රන් කුසලානයට තවත් ශූරතාවක් එකතු කරයි

526

වසර 25කට අධික ඉතිහාසයකට හිමිකම් කියන “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලිය මෙවර තරමක් වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අඛණ්ඩව 14 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත් වී සිටියි.

වොලිබෝල් කනිෂ්ඨයෝ මියන්මාරයට

මියන්මාරයේ දී ආරම්භ වීමට නියමිත ‘තුන්වැනි ආසියානු 23න් පහළ….

2500කට අධික කණ්ඩායම් ප්‍රමාණයක් සහ 4000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයක් මෙවර තරගාවලිය සඳහා අපේක්ෂා කරන අතර එය පසුගිය වසරවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනී.

22න් පහළ සහ විවෘත ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ මෙතෙක් පැවති තරගාවලි ආකෘතිය වෙනස් කරමින් 22න් පහළ කාණ්ඩය මෙවර රන් කුසලානයෙන් ඉවත් කර තිබෙන්නේ ඒ වෙනුවෙන් ජාතික කනිෂ්ඨ තරගාවලියක් සංවිධානය කරමිනි.

තවද රන් කුසලානය සඳහා නව තරගාවලියක් හඳුන්වා දීමට සංවිධායකයින් කටයුතු කර ඇති අතර එය “ජනාධිපති අභියෝග කුසලාන” තරගාවලිය ලෙස හඳුන්වයි. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන තරගාවලියේ පළමු අදියර ජය ගන්නා කණ්ඩායම් 100ක් දෙවැනි අදියර හෙවත් ජාතික මට්ටමේ අදියර සඳහා සහභාගී වන අතර එහි දී ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් ජනාධිපති රන් කුසලානය සඳහා පියමන් කරද්දී, අනුශූරතාව දිනා ගත් කණ්ඩායම් 50 ජනාධිපති අභියෝග කුසලානය සඳහා පියමන් කරයි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (06) කොළඹ පදනම් ආයතනයේ දී පැවති අතර එහි දී අදහස් දැක්වූ වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා, 

“සමහර ප්‍රධාන දිස්ත්‍රික්කවල හොඳම කණ්ඩායම් දෙක තමයි ෆයිනල් එන්නේ, එතකොට හොඳම කණ්ඩායමකට ශූරයන් වෙන්න තියන අවස්ථාව අහිමි වෙනවා, ඒ නිසා අපි මේ වසරේ ජනාධිපති කුසලානය අභියෝගතා කුසලානය සහ මූලික කුසලානය ලෙස කොටස් දෙකකින් පවත්වනවා. එතකොට ඒ කණ්ඩායම් දෙකටම ජාතික මට්ටමේ තරගාවලියට සහභාගී වෙන්න පුළුවන්.”

ශ්‍රී ලංකාවට සෑම වටයක දී ම ලකුණු දෙකක් හරස් වෙයි

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම අද (08) සහභාගී වූ, 2019 ආසියානු පිරිමි….

මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ගරු විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගී වී සිටි අතර, 

“ජනාධිපති රන් කුසලානය කියන්නේ රටේ සියලු̈ම පළාත්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද බැඳි ක්‍රීඩා තරගාවලියක්. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් තරග කිරීමට හා විශිෂ්ටත්වයට පත්වීමට ක්‍රීඩකයන්ට හොඳ මෙය තෝතැන්නක්.” යැයි පැවසීය.

තවද, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාවට සහයෝගය දැක්වීම පිළිබඳව ඩයලොග් ආසිආටා ආයතනයට සිය අවංක ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගාවලියේ ශූරතා (රු. 150,000), අනුශූරතා (රු. 100,000), සහ තවත් ස්ථාන සඳහා (රු. 50,000) ත්‍යාග මුදල් ලබා දීමට නියමිත අතර තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ කුසලාන සහ ත්‍යාග ලබා දීම ද සිදු කරනු ඇත.

2019 රන් කුසලානයේ පළමු අදියර අගෝස්තු මාසයේ දී ආරම්භ වන අතර තරගාවලිය මාස 4කට ආසන්න කාලයක් තුල පවත්වා අවසන් කිරීමට සංවිධායකයින් අපේක්ෂා කරයි. තරගාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා සමාජවලට පමණක් අයැදුම් කළ හැකි අතර එහි දී එක් එක් කණ්ඩායම් හි ක්‍රීඩකයින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසර 3 පදිංචිය තහවුරු කිරීම අත්‍යාවශ්‍ය වේ.

වොලිබෝල් කනිෂ්ඨයෝ මියන්මාරයට

මියන්මාරයේ දී ආරම්භ වීමට නියමිත ‘තුන්වැනි ආසියානු 23න් පහළ….

තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම සැප්තැම්බර් 5 වැනිදා අවසන් වීමට නියමිත අතර අයැදුම්පත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනැවිත් බාර දිය යුතුයි.

වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, උප සභාපති නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, ලේකම් ඒ. එස්. නාලක, තරග ලේකම් ධනපාල ජයපත්ම සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් සහ ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක සහ මාධ්‍යවේදීන් මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ. 

රන් කුසලානයේ තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ සහ සජීව තරගාවලි විකාශන සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<