Home Sinhala ඩු ප්ලෙසී සහ අම්ලා ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් කරයි

ඩු ප්ලෙසී සහ අම්ලා ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් කරයි

1760

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක දී ආතුර වී සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අද (28) ඩර්හැම් පිටියේ දී නිමා වූ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී ද පෙර ආතුර තත්ත්වයටම නැවත පත් වීම හේතුවෙන් කඩුලු 9ක ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීමට ද සිදු වූහ.

දකුණු අප්‍රිකානුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක්…

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 203, දකුණු අප්‍රිකානු පිතිකරුවෝ පසු කළේ කඩුල්ලක් පමණක් දැවී තවත් පන්දු 76ක් ඉතිරිව තිබිය දී ය.

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය වන මෙම තරගය වෙද්දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරග 7කට සහභාගී වී ඉන් තරග 5ක්ම පරාජය වී එක් තරගයක් විසඳුමකින් තොරව සහ ඇෆ්ගනිස්තානය සමඟ වූ තරගය පමණක් ජයග්‍රහණය කරමින් නන්නත්තාර වී සිටියහ. ඔවුන්ට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමිව තිබුණේ 9 වැනි ස්ථානයි. අද ලැබූ තරග ජයග්‍රහණයත් සමඟින් ඔවුන් එක් පියවරක් ඉදිරියට පිවිසෙමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පසු පසට ඇද දමන ලදි. ශ්‍රී ලංකාව තව දුරටත් 7 වැනි ස්ථානයේම ගිලී සිටී.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ අවාසනාව ආරම්භක කඩුල්ලේ ආරම්භක පන්දුවේ සිටම හඹා ආවේය.

ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු එකතු නොවීම දැවී ගියේ කගීසෝ රබාඩාගේ පන්දුවකට අන්දමන්ද වූ දිමුත් කරුණාරත්න, නායක ෆෆ් ඩු ප්ලෙසී වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. ඔහු මෙම තරගාවලියේ අසාර්ථක වූ දෙවැනි අවස්ථාව මෙයයි. 

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලට එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට වෙහෙසකර වැඩ කොටසක් කළහ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ඇති කරමින් ඉනිමේ ලකුණු 50ක් පන්දු 47ක දී වාර්තා කළහ. 

නමුත් ඉනිමේ 59 වැනි පන්දුවේ දී අවිශ්ක ප්‍රනාන්දුගේ නොහික්මුණ පහරක් එකී කඩුල්ලේ සබඳතාව ද බිඳ දැමුවේය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 67ක් එක් වී තිබූ අතර ඉන් ලකුණු 30ක් අවිශ්කගේ ගිණුමේ තැන්පත්ව තිබුණි. ඔහු පන්දු 29කට මුහුණ දී සිටි අතර හතරේ පහර 4ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය.

 >> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න << 

ඩ්වේන් ප්‍රිටෝරියස්ගේ පන්දුවක් පිත්තේ මෙන්ම පා ආවරණයේ ද වද්දා ගත් කුසල් ජනිත් පෙරේරාට කඩුල්ල ආරක්ෂා කර ගත නොහැකි වීම නිසා තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. ඒ වන විට ඔහු පන්දු 34කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියේය.  

මේ දැවී යෑම් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ඉබේම පහත වැටුණි. ඉනිමේ දෙවැනි ලකුණු 50 වාර්තා කිරීමට ඔවුන්ට පන්දු 80ක් වැය වූ අතර තෙවැනි ලකුණු 50 වාර්තා වූයේ තවත් පන්දු 104ක් ගිය තැනය.    

