. මුශ්ෆිකර් රහීම් ලකුණු 30ක් බංග්ලාදේශ ලකුණු සටහනට එක් කළේය. අවසානයේ බංග්ලාදේශය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගන්නා ලදි.

එස්. එස්. සී. තණතීරුව; එදා සහ අද

ශ්‍රී ලංකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණ කිව්වහම ඔබට මුලින්ම මතක් වෙන්නේ මොන ක්‍රීඩාංගණය..

පිළිතුරු ඉනිම දියත් කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේ මැදපෙළ පිතිකරුවෙක් වන ශිම්රන් හේට්මයර් පමණි. ශිම්රන්ගේ ඉනිම 4 පහර 5කින් වර්ණවත් වූ අතර ඔහු ලකුණු 52ක් ලබාගෙන සිටිය දී වේගපන්දු යවන ක්‍රීඩක මස්ටෆයිසර් රහමාන්ගේ පන්දුවකට දැවී ගියේය. ඊට අමතරව කලකට පසුව කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිස් ගේල් ලකුණු 40ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී යාමකට හසු විය.

පන්දු යැවීමේ දී දස්කම් දැක්වූ දේවේන්ද්‍ර බිශූ 4 පහර 3ක් සමඟ නොදැවී ලකුණු 29*ක් ලබාගෙන කොදෙව් පසුපෙළ සවිමත් කළ අතර ඔහුට සහය වූ අල්සාරී ජෝසප් පන්දු 21ක් තුල නොදැවී වේගවත් ලකුණු 29*ක් ලබා ගත්තේ 4 පහර දෙකක් හා 6 පහර දෙකක් එල්ල කරමිනි. අවසානයේ කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 231ක් නිසා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 48ක  ජයග්‍රහණයක් හිමි විය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටසා කඩුලු 4ක් දවා ගන්නා ලදි.

බංග්ලාදේශය – 279/4 (50): තමීම් ඉක්බාල් 130*, ශකීබ් අල් හසන් 97, මුශ්ෆිකර් රහීම් 30, දේවේන්ද්‍ර බිශූ 2/52.

බටහිර ඉන්දීය කොදෙව් – 231/9 (50): ශිම්රන් හේට්මයර් 52, ක්‍රිස් ගේල් 40, අල්සාරී ජෝසප් 29*, දේවේන්ද්‍ර බිශූ 29*, මෂ්රෆි මොර්ටසා 4/37.

තරගයේ වීරයා – තමීම් ඉක්බාල් (බංග්ලාදේශය)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ලබන 26 වැනිදා අලුයම පැවැත්වෙන අතර එම තරගයේ තරග වාර්තාව ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<