මෙවර ජනාධිපති ක්‍රීඩා සම්මානයෙන් පිදුම් ලබන්නේ කවුද?

3 වැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රධානෝත්සවය

233
The Presidential Sports Awards

2017 සහ 2018 වසර සඳහා වන ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රධානොත්සවය එළඹෙන ජූලි මස 12 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙනි. ජනපතිතුමන්ගේ අධීක්ෂණයෙන් යුතු මෙම සම්මාන ප්‍රධානෝත්සවය මෙහෙයවන්නේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයයි.

යොවුන් දැල්පන්දු තරගාවලිය යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රි ලංකා දැල්පන්දු සම්මේලනය (Netball Federation of Sri Lanka- NFSL)..

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී දේශීය තරගබිමේ මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර කෙළිබිමේ ද ඉහළ දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයින් ඇගයීමට ලක්වනු ඇත.

මෙවර සම්මාන උළෙලේ දී “ජීවිතයට එක්වරක් පමණක් ලැබෙන” සම්මාන කාණ්ඩයක් හඳුන්වා දී ඇති අතර මෙවර සම්මාන උළෙලේ සම්මාන ලාභීන්ට ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා රත්න, ක්‍රීඩා භූෂණ සහ ක්‍රීඩා ප්‍රභා ලෙස සම්මාන නාම ද හිමිවනු ඇත.

මෙවර සම්මාන උළෙල තවත් උත්කර්ෂවත් කරමින් පැරා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හටද සම්මාන හිමිවනු ඇත.

උත්සවයේ විශේෂිතම සම්මාන වන්නේ විශිෂ්ටතම ක්‍රීඩිකාව, විශිෂ්ටතම ක්‍රීඩකයා, විශිෂ්ටතම නැගී එන ක්‍රීඩිකාව සහ විශිෂ්ටතම නැගී එන ක්‍රීඩකයා යන සම්මානයි. මේ සම්මාන ඉතා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් තීරණය කරනු ඇත.

ජනප්‍රියම කාණ්ඩයේ සම්මාන සඳහා මහජනතාවට සිය මනාපය ප්‍රකාශ කළ හැකිය.

වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා, වසරේ ජනප්‍රියම ක්‍රීඩිකාව, වසරේ ජනප්‍රියම නැගී එන ක්‍රීඩකයා සහ වසරේ ජනප්‍රියම නැගී එන ක්‍රීඩිකාව යන සම්මාන තේරීම සඳහා මහජනතාවට සිය දායකත්වය ලබා දිය හැක.

වසරේ ජනප්‍රියම ක්‍රීඩිකාව සම්මානය සඳහා නාමයෝජනා

නම මනාප ලබාදෙන අංකය
අමරා ඉන්දුමතී (පැරා – මලල ක්‍රීඩා) 1
අනූෂා කොඩිතුවක්කු (බොක්සිං)  2
චමරි අතපත්තු (ක්‍රිකට්)  3
චතුරංගි ජයසූරිය (දැල්පන්දු) 4
දිනූෂා ගෝමස් (බර ඉසිලීම) 5
නිමාලි ලියනාරච්චි (මලල ක්‍රීඩා) 6
ශෂිකලා සිරිවර්ධන (ක්‍රිකට්) 7
තර්ජිනී සිවලිංගම් (දැල්පන්දු) 8

 

තවත් බේස්බෝල් ශූරතාවයක් හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස..

වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය සඳහා නාමයෝජනා

නම මනාප ලබාදෙන අංකය
ඉන්දික දිසානායක (බර ඉසිලීම) 9
ඩිලන්ත මාලගමුව (මෝටර් රථ ධාවන) 10
දිනේෂ් ප්‍රියන්ත (පැරා – මලල ක්‍රීඩා) 11
ෆාසිල් මරිජා (රග්බි) 12
ඉශාන් බණ්ඩාර (බොක්සිං) 13
චතුරංග ලක්මාල් (බර ඉසිලීම)  14
ලසිත් මාලිංග (ක්‍රිකට්)  15

වසරේ ජනප්‍රියම නැගී එන ක්‍රීඩිකාව සම්මානය සඳහා නාමයෝජනා

නම මනාප ලබාදෙන අංකය
අමාෂා ද සිල්වා (මලල ක්‍රීඩා) 16
ගිහංසා ජයවීර (චෙස්) 17
හෂිනි අම්බලන්ගොඩ (බැඩ්මින්ටන්) 18
පාරමී වසන්ති මාරිස්ටෙලා (මලල ක්‍රීඩා) 19
රශ්මි ටාන්‍යා පෙරේරා (පැසිපන්දු)  20
ශෙලින්ඩා ජැන්සන් (මලල ක්‍රීඩා) 21

වසරේ ජනප්‍රියම නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නාමයෝජනා

නම මනාප ලබාදෙන අංකය
අකලංක පීරිස් (පිහිනුම්) 22
හර්ෂණ තිලකරත්න (චෙස්) 23
හසිත බෝයගොඩ (ක්‍රිකට්) 24
කයිල් අබේසිංහ (පිහිනුම්)  25
අරුණ දර්ශණ (මලල ක්‍රීඩා) 26
සෙනිරු අමරසිංහ (මලල ක්‍රීඩා) 27

ඔලිම්පික් වලින් බොක්සිං ඉවතට?

ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය (AIBA) මූල්‍ය බංකොලොත්භාවයට ලක්වන්නට…

ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන සඳහා ඔබට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ මනාප පළකළ හැක. එක් දුරකථන අංකයකින් එක් සම්මානයක් සඳහා ඔබට ලබා දිය හැක්කේ එක් මනාපයක් පමණි.

මනාප පළ කිරීම සඳහා –  PSA <හිස්තැනක්> මනාප අංකය සඳහන් කර 2343 ට ඔබේ කෙටි පණිවුඩය යොමු කරන්න.

මහජනතාවට ජනප්‍රිය කාණ්ඩයන් සඳහා තමන් 2017 හා 2018 වසර වල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වූ කැමති අයෙකු යෝජනා කිරීමට ද හැක.

නාමයෝජනා යොමු කිරීමට – PSA <හිස්තැනක්> ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ නම <හිස්තැනක්> ක්‍රීඩාව සඳහන් කර 2343 යොමු කරන්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<