Home Sinhala වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

84

මුල්පෙළ පිතිකරුවන්ගේ  ප්‍රහාරාත්මක පිතිකරණයත්, පන්දු යවන්නන්ගේ සාමූහික දක්ෂතාත් නිසා අද (27) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 134ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය. ඒ පිට පිටම T20 තරග 4ක් ජයගෙන සිටි ශ්‍රී ලංකා පිළේ ජය ගමන අවසන් කර දමමිනි.

ලොව අංක එකේ ක්‍රීඩකයින්ට දුන් අභියෝගය කැන්ගරුවන්ටත්?

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට එහි තණතීරු……

ශ්‍රී ලංකා පිළ සමඟ නැවත එක්වී නායකත්වය භාරගත් ලසිත් මාලිංග අද තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔහු තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. ඒ පසුගිය විස්සයි විස්ස තරග 4ක්ම මුලින් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිළ ජයගෙන තිබූ වටපිටාවකයි. අනෙක් අතට අද ඇඩිලේඩ් හිදී සූදානම් කර තිබූ පිතිකරුවන්ට උචිත තණතිල්ලත්, අඩුදුර හතරේ සීමාවත් දෑස ඉදිරියේ තිබියදී මාලිංග මෙම තීරණය ගත්තේ ඇයි දැයි දන්නේ ඔහුම පමණි.

ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් ලද අවස්ථාව හිස නමා පිළි ගත්තේ තමන් කාසියේ වාසිය ජය ගත්තානම් නිසැකවම මුලින් පන්දුවට පහර දෙන බව පවසමිනි. ඒ අනුව ඕස්ට්‍රේලියානු පිළ මුල සිටම සුපිරි ප්‍රහාරයක් එල්ල කරන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්ත අසරණ කර දමමිනි. එහි සාර්ථකත්වයට පසුගිය තරගාවලියේ දස්කම් දැක්වූ කසුන් රාජිත සහ නුවන් ප්‍රදීප් තණතිලි වල සිදුවී ඇති වෙනස්කම් වටහා නොගනිමින් කෙටි පන්දු සහ ෆුල් ටොස් පන්දු යැවීමද රුකුලක් විය.

Photos: Sri Lanka Vs Australia – 1st T20I

නායක මාලිංගගෙන් අද හොඳ වේගයක්, නිවැරදි ඉලක්කයක් හෝ වැඩි තර්ජනයක් දැකගත නොහැකි වූ අතර තම පන්දුවාර 4දී ලකුණු 37ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ කිසිදු කඩුල්ලක් දවා නොගෙනයි. පාකිස්තානුවන්ට එරෙහිව පැවති T20 තරගාවලියේ වීරයා සම්මානයද දිනාගත් වනිඳු හසරංග අද පන්දුවාර 3ක් පමණක් ක්‍රියාත්මක කරමින් කඩුලු රහිතව ලකුණු 41ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේය.

එම තරගාවලියේ දීම පන්දුවාරයකට අඩුම ලකුණු ගණනක් ලබාදුන් කසුන් රාජිතට අද ඕස්ට්‍රේලියානු පිළෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර මුල් පන්දුවාර 3ට ලකුණු 57ක් ලබාදී තිබූ ඔහුට සිව්වැනි පන්දුවාරයත් ලබා දීමට මාලිංග තීරණය කිරීමෙන් ඔහු විස්සයි විස්ස තරගයක වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාදුන් පන්දු යවන්නා ලෙස අවමන් සහගත වාර්තාවකට ද හිමිකම් කීවේය. ඒ ලකුණු 75ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරග කාලසටහන නිකුත් වෙයි

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක්…

අද තම 33 වැනි ජන්ම දිනය සමරන ඩේවිඩ් වෝනර් මෙම දියාරු පන්දු යැවීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් පිතිකරු ලෙස පන්දු 56කදී ශතකයක් ලබා ගත්තේය. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ලොව පුරා ලීග් තරගාවලි වලදී වෝනර් දස්කම් දක්වා තිබුනද මෙය ඔහු ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් විස්සයි විස්ස තරගයකදී ලබාගත් මංගල ශතකයයි. මීට අමතරව හිතේ හැටියට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර දුන් ඒරෝන් ෆින්ච් ලකුණු 64ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 62ක් ද ලබා ගත්හ.

ඉනිම පුරාවට ඩේවිඩ් වෝනර් ශතක සබඳතා දෙකකට දායකත්වය දැක්වූ අතර නායක ෆින්ච් සමඟ ලකුණු 122ක ආරම්භ කඩුල්ලේ සබඳතාවයක් සහ ග්ලේන් මැක්ස්වෙල් සමඟ ලකුණු 107ක දෙවැනි කඩුල්ලේ නොබිඳුනු සබඳතාවයක් ඒ අතර විය. මෙවන් දැඩි ප්‍රහාරයක් හමුවේ වුවද ශ්‍රී ලංකා නායකත්වය ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක වැනි පන්දු යවන්නන් අත්හදා නොබැලූ අතර අවසන් පන්දුවාරයේ දී එම අවස්ථාව ලැබූ දසුන් ශානක ග්ලේන් මැක්ස්වෙල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

පුහුණු තරගයෙන් කැන්ගරුවන්ට එක් කඩුල්ලක තියුණු ජයක්!

