තර්ස්ටන් පරාජය කළ නාලන්දාව අවසන් පූර්ව වටයට

135

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය අද (23) සමත් විය.

තරණගේ පිත්තත්, අනුකගේ පන්දුවත් හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 67 වන රන් මහ සංග්‍රාමය අද…

නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර ඊයේ (22) ආරම්භ වූ අර්ධ අවසන් පූර්ව වටයේ මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 329ක් ලබා සිටිය හ. ඔවුන් දෙවැනි දිනයේ දී තවත් ලකුණු 21ක් එක් වෙද්දී ඉනිම අත්හිට වූහ. ඒ අනුව නාලන්දා ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 9ක් දැවී 350ක් විය.

නාලන්දා ඉනිම වෙනුවෙන් කඩුලු රකින දකුණත් පිතිකරු අවිශ්ක පෙරේරා, නායක වමත් පිතිකරු ලක්ෂිත රසාංජන සහ දකුණත් පිතිකරු චමිඳු විජේසිංහ අර්ධ ශතක රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. කඩුලු ලබා ගැනීමේ දී අයේෂ් හර්ෂණ ලකුණු 109කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතරව සඳරු ඩයස් සහ යොහාන් ලියනගේ කඩුලු දෙකක් බැගින් දවා ගත්හ.

Photos: Thurstan College vs Nalanda College | U19 Cricket Tournament 2018/19 | QF

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමේ දී ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 241කි. එම ඉනිමේ දී නිමේෂ් පෙරේරා අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. පන්දු යැවීමේ දී ලක්ෂිත රසාංජන කඩුලු 5ක් ලබා ගනිද්දී කවීෂ මධුරප්පෙරුම කඩුලු 4ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 109ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 35ක් ලබා සිටිය හ.

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසානයේ දී පන්දු වාර 93.5ක දී කඩුලු 7ක් දැවී 329) කඩුලු 9ක් දැවී 350 (101.5) අවිශ්ක පෙරේරා 84, දිල්හාර පොල්ගම්පොළ 26, චමිඳු විජේසිංහ 62, ලක්ෂිත රසාංජන 87, රවීන් ද සිල්වා 29, අයේෂ් හර්ෂණ 3/109, සඳරු ඩයස් 2/101, යොහාන් ලියනගේ 2/45

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (65) යොහාන් ලියනගේ 43, ජයවිහාන් මහවිතාන 35, රනේෂ් සිල්වා 33, නිමේෂ් පෙරේරා නොදැවී 53, කවීෂ මධුරප්පෙරුම 4/61, ලක්ෂිත රසාංජන 5/50

නාලන්දා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 35 (6)

මාලිංග ජාත්‍යන්තරයෙන් සමුගන්නා කාලය නිවේදනය කරයි

ලොව සිටින අත්දැකීම් බහුලතම විශිෂ්ට වේගපන්දු යවන්නෙක් සහ වත්මන් ශ්‍රී ලංකා එක්දින…

විනුජ රණසිංහ ලකුණු 48කට කඩුලු 6ක්

මේ අතර අද කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිමේ කඩුලු 6ක් ලකුණු 48කට දවා ගැනීමට වමතින් දඟපන්දු යවන විනුජ රණසිංහ සමත් විය.

ඒ අනුව ත්‍රිත්ව පළමු ඉනිම ලකුණු 151කට සීමා විය. තරගය පළමු දිනයට නතර කරන විට සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු  86ක් ලබා සිටිය හ.

ත්‍රිත්ව විද්‍යාලය; සියලුම දෙනා දැවී 165 (51.4) අභිෂේක් ආනන්දකුමාර් 40, ෂේන් ගුණතිලක 38, කවිශ්ක සේනාධීර 35, අෂේන් ලොකුකැටියට නොදැවී 25, විනුජ රණසිංහ 6/48

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට ) කඩුලු 3ක් දැවී 86 (36) නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 40, නිසිත අභිලාෂ් 29

මෙම තරගය හෙට (24) අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<