හයවැනි වරටත් යුරෝපීය ශූරයෝ ලිවර්පූල්

138
Liverpool FC

යුරෝපීය පාපන්දුවේ වාර්ෂික මෞලි මංගල්‍යය වන UEFA ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (01) එංගලන්තයේ ලිවර්පූල් ක්‍රීඩා සමාජය හා ටෝටන්හැම් ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර ගෝල 2-0ක් ලෙස යුරෝපයේ කිරුළ හිමි කර ගත්තේ ලිවර්පූල් ක්‍රීඩා සමාජයයි.

බාසිලෝනා පාපන්දු සමාජයේ යුරෝපා ආධිපත්‍යය බිඳවැටීම

පසුගියදා පැවති “UEFA ශූරයින්ගේ ලීග් (Champions League)” ……

සුපිරි තරගවාරයක අවසානය සනිටුහන් කරමින් ලිවර්පූල් කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලිය ජය ගත්තේ සයවැනි වතාවටයි.

මේ ජයග්‍රහණයත් සමඟ එංගලන්ත ප්‍රිමියර් ලීග් කණ්ඩායම් මේ වන විට යුරෝපීය කුසලාන 13ක් ජයගෙන ඇති අතර ඔවුන් දෙවන වන්නේ කුසලාන 18ක් ජය ගත් ස්පාඤ්ඤයට පමණයි.

මේ ලිවර්පූල් කණ්ඩායමේ සයවැනි ශූරයින්ගේ කුසලාන ජයයි. ඒ අනුව ඔවුන් දෙවැනි වන්නේ රියාල් මැඩ්රිඩ් (13) කණ්ඩායමට හා ඒ. සී මිලාන් (7) කණ්ඩායමට පමණයි.

තරගයට පෙරළිකාර ආරම්භයක් ලබා දෙමින් ශූරයින්ගේ කුසලාන අවසාන මහා තරගයක දෙවන වේගවත්ම ගෝලය වාර්තා කරන්නට සමත් වූයේ ලිවර්පූල් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලාහ්.

දෙවන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ඔහු ලිවර්පූල් කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දුන්නා. මූසා සිස්සකෝ තරගය ආරම්භ කිරීමත් සමඟම දඬුවම් පහර චතුරශ්‍රය තුල දී පන්දුව හැසිරවීමට සිය දෑත් භාවිතා කිරීම නිසා විනිසුරු ඒ තීරණය ලබා දීම විශේෂත්වයක්.

මොහොමඩ් සලාහ් වාර්තා කළ ගෝලය අවසන් මහා තරගයක වාර්තා කළ දෙවන වේගවත්ම ගෝලයයි. වේගවත්ම ගෝලයේ වාර්තාව හිමිව ඇත්තේ තත්පර 51කින් ගෝලයක් වාර්තා කළ පාවුලෝ මාල්ඩිනී හටයි.

ටෝටන්හැම්  කණ්ඩායමට ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූ අතර Heung-Min Son දෙවරක්ම ලිවර්පූල් ආරක්ෂක වළලු බිඳිමින් ඉදිරියට ඇදුනත් පැහැදිලි අවස්ථාවක්  ගොඩනගා ගන්නට ඔවුන් සමත් වූයේ නැහැ.

2018-19 යුරෝපයේ වැඩිම ගෝල ලාභියෝ

ලොව තරගකාරීම පාපන්දු ලීග් තරගාවලි ක්‍රියාත්මක වන යුරෝපා මහාද්වීපය…..

අවසන් මිනිත්තු කිහිපයේ දී තරගය ඉතා උණුසුම් වූ අතර ටෝටන්හැම් කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළේ ලිවර්පූල් ගෝල රකින ඇලිසන් බෙකර්ට දරුණු තර්ජනයක් එල්ල කරමින්. ඩේලේ අල්ලී සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කළ නමුත් එම අවස්ථාව සාර්ථක නොවූ අතර ලුකස් මෞරා හා සොන්ගේ උත්සාහයන් ද  ව්‍යර්ථ කර දමන්නට ඇලිසන් බෙකර් සමත් විය.

කෙසේ වෙතත් 87 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ලිවර්පූල් ආදේශක ක්‍රීඩක Origi දෙවන ලිවර්පූල් ගෝලයත් වාර්තා කරමින් අවසන් තරගයේ ජය ලිවර්පූල් කණ්ඩායමට ලියා දුන්නේ පසුගිය වසරේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහි පරාජයේ අමිහිරි මතක මකා දමමින්.

තරගයෙන් පසුව ලිවර්පූල් කළමනාකරු Jürgen Klopp මෙසේ අදහස් දක්වා තිබුණා.

“මම පැහැදිලි කරන්නේ නැහැ අපි කොහොමද දිනුවේ කියලා, මට අවශ්‍ය මේ අවස්ථාව හොඳින් විඳින්න. අපි එකතු වෙලා අද රාත්‍රිය හොඳින් සමරනවා. අපි සැම දෙනාම පිට්ටනිය මත හඬා වැටුණා. මට කුසලානය අල්ලන්නට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ප්‍රේක්ෂකයින්ගේ හා ක්‍රීඩකයින්ගේ මුහුණු දුටුවම මම සතුටින් පිරි ගියා.”

මේ ලිවර්පූල් කණ්ඩායම සමඟින් පුහුණුකරු Jürgen Klopp දිනා ගත් පළමු කුසලානයයි.  

ලිවර්පූල් පුහුණුකරු ක්ලොප් සය වතාවක් කුසලාන අවසන් මහා තරගවල දී පරාජය වී ඇති අතර මේ ඔහු ජය ගත් පළමු වතාවයි. ඉන් තුන්වතාවක්ම ඔහු ලිවර්පූල් කණ්ඩායම සමඟ අවසන් මහා තරග පරාජය වී ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<