කසකස්තාන ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

399

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23 න් පහළ වොලිබෝල් තරගාවලිය පසුගිය 13 වැනිදා වියට්නාමයේ හැනෝයි හිදී ආරම්භ විය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ තුන්වැනි තරගය සඳහා අද (15) සහභාගි විය. ඒ කසකස්තාන  කණ්ඩායම සමඟයි. එම තරගයේ දී තරගවට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කසකස්තාන කණ්ඩායම සමත් විය. 

හොංකොං ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් තරගාවලිය….

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගයේ දී හොංකොං කණ්ඩායම හමුවේ තරගවට 3-0ක් ලෙස පරාජය වූ අතර දෙවන තරගයේ දී මැකාවු කණ්ඩායම හමුවේ පරාජය වූයේ තරගවට 3-1ක් ලෙසිනි. කසකස්තානය හමුවේ ලැබූ පරාජය ඔවුන් කාණ්ඩ වටයේ ලැබූ තුන්වැනි පරාජයයි. 

තරගයේ පළමු වටයේ දී කසකස්තානය එල්ල කල ප්‍රහාරයට නිසි ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසමත් විය. වැඩි ලකුණු පරතරයක් සමඟින් කසකස්තානය එම තරග වටය ජයග්‍රහණය කළේය. අවසන් ලකුණු තත්ත්වය ලකුණු 25-06ක් ලෙස දැක්විනි. 

දෙවන තරගවටයේ දී ද සුපුරුදු ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව අනුගමනය කළ කසකස්තානය හමුවේ තම දක්ෂතා ලබාගැනීමට ශ්‍රී ලංකාව අසමත් විය. එම තරග වටය කසකස්තාන ජයග්‍රහණය කළේ ලකුණු 25-15 ක් ලෙසිනි. ඒ අනුව තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තුන්වැනි තරගවටය සඳහා යාමට කසකස්තානය සමත් විය. 

මැකාවූ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් හොඳ සටනක්

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් තරගාවලිය ඊයේ (13)….

තුන්වැනි තරග වටයේ ප්‍රතිඵලය ද එතරම් වෙනස් එකක් නොවූ අතර ප්‍රබල කසකස්තාන ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 10කට සීමා විය. කසකස්තානය තුන්වන තරග වටය ද ජයග්‍රහණය කළේ ලකුණු 25-10ක් ලෙසිනි. ඒ සමගින් වට 5 කින් සමන්විත තරගයේ මුල් වට තුනම ජයග්‍රහණය කළ කසකස්තානය තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය. 

තරගාවලියේ අද පැවති අනෙකුත් තරග ප්‍රතිඵල මෙසේයි. 

  • චීනය 3 – 0 ඉන්දියාව (25-07, 25-10, 25-10)
  • තායිලන්තය 3 – 0 ඕස්ට්‍රේලියාව (25-15, 25-15, 26-24)
  • වියට්නාමය 3 – 0 මාලදිවයින (25-01, 25-02, 25-02)

අද පැවති තරගවලින් අනතුරුව එක් එක් කාණ්ඩවල ප්‍රථම ස්ථාන ලබාගැනීමට වියට්නාමය, උතුරු කොරියාව, චීනය හා කසකස්තානය සමත් විය. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<