ඒ වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් (11), කුසල් මෙන්ඩිස් (23) සහ ධනංජය ද සිල්වා (24) ඉනිම් හැර ගොස් තිබුණි. ඔවුන් අද තරගයේ දී ලකුණු ලබා ගන්නවාට වඩා උත්සාහ කළේ තම කඩුලු ආරක්ෂා කර ගැනීමටය. එහෙත් ශ්‍රී ලංකා ඉනිමට කඩුලුත්, ලකුණුත් නොමැතිව එම කඩුලු ත්‍රිත්වය අහිමි වූයේ පන්දු 121ක් ද අහිමි කරමිනි. ඔවුන් තිදෙනාගෙන් ශ්‍රී ලංකා ඉනිමට එක් වූ ලකුණු සංඛ්‍යාව 58කි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමුවේ ඉන්දියාව හිතාමතාම පැරදෙයි ලු!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග, ඉන්දියාව…..

ඉන් අනතුරුව ජීවන් මෙන්ඩිස් ද පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා ගනිමින් තම ඉනිම හැර ගියේය. ඔහු තම ඉනිමට හතරේ සහ හයේ පහර බැගින් එල්ල කර තිබුණි. තිසර පෙරේරා අද වෙනදාට වඩා සංවරව තම ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත. ඔහු ද පන්දු 25කට අද ලබා ගත්තේ ලකුණු 21ක් පමණි. එහි එකම හෝ සීමා ලකුණක් නොමැත.

ඉසුරු උදාන ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්ත්වය නංවන මෙහෙයුමක නිරත වන බවක් පෙන්නුම් කළ ද, ඔහුට ද අද ලබා ගත හැකි ලකුණු 17ක් පමණි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 32කට මුහුණ දී සිටි අතර හතරේ පහරක් පමණක් ඉනිමට ඇතුළත් කරගෙන තිබුණි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 200 වාර්තා වූ අතර අවසන් ලකුණු 50 වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ එවර වැය කර තිබුණේ පන්දු 65ක් පමණි. අවසන් කඩුල්ල වෙනුවෙන් එක් වූ ලසිත් මාලිංග ලකුණු 4කට දැවී යද්දී ඉනිම අවසන් වෙද්දී සුරංග ලක්මාල් නොදැවී ලකුණු 5ක් ලබා සිටියේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ආතුර වූ ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ මහා ප්‍රාතිහාර්යයන් පෑමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් නොවීම ද කැපී පෙණුනි. ඔවුන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ඩ්වේන් ප්‍රිටෝරියස් ය. ඔහු ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව ක්‍රිස් මොරිස් ද ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඉනිම අවසන් අදියරේ දී කෘමි උවදුරකට ද දෙපිලේ ක්‍රීඩකයෝ මුහුණ දුන්න ද ඉන් කිසිවෙක්ටත් හානියක් සිදුව නොතිබුණි.

දකුණු අප්‍රිකාව හඹා යන ඉනිමේ දී පළමු කඩුල්ල ලකුණු 31ක් වෙද්දී දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. ඒ ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 15කට දවා ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ එක ම සැනසුම එය පමණක්ම විය.

ඉනිමේ දෙවැනි කඩුල්ලට හෂීම් අම්ලා සහ නායක ෆෆ් ඩූ ප්ලෙසී එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තඹේකට මායිම් නොකරමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩ නැගූහ. එසේ වෙද්දී නැවත වරක් ලකුණු 166 දී හෂීම් අම්ලා කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු සුන්දරම් රවී අනුමත කළෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත  උදම් වූහ. නමුත් එකී තීරණය නැවත අභියෝගයට ලක් කළ දකුණු අප්‍රිකානුවෝ එහි වාසිය තමන් සතු කර ගත්තේ අම්ලා පිටියෙන් ඉවත් වීමට මද දුරක් ද ගොස් තිබිය දී ය. 

මහේලට එංගලන්තෙන් පුහුණුකාර තනතුරක්?

එංගලන්ත ක්‍රිකට් පාලන අධිකාරියේ අනුමැතිය ඇතිව පළමු වතාවට පැවැත්වීමට නියමිත පන්දු 100…

එකී වාසිය ද අහිමි වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත නැවත වාසනාව කිසිදු අවස්ථාවක පැමිණියේ නැත. ප්ලෙසී සහ අම්ලා දෙදෙනා කිසිදු අපහසුවකින් තොරව පිතිකරණයේ යෙදෙමින් ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වන තෙක් රැගෙන ගියහ. නායක ෆෆ් ඩූ ප්ලෙසී පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා විය. 

