2019 තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ අද (21) පැවති මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට රොෂාන් දම්මික සමත් විය. මෙහි විශේෂත්වය නම් රොෂාන් මින් පෙර උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩකයෙකු ද වීමයි.
තායිලන්තයට ගිය දුලානිගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්වූ අතර ඒ අතරින් කඩුලු…
පසුගිය 18 වැනිදා ආරම්භ වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ රොෂාන් දම්මික, තියුණු තරගයකින් අනතුරුව දෙවන ස්ථානය දිනා ගන්නා ගත්තේ තත්පර 14.22ක කාලයක් වාර්තා කරමිනි. ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් ක්‍රීඩකයා ද වාර්තා කළේ එම කාලයම වුව ද, මිලි තත්පර ගණනකින් රොෂාන්ට රන් පදක්කම අහිමි වී ගියේය.

ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වූ “අබේබේ බිකිලා”
පළමු වරට පාවහන් නොමැතිව (barefoot) ඔලිම්පික් මැරතන් තරගයට සහභාගී වූ ක්‍රීඩකයා වන්නේ ඉතියෝපියානු ජාතික අබේබේ බිකිලා…
ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් ඉසව්ව වන කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධිට සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වීම නිසාවෙන් පස්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය. ඇය එම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 14.43ක්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















