ශ්‍රී ලංකා කාන්තාවෝ දෙවැනි දිනයේත් බැට කති

94

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද (15) චීනයේ හුයිශෝ නුවර දී නිමා විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද දිනයේ දී චීනය, තායිලන්තය හා සිංගප්පූරුවට එරෙහිව තරග තුනක් ක්‍රීඩා කළ අතර එම තරග තුනෙන්ම පරාජය විය. 

ශ්‍රී ලංකාවට දෙවැනි දිනය අසුබයි!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි. එහි දී ලකුණු 40-00ක් වශයෙන් පහසු ජයක්…

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි.

අද දිනයේ දී (15) ක්‍රීඩා කළ තරගවලින්, 

  • චීනයට එරෙහිව ලකුණු 46 – 00ක් වශයෙන් ද,
  • තායිලන්තයට එරෙහිව ලකුණු 31 – 05ක් වශයෙන් ද,
  • සිංගප්පූරුවට එරෙහිව ලකුණු 10 – 05ක් වශයෙන් ද 

ශ්‍රී ලංකාව පරාජය විය.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි. නමුත් මේ දිනවල දී….

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු අදියර තුළ දී හොඳින් දස්කම් අතරට පැමිණි අතර දෙවැනි අදියර තුළ දී ඔවුන්ගේ ක්‍රීඩා විලාශයේ විශාල වෙනසක් දක්නට ලැබුණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<