හෂීම් අම්ලා රැස් කරන ලද නොදැවුණ ලකුණු සංඛ්‍යාව 80කි. පන්දු 105ක දී වාර්තා වූ එම ඉනිමේ හතරේ පහර 5ක් ඇතුළත්ව තිබුණි. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 175ක් එක් වුන අතර එය මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතා අතර සිව්වැනි තැන ගත්තේය.  

තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ශ්‍රී ලංකාව අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ පෙරමුණ ගත් ඩ්වේන් ප්‍රිටෝරියස් ය.

අද ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරද්දී සත්කාරක එංගලන්තය සමඟින් පැවති ජයග්‍රාහී තරගයෙන් අනතුරුව නැවත ආබාධිත තත්ත්වයට පත් වේගපන්දු යවන නුවන් ප්‍රදීප් වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබුණි. දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගයට සහභාගී වූයේ වෙනස්කම් දෙකක් සහිතව ය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
203/10 (49.3)

South Africa
206/1 (37.2)

Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Faf du Plessis b Kagiso Rabada 0 1 0 0 0.00
Kusal Perera b Dwaine Pretorius 30 34 4 0 88.24
Avishka Fernando c Faf du Plessis b Dwaine Pretorius 30 29 4 0 103.45
Kusal Mendis c Chris Morris b Dwaine Pretorius 23 51 2 0 45.10
Angelo Mathews b Chris Morris 11 29 1 0 37.93
Dhananjaya de Silva b JP Duminy 24 41 2 0 58.54
Jeevan Mendis c Dwaine Pretorius b Chris Morris 18 46 1 1 39.13
Thisara Perera c Kagiso Rabada b Andile Phehlukwayo 21 25 0 0 84.00
Isuru Udana c & b Kagiso Rabada 17 32 1 0 53.12
Suranga Lakmal not out 5 6 0 0 83.33
Lasith Malinga c Faf du Plessis b Chris Morris 4 2 1 0 200.00


Extras 20 (b 4 , lb 3 , nb 0, w 13, pen 0)
Total 203/10 (49.3 Overs, RR: 4.1)
Fall of Wickets 1-0 (0.1) Dimuth Karunaratne, 2-67 (9.5) Avishka Fernando, 3-72 (11.3) Kusal Perera, 4-100 (21.5) Angelo Mathews, 5-111 (27.1) Kusal Mendis, 6-135 (36.1) Dhananjaya de Silva, 7-163 (39.5) Jeevan Mendis, 8-184 (45.3) Thisara Perera, 9-197 (48.3) Isuru Udana, 10-203 (49.3) Lasith Malinga,

Bowling O M R W Econ
Kagiso Rabada 10 2 35 2 3.50
Chris Morris 9.3 0 46 3 4.95
Dwaine Pretorius 10 2 25 3 2.50
Andile Phehlukwayo 8 0 38 1 4.75
Imran Tahir 10 0 36 0 3.60
JP Duminy 2 0 15 1 7.50


Batsmen R B 4s 6s SR
Quinton de Kock b Lasith Malinga 15 16 3 0 93.75
Hashim Amla not out 80 105 5 0 76.19
Faf du Plessis not out 96 103 9 1 93.20


Extras 15 (b 0 , lb 1 , nb 0, w 14, pen 0)
Total 206/1 (37.2 Overs, RR: 5.52)
Fall of Wickets 1-31 (4.5) Quinton de Kock,

Bowling O M R W Econ
Lasith Malinga 10 1 47 1 4.70
Dhananjaya de Silva 4 0 18 0 4.50
Suranga Lakmal 6 0 47 0 7.83
Thisara Perera 5.2 1 28 0 5.38
Jeevan Mendis 7 0 36 0 5.14
Isuru Udana 5 0 29 0 5.80