Home Sinhala ලක්ෂාන්ගේ සටන්කාමී ශතකය නිසා එක්දින සටනේ ජය ජෝසප්වරුන්ට!

ලක්ෂාන්ගේ සටන්කාමී ශතකය නිසා එක්දින සටනේ ජය ජෝසප්වරුන්ට!

208

මෙවර පාසල් මහා ක්‍රිකට් තරග වාරය නියෝජනය කරමින් පැවති 85 වැනි සාන්තුවරයින්ගේ සටන නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. ඒ නිසාම අද එම විද්‍යාල දෙක අතරේ පැවැත්වුණු 45 වැනි එක්දින ක්‍රිකට් සටන ගැන බොහෝ දෙනා විශේෂ අවධානයක් යොමුකර තිබුණේ අනිවාර්ය ප්‍රතිඵලයක් සීමිත පන්දුවාර තරගයක දී ලැබෙන නිසාවෙනි. ඒ අනුව අද සන්ධ්‍යා කාලයේ දී තරගය අවසන් වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 10ක තියුණු ජයක් ලබා දෙමිනි.

තර්ස්ටන් පරාජය කළ නාලන්දාව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු….

කොළඹ SSC පිටියේ දී පැවති අද තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයයි. ඒ අනුව මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුහු තමන් වෙතම පවරා ගත්හ. කෙසේ වෙතත් ඉනිම ආරම්භ වී පැයක් ගත වන විට පෙනෙන්නට තිබුණේ ජෝසප් විද්‍යාලය ගත් තීරණය වැරදි බවයි. ඒ ඔවුන්ගේ මුල්පෙළ ඉතාමත් ඉක්මනින් බිඳ හෙලන්නට සාන්ත පීතර විද්‍යාලයට හැකි වූ බැවිනි. ජෝසප් විද්‍යාලයේ මුල් පිතිකරුවන් පස්දෙනා අතුරින් ලකුණු 10 සීමාව පවා පසු කළේ ශෙවෝන් ඩැනියෙල් පමණි. ඔහු ද ලකුණු 11කට දැවී ගියේය. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා ගත්තේ පිතිකරණයේ අසීරු බව පෙන්නුම් කරමිනි.

Photos: St. Joseph’s College vs St. Peter’s College – 45th Limited Overs Encounter

මෙවර සීමිත පන්දුවාර සටනේ ජය බලාපොරොත්තු පීතර විද්‍යාලය දෙසට යොමු වෙමින් තිබූ මේ මොහොතේ කණ්ඩායමේ පිහිටට පැමිණියේ සචින්ත රවිඳු සහ ලක්ෂාන් ගමගේයි. ඔවුන් දෙදෙනා සත්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නගමින් තරගයේ පාලනය පීතරයින්ගෙන් උදුරා ගැනීමට සමත් විය. පන්දු 104කට මුහුණ දුන් සචින්ත රවිඳු ලකුණු 74ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සමඟිනි. පාසල් ක්‍රීඩකයෙකුගේ සිහිනයක් බඳු වූ පාසල් එක්දින ක්‍රිකට් තරගයක ශතකයක් ලබා ගැනීමේ භාග්‍යය අද ලක්ෂාන් ගමගේට හිමි විය. පන්දු 89ක් පමණක් වැයවුණු ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

ආදරවන්තයන්ගේ එක්දින සටන මහින්දයන් ජය ගනී

114 වැනි ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වූ කුසලාන රිච්මන්ඩ් විද්‍යාලය ජය ගත්ත ද අද (23) ගාල්ල…

මොවුන් දෙදෙනාගේ නොපසුබට උත්සාහය නිසා ලකුණු 150කට පමණ අවසන් වන්නට තිබූ සාන්ත ජෝසප් ඉනිම ලකුණු 250ක් දක්වා ඉහළ නැගුණි. ඔවුන්ගේ අවසන් කඩුල්ල දැවී ගියේ පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේයි. ඉනිමේ මුල් කොටසේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තම විද්‍යාලය වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කළ තාරික් සබූර් ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත්තේය. ඔහුට අමතරව සන්තුෂ් ගුණතිලක ලකුණු 51ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලුවේය.

