තීරණාත්මක සුපිරි පළාත් සටනට සියල්ල සූදානම්

657

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග අදියරක් මේ මස 4 වැනිදා දඹුල්ලේ හා පල්ලෙකැලේ දී ආරම්භ වේ.

සුපිරි පළාත් ක්‍රිකට් ගැටුමට සුපිරි ක්‍රිකට් තරු රැසක්

දනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි එක්ව ගොඩ නැගූ ද්විත්ව ශතක සබඳතා ඉනිම හේතුවෙන්.. රුපියල් මිලියන 322ක වියදමෙන් ප්‍රතිසංස්කරණය කෙරුණු කිලිනොච්චි ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා…

අප්‍රේල් මස 4 වැනිදා සිට අප්‍රේල් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන මේ තීරණාත්මක තරගාවලියේ දී දේශීය ක්‍රිකට් පිටියේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දස්කම් මත එළඹෙන ජුනි හා ජූලි මාසයන් හිදී එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගනු ඇත.

මේ තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 4 සෑම කණ්ඩායමක් සමඟින්ම තරග වදිනු ලබන අතර තරග සියල්ලටම (තරග 3) මුහුණ දුන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට තේරී පත්වෙන විට, අනෙකුත් කණ්ඩායම් දෙක තරගාවලියේ 3 වැනි හා 4 වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය ක්‍රීඩා කරනු ඇත. මේ තරග සියල්ලම දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ තරග බොහෝමයක් දිවා තරග වන නිසයි.

Video – ක්‍රීඩකයින් අපි හැමෝටම මේක වටිනා තරගාවලියක් – චන්දිමාල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ…

“මේ ක්‍රිකට් තරගාවලිය අපේ දේශීය තරග රටාවේ තිබෙන ප්‍රධානතම තරගාවලියක්, ඒ වගේම මේ තරගාවලිය ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම තෝරගන්නත් ලොකු පිටිවහලක් වෙයි කමිටුවට. අපි මේ තරගාවලිය සංවිධානය කරන්නේ රුපියල් මිලියන 63ක් වියදම් කරලා. මේ ක්‍රීඩකයින්ට මේ ලැබෙන අවස්ථාව ඉතාමත් වැදගත් වනවාට කිසිම සැකයක් නැහැ.” ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

මාධ්‍ය ඇමතූ දිනේෂ් චන්දිමාල් ඇතුළු කණ්ඩායම්වල නායකයින් පවසා සිටියේ පවසා සිටියේ නවක හා තරුණ ක්‍රීඩකයින්ට මේ ලැබුණු අවස්ථාව ඉතාමත් වටිනා බවත්, කණ්ඩායම් සියල්ලම මේ තරගාවලියේ වටිනාකම තේරුම් ගෙන ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැවසීය.

ලෝක කුසලානය අත ළඟ තියෙද්දී ICC ලොකු පුටුවක් වෙනස් වේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හි 5 වැනි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මනූ ස්වෝනි මහතාව පත්කර තිබේ. මේ දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට්….

කණ්ඩායම් නායකයින් දැක්වූ අදහස්වල වීඩියෝ,

  • ඇන්ජලෝ මැතිව්ස්

 

  • දිනේෂ් චන්දිමාල්

  • දිමුත් කරුණාරත්න

 

  • ලහිරු තිරිමාන්න

කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී අද (1) සවස පැවැත්වුණු මේ තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල කණ්ඩායම් නායක), දිනේෂ් චන්දිමාල් (කොළඹ කණ්ඩායම් නායක), දිමුත් කරුණාරත්න (මහනුවර කණ්ඩායම් නායක), ලහිරු තිරිමාන්න (ගාල්ල  කණ්ඩායම් නායක) ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩකයින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.

Photos: Trophy Launch of the Super Provincial One Day Tournament 2019

තරග කාලසටහන

  • අප්‍රේල් 4 – කොළඹ හා දඹුල්ල – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 4 –  මහනුවර හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • අප්‍රේල් 6 – දඹුල්ල හා ගාල්ල – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 6 – මහනුවර හා කොළඹ  – පල්ලෙකැලේ දී
  • අප්‍රේල් 8 – දඹුල්ල හා මහනුවර – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 8 – ගාල්ල හා කොළඹ  – පල්ලෙකැලේ දී
  • අප්‍රේල් 10 – තෙවන හා සිව්වැනි ස්ථාන තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය – දඹුල්ලේ දී  
  • අප්‍රේල් 11 – අවසන් මහා තරගය  – දඹුල්ලේ දී

මේ තරගාවලියේ තරග සියල්ලම ඩයලොග් TV නාලිකා අංක 77,  MyTV හා ThePapare.com ඔස්සේ සජීවීව ඔබ වෙත රැගෙන එන අතර උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<