සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පෙරළිකාර පළමු ඉනිමේ ජයක්

සිංගර් කුසලාන 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

93

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ආලෝකමත් කරගැනීමේ අරමුණින් පවත්වනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) දිනයේ ක්‍රියාත්මක විය. 

ටෙස්ට් වංශ කතාව අලුත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව කරච්චි පිටියට

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත….

වෙස්ලි විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ප්‍රහාරාත්මක පිතිකරණය නිසාවෙන් වෙස්ලි විද්‍යාලයට එරෙහිව තීරණාත්මක පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට සත්කාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ අද දින සමත් වූහ. 

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමු දිනය වන ඊයේ දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදෙමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 249ක් රැස්කර ගෙන සිටියහ. දෙවන දිනය ආරම්භයේ දීද පන්දුවාර 16ක් ක්‍රීඩා කළ වෙස්ලි ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 322ක් රැස්කර ගෙන සිටිය දී ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි. 

පන්දුවාර 100ක් වැය කරමින් වෙස්ලි විද්‍යාලය ලබාගත් ලකුණු 322ක පසුපස හඹා ගිය දුනිත් ජයතුංග ඇතුළු සාන්ත සෙබස්තියන් පිතිකරුවන් පන්දුවාර 63ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 326ක් ලබාගෙන තරගයේ දෙවන දිනය අවසන් වීමට මොහොතකට පෙර මෙම තරගයේ පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේය. එහිදී සුපිරි පිතිකරණයක නිරත වූ දුනිත් ජයතුංග නොදැවී ලකුණු 105*ක් වාර්තා කරගන්නා විට සුකිත ප්‍රසන්න සහ නිෂිත අභිලාෂ් අර්ධ ශතක වාර්තා කරගැනීමට සමත් විය. 

වෙස්ලි විද්‍යාලය : 322/7d (100) බුද්ධිම විජේසුන්දර 121, අනුදිත් වික්‍රමසිංහ 78, තේනුක පෙරේරා 35, සාහිල් ඩයස් 25, කලන සංදීප 3/56, නදීර ප්‍රනාන්දු 2/87. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 326/7 (63) දුනිත් ජයතුංග 105*, සුකිත ප්‍රසන්න 88, නිෂිත අභිලාෂ් 51, ජනිෂ්ක පෙරේරා 37, රාහුල් ගුණසේකර 4/35. 


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පනාගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගය සාන්ත බෙනඩික්ට විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් අවසන් විය. 

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු  පිළිතුරු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 98ක් රැස්කර ගෙන සිටියහ. මුදිත ලක්ෂාන් ලබාගත් ලකුණු 77 නොවන්නට ඔවුන්ගේ පළමු ඉනිම දැඩි අර්බුධකාරී වාතාවරණයක් වීමට ඉඩකඩ තිබූ නමුත් එය එසේ වූයේ නොමැත. මලින්ද පෙරේරා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවාගන්නා විට ඔනිල පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. 

ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර….

තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 177ක් රැස්කර ගෙන ඔවුන්ගේ ඉනිම අත්හිට වූයේ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ලකුණු 229ක ඉලක්කයක් හිමිකර දෙමිනි. නමුත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය : 184 (57.2) තේනුක නන්දලාල් 45*, ෂෙහාන් ප්‍රනාන්දු 38, ලශේන් ගුණරත්න 4/51, අමිත දාබරේ 3/04, මනේන්ද්‍ර ජයතිලක 2/22 සහ 177/8d (61.2) ශෙහාන් ප්‍රනාන්දු 66, ඉසුරු ලක්ෂාන් 25, මලින්ද පෙරේරා 22*, සනෝජ් පෙරේරා 22, මුදිත ලක්ෂාන් 4/58, අමිත දාබරේ 2/22. 

ඩී.එස්. සේනානායක විද්‍යාලය : 133 (30) මුදිත ලක්ෂාන් 71, මලින්ද පෙරේරා 5/09, ඔනිල පතිරණ 3/42 සහ 154/4 (21.4) අභිෂේක් ලියනාරච්චි 46, අමිත දාබරේ 32. 


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල් ක්‍රිකට් පිටියේ පැවති මෙම C කාණ්ඩයේ තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (17) දිනයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් පළමු දිනය නිමාවට පත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්  තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය තම පළමු ඉනිමට රැස්කර ගත් ලකුණු 98ට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 141ක් රැස්කර ගෙන ඔවුන්ගේ පළමු ඉනිම අත්හිට වූයේ ඉනිමක ජයක් අපේක්ෂාවෙනි. නමුත් මොහොමඩ් රීසා ඇතුළු සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරුවන් ඔවුන්ගේ දෙවන ඉනිම හැකි උපරිමයෙන් ආරක්ෂා කර ගනිමින් මෙම තරගයෙන් ඔවුන්ට අත්වීමට ගිය පූර්ණ තරග පරාජය වළක්වා ගැනීමට සමත් විය. 

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ පුන්තිල සමන්ත ඉනිම දෙකේ දීම කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූයේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 98 (36.5) පුන්තිල සමන්ත 5/32, දනජය සිල්වා 2/11, නවිඳු ප්‍රනාන්දු 2/25. සහ 69/7 (21) මොහොමඩ් රීසා 21, පුන්තිල සමන්ත 5/21, ධනජය සිල්වා 2/23.

තර්ස්ටන් විද්‍යාලය : 141/9d (38.1) රනේෂ් සිල්වා 42, තිනෙත් ප්‍රබුද්ධ 31, ජයවිහාන් ප්‍රදීප්ත 20, අවිශ්ක කෞෂල්‍ය 20, චරිත් රාජගුරු 3/16. 

විකාශන ගැටලුවක් නිසා ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියට බාධා

2020 වසරේ ආරම්භයේ දී ටෙස්ට් තරග සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට්….


පළමු දිනයට පැවති තරගය 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ආනන්ද විද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය තම පළමු ඉනිමට සියලු දෙන දැවී  ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත් විය. සාන්ත අන්තෝනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 37ක් රැස්කර ගත් නිලුක්ෂණ උදයකුමාර යි. 

පළමු දිනය අවසන් වන විට කොළඹ ආනන්ද විද්‍යාලය පිළිතුරු ඉනිමේ දී සියල්ලන්ම දැවී ලකුණු 139ක් රැස්කර ගැනීමට සමත් විය.  

සාන්ත අන්තෝනි විද්‍යාලය : 137 (44.2) නිලුක්ෂණ උදයකුමාර 32, දසුන් තාරුක 4/40, දෙනෙත් නිස්සංක 3/37. 

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 139 (37.5) දසුන් තරුක 33, අනුද ජයවීර 25, ගිහාන් ඊබර්ට් 4/05, නිම්නක ජයතිලක 3/44. 

පළමු දිනයට පැවති තරගය හෙට දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<