අවසන් පන්දුව දක්වා ඇදී ගිය තියුණු තරගයකින් අනතුරුව සංචාරක ශ්‍රී ලංකා පිළ පරදවා එක් කඩුල්ලක තියුණු ජයක්…..

ඒ අනුව පොතේ ඇති පහරවල් වෙනුවට හිතේ හැටියට පහරවල් නිර්මාණය කරමින් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ඉනිමේ නිමාව සනිටුහන් වනවිට ලකුණු පුවරුව දැක්වුනේ 233ට කඩුලු 2ක් වශයෙනි. මෙම දැවැන්ත අභියෝගය හඹා යාමට ශ්‍රී ලංකා පිළ ධනුෂ්ක ගුණතිලක සමඟ ආබාධයෙන් සුවය ලබා කණ්ඩායම හා එක්වූ කුසල් මෙන්ඩිස් යොදාගත් අතර ඔහු අද කිසිදු ලකුණක් රැස් කළේ නැත.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් කිසිවෙකුත් අද ඕස්ට්‍රේලියානුවන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ සාර්ථක නොවූ බව පෙනෙන්නට තිබූ අතර ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ යන තීරණාත්මක කඩුලු 2ම පිට පිටම දවා ගැනීමට පැට් කමින්ස්ට හැකිවිය. මැදපෙළ පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු සහ දසුන් ශානක යම් ඇරඹුමක් ලබා ගත්තද එය ලකුණු 234ක ඉලක්කයක් හඹා යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

ජාත්‍යන්තර වරම් දිනා නොගත් ශ්‍රී ලාංකිකයෙක්ටත් T10 වරම්!

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන කෙවින් කොත්තිගොඩ ලබන මස අබුඩාබි හිදී…..

මේ නිසාවෙන් ශ්‍රී ලංකා ඉනිම අද නිමාව දුටුවේ ලකුණු 99කටයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු පිළ විස්සයි විස්ස තගයකදී ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙස ලකුණු 134ක ජයක් ඔවුන්ට හිමිවිය. පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා කඩුලු 3ක් දවා ගනිද්දී, මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බියකරු සිහිනයක් බඳුවූ ඩේවිඩ් වෝනර්ටයි. දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය 30 වැනිදා බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

Result


Sri Lanka
99/9 (20)

Australia
233/2 (20)

Batsmen R B 4s 6s SR
Aaron Finch c Kusal Mendis b Lakshan Sandakan 64 36 8 3 177.78
David Warner not out 100 56 10 4 178.57
Glenn Maxwell c Kusal Perera b Dasun Shanaka 62 28 7 3 221.43
Ashton Turner not out 1 1 0 0 100.00


Extras 6 (b 0 , lb 0 , nb 1, w 5, pen 0)
Total 233/2 (20 Overs, RR: 11.65)
Fall of Wickets 1-122 (10.5) Aaron Finch, 2-229 (19.3) Glenn Maxwell,

Bowling O M R W Econ
Lasith Malinga 4 0 37 0 9.25
Kasun Rajitha 4 0 75 0 18.75
Nuwan Pradeep 4 0 28 0 7.00
Lakshan Sandakan 4 0 41 1 10.25
Wanindu Hasaranga 3 0 42 0 14.00
Dasun Shanaka 1 0 10 1 10.00


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c David Warner b Pat Cummins 11 13 2 0 84.62
Kusal Mendis c Ashton Turner b Mitchell Starc 0 3 0 0 0.00
Bhanuka Rajapakse b Pat Cummins 2 6 0 0 33.33
Kusal Perera b Mitchell Starc 16 16 1 0 100.00
Oshada Fernando b Ashton Agar 13 21 1 0 61.90
Dasun Shanaka c Kane Richardson b Adam Zampa 17 18 1 1 94.44
Wanindu Hasaranga run out (Glenn Maxwell) 5 10 0 0 50.00
Lakshan Sandakan c Ashton Agar b Adam Zampa 6 7 1 0 85.71
Lasith Malinga not out 13 19 1 0 68.42
Kasun Rajitha st  Alex Carey b Adam Zampa 0 2 0 0 0.00
Nuwan Pradeep not out 8 6 1 0 133.33


Extras 8 (b 0 , lb 6 , nb 1, w 1, pen 0)
Total 99/9 (20 Overs, RR: 4.95)
Fall of Wickets 1-0 (0.5) Kusal Mendis, 2-13 (3.3) Danushka Gunathilaka, 3-13 (3.4) Bhanuka Rajapakse, 4-46 (9.2) Oshada Fernando, 5-50 (10.3) Kusal Perera, 6-71 (13.6) Wanindu Hasaranga, 7-71 (14.2) Dasun Shanaka, 8-82 (16.3) Lakshan Sandakan, 9-83 (16.6) Kasun Rajitha,

Bowling O M R W Econ
Mitchell Starc 4 0 18 2 4.50
Kane Richardson 4 0 21 0 5.25
Pat Cummins 4 0 27 2 6.75
Adam Zampa 4 0 14 3 3.50
Ashton Agar 4 0 13 1 3.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<