සුමංගලයින් අභිබවා ගිය රාජකීයයන් ශූරතාවය දිනා ගනී

298

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කළ රාජකීය විද්‍යාලය එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කවිඳු ජයවික්‍රම ප්‍රමුඛ කළුතර විද්‍යාලය එක්දින සටනත් ජය ගනියි!

කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රචලිත පාසල් ද්විත්වයක් වන කළුතර විද්‍යාලය සහ තිස්ස…

ඊට අමතරව අද (31) දිනයේ දී නිමාව දුටු 52 වැනි සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගය ලකුණු 240කින් ජය ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

දෙවන පෙළ සීමිත පන්දුවාර අවසන් මහා තරගය

කොළඹ රාජකීය විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල  විද්‍යාලය

කොළඹ මුවර්ස් පිටියේ දී නිමා වූ මේ තරගය කඩුලු 8කින් ජයග්‍රහණය වාර්තා කරන්නට රාජකීයයන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට යැවීමට තීරණය කළ රාජකීය විද්‍යාලයට එරෙහිව ශ්‍රී සුමංගල කණ්ඩායම ලකුණු 231ක් ලබා ගත්තේය. දකුණතින් පිතිකරණයේ නිරත වන ඉමෙත් ගම්පොළ 4 පහර 8ක් හා 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 84ක් ලබාගෙන සුමංගල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඒ සඳහා ඔහු විසින් වැය කළේ පන්දු 89ක් පමණි.

එම ඉනිම හැරෙන්නට සුමංගල විද්‍යාලයේ අනෙකුත් පිතිකරුවන් හට එතරම් ලකුණු අතරට පිවිසීමට වරම් නොලැබුණු නමුත් ආරම්භක පිතිකරුවෙක් වන සසිඳු ද සිල්වා ලකුණු 35ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක සදීෂ රාජපක්ෂ හා ගිශාන් බාලසූරිය කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි. අවසානයේ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 231ක් රැස්කර ගැනීමට  සුමංගල කණ්ඩායම සමත් විය.

ලකුණු 232ක ඉලක්කය හඹා ගිය රාජකීය විද්‍යාලයේ පළමු කඩුල්ල වෙනුවෙන් භාග්‍ය දිසානායක හා කවිඳු මදාරසිංහ ලකුණු 46ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. ඔවුන්ගේ පළමු කඩුලු දෙක බිද වැටීමෙන් පසුව තෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ පසිඳු සූරියබණ්ඩාර හා අහන් සංචිත ලකුණු 158*ක නොදැවුනු සබදතාවයක් ගොඩනංවමින් රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කළේය.

ක්‍රිකට් රහ වැටුණු, ජලයේ දී වේගවත් අපේ කාලයේ පිහිනුම් දෙවියා

ලෝක ක්‍රීඩාවේ ස්වර්ණමය තරගාවලිය ලෙසින් අදටත් සැලකෙන්නේ ඔලිම්පික් තරගාවලිය. මේ වන විට…

4 පහර 13ක් හා එක් 6 පහරක් සමඟ සුපිරි පිතිකරණයක නිරත වූ දකුණතින් පිතිකරණයේ නිරත වන සූරියබණ්ඩාර නොදැවී ලකුණු 102*ක් ලබා ගන්නා විට අනෙක් අන්තයෙන් සිය කඩුල්ල රැක ගත් අහන් 4 පහර 6ක් සමඟින් පන්දු 79ක දී නොදැවී ලකුණු 74*ක් ලබා ගන්නා ලදි. ඒ අනුව පන්දුවාර 39කුත් පන්දු 5ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

සුමංගල විද්‍යාලය – 231/8 (50): ඉමෙත් ගම්පොළ 84, සසිඳු ද සිල්වා 35, ප්‍රභාශ් ජයසේකර 20, සදීෂ රාජපක්ෂ 2/37, ගිශාන් බාලසූරිය 2/38.

රාජකීය විද්‍යාලය – 232/2 (39.5): පසිඳු සූරියබණ්ඩාර 102*, අහන් සංචිත 74*, කවිදු මදාරසිංහ 32.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ශ්‍රී දේවානන්ද විද්‍යාලය

ඊයේ (20) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී ආරම්භ වූ  52 වැනි සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වීමට වැඩි ඉඩකඩක් තිබූ නමුත් නායක දිනුක ඩිල්ශාන් ඇතුළු ධර්මාශෝක ක්‍රීඩකයින් දැක්වූ සුපිරි දස්කම් නිසාවෙන් ලකුණු 240ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලයට හැකි විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ධර්මාශෝක පිතිකරුවන් පන්දුවාර 52කුත් පන්දු 3ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 201ක් රැස්කර ගත්තේය. ශනුල ශාමින් ලකුණු 75ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට සසිඳු මල්ෂාන් නොදැවී ලකුණු 31ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ශමිඳු අනුෂ්ක ලකුණු 52කට කඩුලු 5යි.

ධර්මාශෝක පළමු ඉනිම සඳහා පිළිතුරු දුන් දේවානන්ද ක්‍රීඩකයින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණි. අකිල මෙන්ඩිස්, කවිඳු නදීශාන් හා දිනුක ඩිල්ශාන් එහි දී ඉතාමත් හොඳින් පන්දු යැවීම නිසාවෙන් අවම මට්ටමේ ලකුණකට දේවානන්ද ඉනිම සීමා විය.

>>Photos : Dharmasoka College vs Sri Devananda College – 52nd Battle of the Blues<<

ලකුණු 95ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි ධර්මාශෝක විද්‍යාලය ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ලකුණු 259ක ඉලක්කයක් හිමිකර දෙමින් දෙවන ඉනිම අත්හිටුවන ලදි.

අවසානයේ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ  දකුණතින් පිට දඟපන්දු යවන දිනුක ඩිල්ශාන් ඇතුළු ක්‍රීඩකයින් ශ්‍රී දේවානන්ද පිතිකරුවන් අන්දමන්ද කරමින් ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 18කට සීමා කළේය.

නායක දිනුක ලකුණු 12කට කඩුලු 7ක් දවා ගනිමින් නායකත්වයේ වගකීම් අකුරටම ඉටු කිරීමට සමත් වූයේ 12 වැනි වතාවටත් සුනිල සංග්‍රාමයේ කිරුල ධර්මාශෝක විද්‍යාලයට රැගෙන යමිනි.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම –  201 (52.3): ශනුල ශාමීන් 75, සසිඳු මල්ෂාන් 31*, සේන දේශායි 24, ශමිඳු අනුෂ්ක 5/52,

ශ්‍රී දේවානන්ද විද්‍යාල පළමු ඉනිම – 106 (35.3): සොහාන් ද ලිවේරා 44, මිතිල ප්‍රනාන්දු 24*, අකිල මෙන්ඩිස් 4/07, කවිඳු නදීශාන් 3/38, දිනුක ඩිල්ශාන් 2/27.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම -163/8d (45.1): සේන දේශායි 47, ලොහාන් ඩි සොයිසා 39, චමිඳු අනුෂ්ක 7/79.

ශ්‍රී දේවානන්ද විද්‍යාල දෙවන ඉනිම – 18 (8.1): දිනුක ඩිල්ශාන් 7/12, අකිල මෙන්ඩිස් 3/05

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<