ඒ අනුව ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සාන්ත පීතර විද්‍යාලය පන්දුවාර 41ක් අවසානයේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබා සිටියේය. ඔවුන්ගේ සියලුම පිතිකරුවන් පාහේ හොඳ ආරම්භයක් ලබා ගත්ත ද එය දිගු ඉනිමක් කරා පරිවර්තනය කිරීමට දැක්වූ අසමත්කම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පීතරයින්ට අවාසනාවන්ත ප්‍රතිඵලයක් උරුම වීමට හේතු විය. කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද තම යුතුකම් කොටස ඉටු කළ සන්තුෂ් ගුණතිලක අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 72කට මුහුණ දෙමිනි. එම ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය.

ජය පරාජයෙන් තොර රන් මහ සටනේ වැඩි ගෞරව පානදුරට

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහ විද්‍යාලය අතර පැවති 67 වැනි රන් මහා සටන අද (23)….

මීට අමතරව ආරම්භක පිතිකරුවන් වන දිනිත් අන්ජුල ලකුණු 32ක් ද, ශැනෝන් ප්‍රනාන්දු ලකුණු 20ක් ද රැස් කළ ද සාන්ත ජෝසප් පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලකුණු රැස් කිරීම එතරම් පහසු වූයේ නැත. තරගය නතර කරන විට ශිවාන් පෙරේරා ලකුණු 24ක් ද, නිපුනක ෆොන්සේකා ලකුණු 19ක් ද නොදැවී ලබා සිටියද, ඒ වනවිට පීතර ඉනිමේ පන්දුවාර 41ක්ම ගෙවී ගොස් තිබූ නිසා ජෝසප් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් වැඩි වාසි ලැබෙන බව පෙනෙන්නට තිබුණි. අශේන් ඩැනියෙල් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ජෝසප් විද්‍යාලයේ ජයග්‍රහණයට පාර කීවේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


St. Joseph’s College
250/10 (49.3)

St. Peter’s College
175/5 (41)

Batsmen R B 4s 6s SR
Johanne De Zilva lbw b Tariq Saboor 6 9 1 0 66.67
Sheran Fonseka c Ruwin Senevirathne b Santhush Gunathilake 1 11 0 0 9.09
Shevon Daniel b Tariq Saboor 11 13 2 0 84.62
Dineth Jayakody run out (Ranmith Jayasena) 7 15 1 0 46.67
Dilesh Perera run out (Santhush Gunathilake) 4 10 0 0 40.00
Dunith Wellalage c Santhush Gunathilake b Ruwin Senevirathne 12 30 0 0 40.00
Sachintha Ravindu c Shannon Fernando b Santhush Gunathilake 74 104 6 0 71.15
Lakshan Gamage c Kanishka Maduwantha b Tariq Saboor 101 89 7 2 113.48
Ashen Daniel b Tariq Saboor 2 3 0 0 66.67
Shalinda Senevirathne c Shannon Fernando b Santhush Gunathilake 1 2 0 0 50.00
Ashan De Alwis not out 6 4 0 0 150.00


Extras 25 (b 6 , lb 2 , nb 2, w 15, pen 0)
Total 250/10 (49.3 Overs, RR: 5.05)
Bowling O M R W Econ
Tariq Saboor 10 0 42 4 4.20
Santhush Gunathilake 8.3 0 51 3 6.14
Shivan Perera 7 0 39 0 5.57
Ruwin Senevirathne 10 0 30 1 3.00
Ranmith Jayasena 5 0 30 0 6.00
Kanishka Maduwantha 7 0 40 0 5.71
Wanuja Sahan 2 0 10 0 5.00


Batsmen R B 4s 6s SR
Dinith Anjula c Shevon Daniel b Shalinda Senevirathne 32 75 3 0 42.67
Shannon Fernando c Ashen Daniel b Lakshan Gamage 20 18 4 0 111.11
Santhush Gunathilake c Johanne De Zilva b Ashen Daniel 52 72 2 0 72.22
Ranmith Jayasena st Sheran Fonseka b Ashen Daniel 19 30 0 0 63.33
Nipunaka Fonseka not out 19 29 0 0 65.52
Lashane Rodrigo c Shevon Daniel b Ashen Daniel 0 1 0 0 0.00
Shivan Perera not out 24 23 0 0 104.35


Extras 9 (b 2 , lb 0 , nb 0, w 2, pen 5)
Total 175/5 (41 Overs, RR: 4.27)
Bowling O M R W Econ
Lakshan Gamage 9 3 31 1 3.44
Ashan De Alwis 4 0 27 0 6.75
Ashen Daniel 8 0 26 3 3.25
Dunith Wellalage 5 0 24 0 4.80
Shevon Daniel 6 0 22 0 3.67
Shalinda Senevirathne 9 0 36 1 4.00